ZOOM ලින්කුව🙄😂

1.4K 228 201
                                    

මේ කතාව තුළින් මෙහි කිසිදු චරිතයකට හෝ සිද්ධීයකට අපහාස කිරීමක් සිදු නොකරන බව කරුණාවෙන් සලකන්න. අපහාසයට නොව උපහාසයට පමණි.

_______________________

සියුස් උතුමාණෝ බරටම වැඩක්.

Hera : "කෝ මේ සියුස්කාරයා!!! ලින්ක් එක එවන්නැද්ද මනුස්සයෝ! දැන් විනාඩි පහළවක් මේ ග්රූප් කට්ට ඇතුලේ තැම්බෙනවා "

Ares : " නාකි රැවුලා, මට වැඩ තියෙනවා. ලින්ක් එක එවන්න බැයිනම් මේක කල් දාමුදේ? අනේ මෙහෙමත් තාත්තෙක්නේ මට ඉන්නේ..."

සියුස්ට ෆ්ලවර් පැනලා ඉන්න මේ උත්තම මොහොතේ ඒක දෙගුණ කරන්නම ඉපදිලා ඉන්න අම්මයි පුතයි ගැන එයාට කියාගන්න බැරි තරම් සතුටක් තිබුණේ.

"සැක්! මෙහෙමත් පුත්තු. හිටපල්ලකෝ මං ගුරුප පැත්තේ එනකං. අකුණක් එවන්නේ අකුණක්! " සියුස් තනියෙන් කෑගැහුවේ තමන්ගේ අලුත්ම Samsung Galaxy S21 Ultra ෆෝන් එකට දිගට හරහට කොටන ගමන්මය.

අද තියෙන දක්ෂිණායනේ zoom මීටීමට ලින්කුව හදාගන්ට බැරුව දැන් පැය බාගයක් තිස්සේ සියුස් මේ ෆෝන් කබලට සාප කරනවා.

ඒ අස්සේ අනිත් දෙවිවරු සැට් එක සියුස්ට සාප කරන ගමන්.

ඒ නසරාණියෝ ටික දාන මැසේජ් ටිකත් බල බලම සියුස් තාමත් වැඩ. අන්තිමට, ලින්කුවක් සාදාගැනීමට තරම් තමාගේ අවුරුදු දහස් ගාණක් පරණ නාකි මොළේ පරිණත නොවන බව තේරුම් ගත්තු අකුණු දෙයියා තමන්ගේ නම්බුව ඩෝග්ස්ලට ලෙෆ්ට් කරලා තමන්ගේ සෙකටරිට කතා කරන්ට තීරණේ කොළේ තවත් වෙලා ගියොත් තමන්ගේ නම්බුව කියන බම්බුව නැත්තටම නැතිවෙලා යනවට වඩා අඩුම තරමේ ඩෝග් කෙනෙක් ගාවවත් තියෙන එක නම්බුකාරයි කියලා හිතපු නිසා.

" මේ, සෙකටරි කෙල්ලේ..." සියුස් කෑගැහුවේ තමන් දේව රජා කියන එකත් අමතක කරලා.

"ඔව් සර්, මොකක්ද වෙන්න ඕනේ?" සෙකටරි කෙල්ල වේගෙන් දුවගෙන ආවේ සියුස්ගේ කෑගැහිල්ලට බයවෙලා.

" මේ කෙල්ලේ, ඔයැයි විස්සවිජ්ජාලෙන් තාක්ෂණික උපාධියක් ගත්තයි කිව්වා නෙවද? එහෙනම් මේ zoom ලින්කුව හදලා අපේ ගුරූප් එකට යවනවද?" සියුස් ඇහුවේ එයා පෙරේදා අලුතෙන් ගත්ත ෆෝන් එක අර කෙල්ල දිහාට දිගු කරන ගමන්.

ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎Where stories live. Discover now