12 කොටස

471 135 11
                                    

"වැන්දඹු ගම..."

ආහ් ගමක්... පොඩ්ඩක් ඉන්න මොකක්!!!!!!!!!!🙂😳

"මොකක්..."

"ඔව්.."

"මොකද කරන්නේ අපි... ඒකේ ඇතුලට පිරිමි අයට යන්න පුලුවන් ද.."

"අපි ගිහිල්ලම බලමු.." මට තව වචනයක්වත් කියන්න නොදී ටේහියුන් නැගිටලා ගමේ ද්වාරය ගාවට ගියා.. මාත් ගිහින් එයාට පොඩ්ඩක් පිටිපස්සෙන් හිටගත්තා .. විහින් ඇදගෙන නාන්න ඕනේ නෑ නේ ප්‍රශ්න .. එයාට පොලු පාරක් දුන්නොත් හැරෙන වංගුවෙන් මං දුවනවා.....🙈🙈

ගමේ ඇතුළට යද්දීම ,

"ඔහොම නවතිනවලා.." හරිනේ... අඩිය තියන්නත් කලින් ඉල්ලන් කන්න යන්නේ.....😬

"ආ මේ මිස්ටර්.. වන් මිනිට් දෙන්න අපි ගියා ආවා.." හපොයි 🤦 මේ ටේහියුන් නම් .. අර මනුස්සයා ඔරෝගෙන අපි දිහා බලන් ඉන්නවා..මොනවා නැතත් මට එකක් නම් සුවර්.. ඒ මනුස්සයට ටේහියුන් ගේ පොශ් භාෂාව නම් තේරුනේ නෑ 🤣🤣

"මේ ගමට වැන්දඹු ස්ත්‍රීන් හා අවිවාහක ස්ත්‍රීන් සිටින්නේ.. නුඹලා කොහෙද මෙහි.. අනික මා නුඹලා කොහෙදිවත් දැක නොමැත.."

හම්මට නියම ජෝසන් කාලේ වගේ අන්කල් කතා කරන්නේ..ටේ මොනා හරි කියන්න කලින් මම කතා කරන්න ගත්තා ..

"දොරටු පාලක දේවයිනි අපට සමාවන සේක්වා හොදේ .. අපි අල්ලපු ගමේ ඈයෝ නෙව..." 😁😁

"මොනාද ඔය කරන්නේ.." ටේ රහසින් මට කුටු කුටු ගානවා..

"ආ එසේද... නුඹගේ වැදගත්කම නිසා මා සමාව දෙනවා.. නුඹගේ මිතුරාට කියනු ඇගිල්ල තරමට ඉදිමෙන්න කියා.." දොරටු පාලක අන්කල් අයි මීන් මේ ගමේ ගොපලු යකා ටේට බනිද්දී මං හිනාව නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන් .. ටේගේ මූණ බලන්න වටින්නේ හොදටම කේන්ති ගිහින් වෘක හාමුට..🤣🤦

"එහෙනම් අපි යනවා...පරිස්සමෙන් සිටිනු උන්නැහේ.." පරණ තාලෙට කතා කරන එකත් ජොලි වැඩේ.. ඒත් මේකේ ඇතුලට යන්නේ කොහොමද ..

"ආව්.. ඕයි ඇදගෙන යන්න එපා.." මේ මිනිහගේ වැඩේ මාව ඇදගෙනම යන එක.. ඇත්තටම අනිත් දවසේ කකුල් දෙකෙන් ඇදන් යන්න කියන්න ඕනේ.. නැත්තම් අත් විතරක් දිග් වෙලා කකුල් කොට වුනොත්......😒😒

𝚆𝙾𝙻𝙵 𝙱𝙻𝙾𝙾𝙳 𝙰𝙲𝙰𝙳𝙴𝙼𝚈 || ɢ ×ʙ sᵗᵒʳʸ ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now