- "ආහ්............................"

ඇඳ මත වටේ කැරකුනත් කිසිම ඉරයව්වකින් ථේ හ්යුන්ග්ට නිදා ගන්න බැරි වීම ගැන ඔහුට ඔහු ගැනම ලොකු කේන්තියක් තරහක් ආවා. කාමරයේ ජනේලයේ ළඟටම අකුණක් වැදී මුළු කාමරයම එළිය වෙද්දි හිතේ තිබුණු කේන්තියට ථේ යටි ගිරියෙන් කෑ ගසනවත් එක්කම ඔහුට උදව් කරමින් මෙන් කාමරයේ ජනේල් වීදුරු, මේසය මත තිබූ වීදුරු දෙදරමින් ගෙරව්වත් සමඟම මුළු පළාතෙම විදුලිය ඇණ හිටුණා. කළුවරේම ඇඳෙන් බැස්ස ථේ මේසය උඩ තිබූ වාහනයේ යතුර අතට අරන් ෆෝන් එකේ එළියෙන් පහළට බැස ගෙදරින් එළියට අඩිය තිබ්බේ හොස්පිටල් එකට යන්න. තමන් එක්කම තරහක් එක්ක ඇයි තමුන් මෙහෙම හැසිරෙන්නේ වග නොහිතපු ථේ වැස්ස අතරින් වේගයෙන් කාර් එක ධාවනය කරන්නට වුණා.
.
.
.
.
.
.
- At the hospital -

හොස්පිටල් එකේ බංකුවක වාඩි වී සිටි මිස්ටර් කිම්ගේ දෙඅත් වෙව්ලමින් තිබෙන බව දුටු මිසිස් කිම් තම දකුණත හිමින් ඔහුගේ අත් මත තබා ටිකක් තද කලේ සේරම හරියයි කියා හඟවන්න මෙනි. දරුවන්ට ටිකක් තද පියෙකු වුන මිස්ටර් කිම් දරුවන්ට පණ සේ ආදරය කලා. ජන්කුක්ට තරවටු කලත් ජන්කුක් වාසනාවන්ත දරුවෙක් බව මිස්ටර් කිම් තදින්ම විශ්වාස කලා. හොස්පිටල් එකෙන් පිටත හයියෙන් සුළඟ හමමින් විදුලි කොටමින් ගිගුරමින් ඇඳ හැලෙන වැස්ස ගැන කිසිවක් නොදැන සිටි මිස්ටර් කිම්ගේ හදවත ගැහුණේ ජන්කුක් ගැනම පමණක් සිතමින්. විනාඩියෙන් විනාඩිය තත්පරයෙන් තත්පරය ඔහුගේ හදවත ගැහෙන වේගය වැඩි කලා. කකුල් දෙකම පණ නැති වී ගෙන යන බව දැනුණා. එක කකුලක් වේගයෙන් උඩට පහළට සොලවමින් සිටින මිස්ටර් කිම්ව දකින ඕනෑම කෙනෙක්ට ඔහු හොඳටම බය වී ඇති බව හොඳින්ම පෙනෙන්නට තිබුණා. මිසිස් කිම් ජප්කුක්ට කැමැත්තක් නොදැක්වුවත් මේ මොහොතේ ඇයටවත් නොසිතෙන පැටලැවිල්ලක ඇය පැටලී සිටියා. තමන්ගෙන් හදවත වේගයෙන් ගැහෙන බව දැනුණු ඇයගේ දෙනෙත්වලිනුත්  කදුළු වැගිරෙමින් තිබුණා. ටික වෙලාවකින් ඉදිරියෙන් තිබූ දොර විවර වෙනවත් එක්කම එයින් පිටතට පැමිණි මිස්ටර් කිම්ගේ මිතුරා වන ඩොක්ටර් මින්ව දකිනවත් එක්ක ඔහුගේ උගුරේ වේලිලා යන බවත් හදගැස්මේ හඬ වේගවත් වන බවත් හොදින්ම දැනුණා.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now