"ම්ම්ම්.. ඇත්තම කිව්වොත්.. ප්‍රොෆෙසර් ලීක්යුං ටිකක් තද ගති තියන සැර කෙනෙක්.. මුළු සෝල් යුනි එකම වගේ ප්‍රොෆෙසර්ට බයයි.. යුන්මියා... මට ඇත්ත කියනවා.. පලවෙනි දවසෙම ප්‍රොෆෙසර් ලීක්යුං එක්ක ප්‍රශ්නයක්වත් දා ගත්ත ද...?"
ජිමින් සැකෙන් වගෙ ඇහුවෙ මේ තරම් වෙලා ලොකු කල්පනාවක ඉන්න යුන්මිට හේතු උනේ ප්‍රොෆෙසර් ලීක්යුං දැයි හිතමින්..
"අනී.. අනියො...."
ජිමින්ගෙ ප්‍රශ්නයට ඉවත බලාගෙනම යුන්මි උත්තර බදින්න උනේ තමා කියූ දේවල් ප්‍රොෆෙසර් ලීක්යුංට නෑසීම ගැන දෙවියන්ට ස්තූතිවන්ත වෙමින්.. වැරදිලා හෝ එය ඇසුනේ නම් තමාට ලැබෙන දඩුවම ගැන නම් හිතන්නටවත් යුන්මි කැමති උනේ නැහැ...
.
.
."යා.. කොමෙට් ඇල්ෆා පාර්ක් ජිමීඊඊඊන්.. මන් බබෙක් නෙවෙයි ගෙදරටම එක්කගෙන යන්න.. මට තනියම යන්න පුලුවන්..."
යුන්මි කොච්චර ජිමින්ව පැක් එකට යවන්න හැදුවත් ජිමින් ඒ කිසි දෙයක් නෑසුනා වගේ ඉස්සරහට යන්න ගියේ යුන්මිව තවත් කේන්ති ගස්සමින්... තමන් කියන කිසි දෙයක් ගානකටවත් නොගෙන ඔමේගාවගෙ පසුපස එන මේ ඇල්ෆා එක්ක නම් දැන් ඔමේගාව ඉන්නෙ පුපුරන්න තරමේ තරහකින්..
පොඩි දේටත් පුප්පමින් දඟලන මේ ඔමේගාවගේ තරහ ඇවිස්සිම ඇල්ෆාගේ සතුටට කරුණක් බව ඔමේගාව දන්නවා නම්...!!!
සමහර විට මේ තැන මේ මොහොතම තුන් වෙනි ලෝක යුද්ධය උනත් ඇති වන්නට බොහෝ ඉඩ තිබුණා..!
"කව්ද කිව්වෙ දැන් මන් ඔයාව ගෙදර එක්කන් යනව කියල...?? යා.. යුන්මියා.. පිස්සු හැදුනු ඔමේගාවො ගෙවල්වලට එක්කන් යනවට වඩා මට වැඩ තියෙනවා.. මන් යන්නෙ මින්සු නූනව හම්බෙන්න..."
ජිමින් අමාරුවෙන් හිනාව පාලනේ කරගෙන යුන්මිව ගනන් නොගෙන කියනකොට කෙල්ල හිටියෙ ලැජ්ජාවත් කේන්තියත් බොහොම අමාරුවෙන් පාලනේ කරගෙන කියල ඒ මුණ දැකපු ජිමින්ට නම් හොදටම තේරුම් ගියා..
"අර්ර්ර්ර්ර්... මෝඩයා...!"
ඒ එක්කම දැනුණු ලැජ්ජාව නිසාම ජිමින්ටත් ගස්සගෙනම යුන්මි ඈතින් පෙනුණු තමන්ගෙ ගෙදරට දිව්වෙ ජිමින් හිනාවෙවී යුන්මිගෙ පස්සෙන් හෙමින් එනකොට...
YOU ARE READING
🐺Fate 🐺 || JJK (COMPLETED)
Fanfiction"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමයි..." Fanfiction only ❤️ ⚠️️කොපි කරන්න එපා⚠️️
සමුගැන්ම 🐺
Start from the beginning