4 කොටස

652 158 45
                                    

මං ඇහැරිලා බලද්දී මං ඉන්නේ Medical Unit එකේ ඇකඩමියේ.. හිමීට ඇදෙන් නැගිටිද්දී ජින් ඔප්පා මගෙ එහා පැත්තේ ඉන්නවා පුටුවක..

"ආහ් වෘක පැටියෝ.. කොහොමද දැන්."

"මට මොකද උනේ ජින් ඔප්පා.."

මං ඇහුවම ජින් ඔප්පා අමුතු විදිහට හැසිරෙන්න ගත්තා..ආහ් ජිමින් එහාපැත්තේ පුටුවක ඉන්නවා අපි දෙන්නා දිහා බලන්..

"ඔප්පා කියන්න මං ඔයාගේ එක්කෙනා නෙමෙ නේ ජෙමින්.. අනික අනික මං අර..."

"එයා දන්නවා මං කෙල්ලෙක් කියලා ඔප්පා.."

මං ඔහේ කියලා දැම්මා.. නැත්තම් මෙතන කියයි එයා straight කියලා.. අනේ මන්දා මේ ඇකඩමිය නම් මගේ කරුමෙටම කඩාපාත් වෙච්ච එකක්..

"ජිමින් ඔයා දන්නවාද අපේ  වෘක පැටියා කෙල්ලෙක් කියලා."

"ඔව් ජින් හියුන්ග් මං දන්නේ ඊයේ ඉදන්."

ජිමින් හිනා වෙලා කිව්වම ජින් ඇති යන්තම් කියන්න බැල්මක් දැම්මා..

"ඔයා මෙයාව බලාගන්න හරි ද ජිමින්. පොඩ්ඩ නැත්තම් මෙයාට පුෂ්ප පනිනවා.." 

"යා මට කියන්න මට මොකො උනේ කියලා.." මං කේන්තියෙන් අහද්දී ජින් ඔප්පා ආයේ බැරෑරුම් විදිහට මූණ හදාගත්තා..

"මේකයි ටේහියුන් ඔයාගේ ඇගට කඩාගෙන පනින්න යද්දීම ඔයාට සිහි නැති උනා.."

"ඒ කොහොමද එකපාරටම.."

"ඒක තමා අපිත් බැලුවේ ජෙමින්.."

අපි තුන්දෙනා හතර අතේ කල්පනා කලාට හේතුවක් නම් හම්බුනේ නැහැ..

"නටාලි කියන නමට වඩා මන් ආස ජෙමින් කියන නමට ඔයාට.."

ජින් හියුන්ග් අත් දෙකත් බැදගෙන හිනා වෙවී කිව්වා..

"ඒක නෙමෙ ඔයාලා දෙන්නා තරගෙට අනිවාර්යයෙන්ම සහභාගි වෙන්න ඕනේ හොදද.."

"නම්ජූන් කුමාරයා.." ජිමින් නැමිලා නම්ජූන් ආචාර කලා.. මාත් ඉතින් පොඩ්ඩක් ඔලුව නැමුවා..

"කොහොමද ටේහියුන්ට.."

"ආහ් එයාගේ නහය පොඩ්ඩක් තැලිලා තිබ්බා.. හොද වෙලාවට නම් කැඩිලා නැහැ.. කෙනෙක් ගහපු ශොට් එකේ හැටියට කැඩුන නැති එක තමා පුදුමේ.."

𝚆𝙾𝙻𝙵 𝙱𝙻𝙾𝙾𝙳 𝙰𝙲𝙰𝙳𝙴𝙼𝚈 || ɢ ×ʙ sᵗᵒʳʸ ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now