"ඔව්.අපි මුලින්ම ඔයාගේ බය කියන දේ නැතිකරගන්න ඕනේ.සැහැල්ලුවෙන් හුස්මක් ගන්න.මේක හරිම විනෝදජනකයි.ඔයා ඔය බය ගිහින් නැති නිසානේ"

"හ්ම්ම්"

ටේයොන් සුසුම් ලෑවා.

"හරි.මේ කේබල් එක ගොඩාක් ශක්තිමත්.ඔයා මාව විශ්වාස කරන්නකෝ.අත්නට ගියාම ඔයාට ලොකු සැහැල්ලුවක් දැනෙයි.ලොකු හුස්මක් අරගෙන ඇස් දෙක පියාගන්න"

නම්ජුන් කිව්වා.

ටේයොන් නම්ජුන් කිව්ව විදියට ලොකු හුස්මකින් පෙණහළු දෙක පුරවගත්තා.ඒ අතරෙදි එතන ඉන්න සේවකයෙක් ටේයොන්ගේ ඉණට බෙල්ට් එක දැම්මා.

"දැන් යන්න.බය වෙන්න එපා.හරිනේ?"

නම්ජුන් කිව්වා.

ටේයොන් ඇස් දෙක වහගෙන එකපාරටම කේබල් එකේ එල්ලුනා.

කඳුකර සීතල සුළඟ කපගෙන එයා වේගෙන් ඉස්සරහට ගියා.හීතල හුළං එයාගේ කන් දෙකේ වැදුනා.ඇත්තටම එයාට බයක් දැනුනේ නෑ.එයාට දැනුණේ පුදුම සැහැල්ලුවක්.තමන් සුළඟටත් වඩා වේගවත් කියලා එයාට තේරුණා.

අන්තිමට එයා අනික් බෑවුමෙන් අඩිය තිබ්බා.

"ඔයා ඒක කලා ටේ.සුපිරියි කොල්ලෝ"

එහා බෑවුමේ ඉඳලා නම්ජුන් කෑගහන සද්දෙයි විසිල් සද්දෙයි ටේයොන්ට ඇහුනේ නෑ.එයා පුදුම වෙලා හිටියේ.තමුන් ඒක කලා.

නම්ජුන් කේබල් එකේ එල්ලිලා ටේයොන් ගාවට ආවා.

නම්ජුන් ටේයොන්ව තමන්ගේ කරට අරගෙන කන්දේ අනික් පැත්තට හදලා තියෙන පාර දිගේ යන්න පටන් ගත්තා.

"ටේයොන්"

"හ්ම්ම්"

"ඔයා දන්නවද?ඔයා තමයි පළවෙනි වතාවට මේ zip line එකේ ගිය පුංචිම ළමයා.මුලින් බය වුණා එතන මැනේජර් ඔයාව යවන්න.මං එයාව කැමති කරගත්තා"

"ඔහ්"

"ඒ වගේ දෙයක් කරන්න පුංචි ළමයින්ට ගොඩක් බයයි.ඒත් ඔයා ඒ දේ කලා.ඔයා හිතනවට වඩා ඔයා ගොඩක් ශක්තිමත් ටේයොන්.මොකටද ඔයා අනික් අයට බය වෙන්නේ?"

නම්ජුන් කතා කළා.

"ඔයා දන්නවද?මම ඉපදුනේ පිලිපීනයේ.පුංචි මුඩුක්කවක මම මගේ ආච්චිත් එක්ක හිටියේ.මට කිසිම ආදරයක්,රැකවරණයක් ලැබුනේ නෑ.කුණු ගොඩක මම ජීවත් වුණේ.ඒත් මම දැන් ගොඩක් ස්ථාවර ස්වාධීන මනුස්සයෙක්.මොකද මම ශක්තිමත් වුණා"

Moonlight ♡ [Completed]Where stories live. Discover now