මුද්ද 🐺

1.1K 319 57
                                    

මින්සුට අතීතය කියන්නෙ විටින් විට පෑරෙන සුව කරන්න බැරි තුවාලයක්..

යන්තමින් හෝ සුවීගෙන එනකොට ආයෙ ආයෙම පෑරෙනව නම් ඒ තුවාල කෙසේ නම් සුව වෙන්නද...?

සුව උනත් ඒ තුවාල කැලැල් සදාකල් පවතිනවා නම්.... කල යුත්තේ ඒ දේවල් විඳ දරා ගැනීම නොවේද..?

මින්සු හැම දෙයක්ම තනිවම උහුලන්න හිතා ගත්තෙ ඒ නිසාම වෙන්න ඇති... අමතක කරන්න මොන තරම් උත්සාහ කලත් පොඩි හෝ සිදුවීමක් නිසා ආයෙම ඒ ගඳ ගහන අතීතය මින්සු ඉදිරියේ දිගහැරුණා.. අදත් උනෙ ඒ වගේ දෙයක්.. යුන්මිගෙ ඒ වචන මින්සුගෙ සුවවෙමින් තිබුණු ඒ තුවාලය ආයෙම පාරන්න උනා... තමන්ගෙ කටුක අවාසනාවන්ත ඉරණම ගැන මොන තරම් තේරුම් ගත්තත්.. තමන්ගෙ ඒ වේදනාත්මක සත්‍යට මුහුණ දෙන්න හිත ශක්තිමත් කර ගත්තත්... සමාජයෙන් දික් වෙන ඇඟිලි නවත්තන්න මින්සුට නොහැකියි..

ඒ හැරත් තමාට ඇඟිල්ල දික් කරන තමන්ව පිළිකුල් කරන කෙනා තමන්ගෙම කෙනෙක් නම්...

ඒ වේදනාව..

දරා ගත හැකිද..?

නොහැකියි.. එහෙත් මින්සු  දරා ගත යුතුයි..

මන් ද යත්... මින්සුගෙ ඒ අවාසනාවන්ත විඳවන ජීවිතේට වැරදිකරු ඇයම පමණක් නිසා...

අවුරුදු පහකට කලින් තමන් යුන්මිට, ග්‍රැනීට ඒ තරම් වෛර නොකලා නම්.. ඒ තරම් හිතුවක්කාර නොවුනා නම් තවමත් ඔවුන් පවුලක් විදිහට ඉන්නට තිබුණා.. එසේ උනා නම් යුන්මි මේ ලෙස තමන්ගෙ ඉරණම් ගමන නොඑන්නත් තිබුණා..

ඔව්... යුන්මි ආවෙ තමන්ගෙ ඉරණම් ගමන... හොද හෝ නරක වේවා යුන්මි දැන් ඇවිත්.. අවුරුදු විසි තුනක් පුරාවට ග්‍රැනී රැක ගත් මහන්සිය අපතේ යන්න ගත වෙලා තිබුණෙ පැය කිහිපයක් විතරයි... අවුරුදු විසි තුනකට පසු යුන්මි ආයෙම මරු කටට ඇවිත්... එයට වරදකරු තමන්ද..?  අවුරුදු පහක් පුරාවට තමන් රැක ගත් ඒ රහස යුන්මිට දැන් හෙලි කළ යුතු ද..? ඒ දේවල් යුන්මි කෙසේ නම් දරා ගනීවිද...? මේ තරම් කාලයක් හැම දෙයක්ම වසන් කිරීමෙන් තමාත් ග්‍රැනීත් කලෙ වැරැද්දක් ද..?

දොරට පිටු පා හිඳ ගෙන මින්සු කල්පනා කලේ ඒ දේවල්.. එක් අතකින් යුන්මිගෙ වචන පිහිතුඩු මෙන් ඒ හිත පාරද්දි අනෙක් අතින් තමන්ටත් නොතේරෙන බයක් ඒ හිත වෙලා ගෙන් තිබුණා..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now