8 කොටස

532 147 15
                                    

"සීතලයි නේද..."

මං පිටිපස්ස හැරිලා බලද්දී ඉදියේ වෙන කවුරුත් නෙමෙ එදා ටේහියුන් , බෝගම්ගෙන් ගුටි කද්දී මං බේරගත්ත පොඩි කොල්ලා ජන්ග්කුක් ...

"මොකද තමුන් මෙතන කරන්නේ.." සැරකරලා ඇහුවේ මෙයාව හුරතල් කරන්න දැන් මට මූඩ් එකක් කොහොන්වත් නැති නිසා.. නැත්තම් ඉතිම් කම්මුල් වලට අතවර කරන්න තිබ්බා...😒

"ඇයි මේ සීතලේ හියුන්ග් .. කන්ග්‍රැජුලේෂන් ඔයා දින්නා තරගෙන්."

"ඕක කියාගනින් ගිහින් අර ලලීසා කෙල්ලට.."

"ඒ මොකද හියුන්ග්.. ඔයා නේ දින්නේ.. ඔය කුණු ලේ කියන කතා ගණන් ගන්න එපා.. මටත් හැමෝම ගහන්නේ බනින්නේ ඒ නිසා හියුන්ග්.."

මොකක් ??? මේ පොඩි එකාත් එහෙම කෙනෙක්ද... ඇත්තටම අපි දෙන්නා එක සමානයි ප්‍රශ්න වලින්...

"යා යාහ්... තමුසෙට කවුරු හරි ගැහුවොත් බැන්නොත් මට කියන්න ඇවිත් මං උගේ හොම්බ කට සමතලා කරනවා.." මං වෙරි මිනිහෙක් වගේ රගපාලා ජන්ග්කුකාට කියද්දී මූ හෙන ගහලා වගේ බලන් ඉන්නවා...

"අම්මෝහ් හරි හියුන්ග්... ඔය.. වැටෙයි වහලෙන් හියුන්ග්.. දෙවියනේ ඇත්තටම බිව්වද ඔයා.."

වහලේ ගැට්ටේ මම බීලා වගේ වැනෙද්දී පොඩි එකා බය වෙලා වැටෙයි කියලා .. මාත් ඉතිම් වැටෙන්න ඔන්න මෙන්න කිය කිය ඉදියේ..

"මේක ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්.. ඔහ් නෝ ඒම බෑනේ මේක ජනරජයක් වෙන්නෙ කොහොමද මේක ඇකඩමියක් නේ..."

"නයි කයිද රෝස් පාන් කිව්වලු... හියුන්ග් වැටෙයි මිනිහෝ.."

"ඕයි ජන්ග්කුක් .. මගේ නම ජෙමින්.. අනිත් එක කොහොමද බන් නයි කන්නේ රෝස්ව.. අර ඉන්නේ කෙල්ල යස අගේට.. ඒ මදිවට තමුසේ කියනවා රෝස් පාන් ගෙඩියක් වෙලා කියලා.. බැක්සයිඩ් එක ඒ වගේ වෙන්න පුලුවන් ඒත් මනුස්සයෝ ස්නේක්ලා කොහොමද කන්නේ ඒවා.."

බීපූ මිනිහෙක් වගේ අතත් නයෙක් දස්ට කරනවා වගේ හදන් කිව්වේ මගේ මූඩ් එක යතාතත්වයට ගන්න ඕනී නිසා.. ජන්ග්කුකා මට නම් ඉගුරු බිස්කට් එකක් මූඩ් ෆික්ස් කරගන්න..

"හම්මෝහ්.. ඇති නවත්තන්න හියුන්ග්.. මෙහෙ එනවා පොඩි එකෙක් වගේ ඔයා තාම.. මට මගේ හියුන්ග්ව මතක් වුණා.."

𝚆𝙾𝙻𝙵 𝙱𝙻𝙾𝙾𝙳 𝙰𝙲𝙰𝙳𝙴𝙼𝚈 || ɢ ×ʙ sᵗᵒʳʸ ||ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now