🐰 මම ගොඩක් දුර්වලයි. ම... මට මාවම බේරගන්න බැරි වුණා. ඇයි ඇයි එයා එහෙම කලේ? කොහොමද මට එහෙම කලේ?

ගතින් වගේම හිතෙනුත් දුර්වල වී සිටි ජන්කුක් අමාරුවෙන් ඇඳෙන් බැස බාත්රූම් එක ඇතුළට ගොස් දොර වසා බාත්ටබ් එකට බැස වතුර පිරෙනකම් කඳුළින් බර වූ දෑසින් කිසිම හැඟීමකින් තොරව බලා සිටියා. ටික වෙලාවකින් බාත්ටබ් එකේ ටැප් එක වහපු ජන්කුක් ඇස් දෙක පියාගෙන ඔහුගේ ශරීරය ජලයට යට වීමට ඉඩ හැරියේ ඔහුට ඇතිවුණ අවාසනාවන්ත ඉරණම ගැන සිතමින්.

තමන්ගේ පුතා පිරිමියෙක්ගේ අතින් දූෂණය වුණා කියලා අප්පා දැනගත්තොත් මොන වෙයිද? 

මට බැහැ අප්පට මුහුණ දෙන්න. 

ඇයි ඇයි මට එහෙම කලේ? 

මට එහෙම කලේ ඔයා කියලා දැනගත්තොත් ඔයාට මොනවා වෙයිද? 

ඇයි මං තවත් ජීවත් වෙන්නේ?

ජන්කුක් වතුර යටට වී ඇස් දෙක වහන් ඔහුගේම හඬට සවන් දෙමින් ප්‍රශ්ණ කරමින් සිටියා. තමා අවට සියළු දෑ අඳුරු වෙමින් ටික ටික හුස්ම ගන්න අපහසු වෙන බව දැනුණු විට ජන්කුක් බාත්ටබ් එක අල්ලන් සිටි තම අත්ල අත හැරියා.

- "යූහූ.......... කොහෙද ඉන්නේ මගේ හා සහෝදරයා?" 

එක්වරම කාමරයෙන් ඇසුණු හඬත් එක්ක වතුරෙන් උඩට පැන්න ජන්කුක් බාත්රූම් එකේ දොර දිහා බලමින් හයියෙන් හුස්ම ගත්තා. හිමින්ම බාත්රූම් එකේ දොර දිහාවට ඇවිද ගිය ජන්කුක් ඒ කටහඬේ හිමිකරු තවමත් ඔහු එනතෙක් කාමරයේ සිටින බව දැනී දොර විවෘත කලා. කාමරයේ ඇඳ අයිනේ වාඩි වී ඔහු දිහා කිසිම හැඟීමකින් තොරව බලා සිටි ජන්කුක් එක්වරම ඔහුගේ අත්ලෙහි යමක් ගුලි කරමින් සිටින බව දුටුවා. තමන්ගේ අත්ල දිහා බලන් ඉන්න බව දැනුනු ඔහු ඉක්මනට එය සාක්කුවට දාගත්තා. කට කොනින් සිනා වී ජන්කුක් දෙස බලා සිටි ඔහු ජන්කුක්ට තමා අසලින් වාඩිවෙන ලෙස ඇඳට තට්ටු කලා. ඒ කිසිවක් ගැන නොසිතා කිසිම වෙනසක් නොපෙන්වා ඔහුට ටිකක් එහායින් වාඩි වුණ ජන්කුක් බිම බලාගෙන කතා කලා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now