4.

691 178 0
                                    

පොලිස් සයිරන් හඬ අතරින් හැමෝම අන්තිමට දුටුවේ ටේයොන්ව පොලිස් රථයක දාගෙන යන ආකාරය.ඒ පාසලේ හිංසාකාරී ලෙස හැසිරීමේ වරදට.

ජන්කුක් ලවා තමන්ට පහර දුන්න නිසා ටේයොන්ට  ඩැනියෙල්ව මරන්න තරම් කේන්තියක් ඇති වුණා.ඩැනියෙල්ගේ පන්තියට අනවසරයෙන් ඇතුළු වුණු ටේයොන් ගුරුවරයා ඉදිරිපිටම ලී පුටුවක් උස්සලා ඩැනියෙල්ගේ ඔලුවට ගැහුවා.බරපතල විදියට තුවාල ලබපු ඩැනියෙල්ව රෝහල් ගත කළා.

පොලිස් රථයේ කළු වීදුරුව අතරින් ටේයොන් අන්තිමට දුටුවේ අසරණව තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක්ගේ ශෝකයෙන් පිරි මුහුණ.

මෙපමණ කාලයක් ටේයොන් සියළුම දේවල් ඉවසගෙන හිටියත් අන්‍තිමට ටේයොන්ට ඉවසන්න බැරි වුණා.දරුණු විදියට සතෙක්ට සැලකුවොත් ඌ අනිවාරෙන්ම දරුණු වෙනවා.මනුස්සයෙක්ට වුණත් ඒ සිද්ධාන්තය ඒ විදියටම බලපෑවා.ටේයොන්ගේ ඉවසීම නැත්තටම හිඳිලා ගියා.



END OF ADOLESCENCE

Moonlight ♡ [Completed]Where stories live. Discover now