අලුත් නවාතැන 🐺

777 248 111
                                    

තමන්ගෙ කරේ එල්ලෙමින් තිබෙන මූන් ලයිටින්ග් රින්ග් එක නොපෙනෙන විදිහට ඇදුමෙන් කවර් කර ගත්තු යුන්මි තමන් නොදන්න මේ අලුත් පරිසරේ දිහා බලන් හිටියෙ ලොකු උනන්දුවකින්.. මේ තැන තමන්ගෙම වර්ගයේ අය හමුවෙන තැන උනත් තමන්ගෙ සහෝදරිය ළඟ තිබෙන ඒ සැනසීම ඒ සැහැල්ලු හිත සනසන ගතිය එයා එක්කම තමන්ගෙන් දුර ගිහින් කියලයි යුන්මිට නම් හිතුණෙ..

වෙන කලහැක්ක්කක් නොමැති තැන හුස්මක් පහල හෙලා තම හිත සනස ගන්නට උත්සාහ කල යුන්මි හෙමි හෙමින් යන්න උනේ Moon valley පැක් එක ඇතුලට.. ඇල්ෆා නම්ජුන්ව හමු වෙන්න යුන්මිට මේ මොහොතෙ ඕනෑ වෙලා තිබුණත් ඔහු මොන වගේ පුද්ගලයෙක් දැයි යුන්මි නොදැන උන්නා.. අඩුම තරමේ ඇල්ෆා නම්ජුන්ගේ පෙනුමවත් නොදැන මේ පැක් එක ඇතුලේ ඇල්ෆාව හොයා ගැනීමට තමන්ට පුලුවන් වේ යැයි ඔමේගාවට නම් තිබ්බේම ලොකු සැකයක්..

'මට ඇල්ෆගෙ ෆොටො එකක්වත් ඉල්ල ගන්න තිබුණා..'

පැය බාගයක් පුරාවට පැක් එක තුල එහෙට මෙහෙට ගියත් ඇල්ෆා නම්ජුන්ව හොයා ගත නොහැකිව යුන්මි තමන් ගැනම තමන්ගෙ මේ අතපසුවීම ගැන තරහින් හිතන්නට උනා.. පැය බාගයක් පුරාවට එහෙට මෙහෙට ගියත් තමන් ඉදිරියට හමු වන කිසිවෙක්ගෙන් ඇල්ෆ නම්ජුන් ඉන්නා තැනක් ඇසීමට යුන්මි පැකිළුණා..

අපොයි මේ මෝඩ ඔමේගාව...!!

පැය බාගයක් නොව දවසක් පුරා පැක් එක තුළ එහෙට මෙහෙට ගියත් මේ විදිහෙන් යුන්මිට නම් ඇල්ෆා නම්ජුන්ව හමු නොවන බව නම් නියතය...

.
.

ලෙක්චර් ඉවර වෙලා හවස බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වලටත් හිටපු ඇල්ෆා කිම්, ජන්කුක් එක්කම පැක් එකට ආවෙ නම් යන්න එන්නවත් පණක් නැති කෙනෙක් වගේ.. මහන්සියත් එක්කම කොහි හෝ ඇදකට වැටී නිදා ගන්න හිතමින් ඇල්ෆා ජොන්ගේ කරේ එල්ලී ආ ටේහ්යොන්ග් ඈත තියාම තමන්ගෙ පැත්තට එන යුන්මිව දැක්කෙ අහම්බෙන් වගේ..

"යා.. ජන්කුකා.. අර කෙල්ල... යුන්මි..."

ටේහ්යොන්ග් පුදුමෙන් යුන්මි දිහා බලන් හිටියත් ජන්කුක්ට නම් යුන්මි කියල කෙනෙක් ගැන මතකයක් තිබුණේම නැහැ.. ජීවිතේ පලවෙනි වතාවට ඒ නම ඇසූවකු මෙන් ඇස් දෙකත් ලොකු කරන් ඇල්ෆා ජොන් ටේහ්යොන්ග් දිහා බැලුවෙ ඒ නිසාම වෙන්න ඇති...

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now