Chapter : 12🖤✨️

Start from the beginning
                                    

"ස්.....ආව්....... හාජින් ඕක හිමින් තවන්න ළමයෝ.... "

මින්හෝ එදා සිද්ධිය කියන්න කට අරිනවත් එක්ක කලබල වුණ හාජින් හරස් වුණේ නැන්දගේ කකුල අත තද කරලා තවලා.....

"හා හරි මට සමාවෙන්න අත ටිකක් තද   වුණා... "

කෙල්ල පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ එදා සිද්ධිය නැන්දා දැනගන්නවට.... කෙල්ලගේ කැළඹුණු ඇස් වලින් ඒක හොදට පෙනුණා......

"මින්හෝ මොකක්ද ඔයා අර ඉස්සල්ලා කියන්න ගියේ.....??
හාජින්ගේ මොකක්ද ?
එදා වගේ කියන්නෙ මොකක්ද..... 🤨?"

නැන්දා ආයෙත් ප්‍රශ්නාර්ථ විදිහට මූණ හදාගෙන මින්හෝගෙන් ඇහුවේ මින්හෝ කලින් කියන්න ගිය දේ ගැන නැන්දගේ හිතේ කුතුහලයක් තිබුණ නිසා.......

"නෑ එදා අර අමුතු මිනිස්සු......."

කොල්ලා ආයෙ කට අරිද්දිම කියන්න ගිය වචන ටික ගිලගන්න වුණේ ආයෙමත් හාජින් හරස් වුණ නිසා.....

"‍යාහ් මින්හෝ ඔයාට පුළුවන්ද මේ බෙහෙත් එක හදන්න.. චීපණ් කොළ දෙකක් හොයන්  එන්න....."

කෙල්ල කිව්වේ බෙහෙත් කොළ වගයක් උණු වතුර එකට දාන ගමන්......

"චීපණ්....?චී.. චීපණ්.... කියන්නෙ මොනවද ?"

චීපණ් කොළ කියන්නෙ මොනවද තියා මීට කලින් ඒ නමවත් අහලා නොතිබුණ කොල්ලා, කට අමුතු විදිහට හදාගෙන හාජින් දිහාවට ඇස් හැරෙව්වා.....

"දම්පාට මලක් තියන කොළ පාට පුoචි තණකොළ පදුරක්... එයින් කොළ දෙකතුනක් කඩන් එන්න පුළුවන්ද ......"

"හා....හරි  ඔහොම ඉන්න මන් ඉක්මනට හොයාගෙන එන්නම්..."

කියලා මින්හෝ ලන්තෑරුමත් අතට අරන් කාමරෙන් යන්න ගියා...

"හාජින්...... මොකක්ද ඒ කළේ ආහ්....."

නැන්දා ඇහුවේ මූණ අමුතු කරගෙන හාජින් දිහාවට ඇස් හරවලා......

"මොකක්ද ? මන් මොකුත් කළේ නෑනේ...."

" හහ්......මොකුත් කළේ නෑ......
මොකටද   අහ් මේ මහ රෑ මින්හෝට චීපණ් කොළ හොයන් එන්න කිව්වේ....
ඒ කොළ ඔයාලගේ වත්තෙ නෑනේ...

මොකටද අර ළමයව බොරු කියලා යැව්වෙ ආහ්....."

නැන්දා හාජින් දිහා බලාගෙන කිව්වත් කෙල්ල ගාණක් නැතුව කකුල බෙහෙත් ගෑවේ හරියට
එයාට කිසි දෙයක් ඇහුණේ නෑ වගේ...

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now