අමිහිරි මතක 🐺

835 249 43
                                    

මිනිත්තු කිහිපයක්ම ජන්කුක් සෝෆා එකට වෙලා හිටියා.. තමන්ගෙ කකුල් වලට ඇවිද ගන්න තරම් වත් පණක් නෑ කියලයි ජන්කුක්ට නම් හිතුණෙ.. ඇල්ෆා ජින් කියූ මේ දේවල් තමන් විශ්වාස කරනවද නැද්ද යන්න තවමත් ජන්කුක්ගෙ හිතට පුදුමයක්.. ඒත් ජින්ගෙ ඒ ඇස් වල තිබුණු කදුළු වගේම ඒ කටහඬේ තිබුණු වේදනාවත් අදුර ගන්න බැරි තරමට ජන්කුක් මෝඩයෙක් නෙවෙයි..

ඒත් මේ දේවල් කොහොම නම් විශ්වාස කරන්න ද..?

කොහොම නම් පිලි ගන්නද...?

මේ හැම දෙයක්ම හීනයක් කියල අමතක කරන්න තිබුණා නම් මොන තරම් හොද දැයි ජන්කුක්ගෙ හිත කියන්න උනා.. ඒත් අවාසනාවකට ඒ විදිහට හිතා හෝ තම හිත නිදහස් කර ගන්න ඇල්ෆා ජොන්ට නම් පොඩිම හෝ අවස්ථාවක් නැහැ...

'මට මීට කලින් මේ ගැන දැනගෙන ඉන්න තිබුණා.. ජීයුන් ඔම්මත්.. shadow ඔමේගා ජීයුන් කියන්නෙත් එක්කෙනෙක් ද කියල මට හොයන්න තිබුණා.. මම මේ තරම් නොසැලකිලිමත් ද...? මේ තරම් මෝඩ ද..?'

ජන්කුක්ගෙ හිත ඔහුටම දොස් කියන්න ගන්නට උනා... මීට පෙර යම් යම් අවස්ථාවල Shadow ඔමේගා ජීයුන් ගැන තමන් යම් යම් දේ අසා තිබුණත් ඒ තමා කුඩා කල බලා ගත් ජීයුන් ඔම්මා බව ජන්කුක් කවරදාවත් අසා තිබුණේ නැහැ.. ඒ හැරත් ඒ කාලයේ කුඩා දරුවෙකු උණු ඇල්ෆාට ඔමේගා ජීයුන්ව මතකයේ නොතිබීම පුදුමෙට කරුණක් නොවේ..

එහෙත්..

අපරික්ෂාකාරී වීම නම් පැක් ඇල්ෆාවෙකුට ඒ තරම් හොද දෙයක් නම් නොවේ....!!

ජන්කුක් තමන්ගෙ උපත ගැන තමා ඇසූ දේවල් ටිකෙන් ටික මත්කෙට ගන්නට ඇල්ෆා ලොකු උත්සාහයක් ගත්තෙ මේ අතරවාරෙදියි...

අවුරුදු සියයකට පමණ පසු Moon valleyහි සිදු උණු දුර්ලභම උපත උණු pure blood alpha ජොන් ජන්කුක්ගෙ උපතේදී අවාසනාවන්ත ලෙස ඇල්ෆා ජොන්ගේ මව මිය යන්නෙ අනෙක් සියලුම pure blood alpha දරු උපතකදීම මව් ඇල්ෆාට අත් විදින්නට සිදුවණ ඒ පොදු ඉරණම උරුම කර ගනිමින්.. මවකගෙ උණුහුම එකම මොහොතක් හෝ අත් විදින්නට අවථාවක් නොලැබුණු ජන්කුක් හට ඒ ආදරය ඒ උණුහුම ලබා දුන්නේ ජීයුන් ඔම්මා බව ඔහු අසා තිබුණේ ඇල්ෆා කුඩා කාලයේදීමයි.. නමක් විතරක් දන්නා එහෙත් රූපෙක ජායාවක් හෝ මතකයේ නැති ජීයුන් ඔම්මා මේ තරම් ආදරයක් කල බවත් තමන් වෙනුවෙන් මේ තරම් කැප කිරීම් කළ බවත් ජන්කුක් හරියටම දැන ගත්තෙ අදයි..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now