" ඔයාට බැයිද අද මාත් එක්ක ඉන්න.. ම්ම්.. ඔයා මට ඊයෙත් බෑ කිව්වා.. ආයිශ් .. මම උඹට හොදට ගෙවන්නම් කෙල්ලේ... ම්ම්.. "
වෙරි මතේ කෙලින් හිටගන්න වත් බැරුව ඒ මනුස්සයා එහෙම කියද්දි කෙල්ල එයාගේ ගැහෙන අත් වලින් ඉක්මනට ඒ මනුස්සයාව ටිකක් එහාට තල්ලු කලා..

" චොසොහම්මිදා ... සර්.. මම මෙතන වේටර් කෙනෙක් විතරයි .. මට මගේ රස්සාව හොදයි... "
කෙල්ල ඔලුව නවලා එහෙම කියද්දි අර මනුස්සයාට ගියේ නක්කල් හිනාවක්....

" චහ්... හැමදාම උඹේ ගනං නේ.. දන්නවද උඹ නිසාම මෙහෙට කොච්චර Customers ලා එනවද කියලා.. ඒත් උඹ මොනාත් නොකර එහෙම නම් උඹ මම කියන දේ කරන්න ගත්තාම උඹට මෙහෙම දුක් විදින්න වෙන්නේ නෑ... කෝ මම හැමදාම කිව්වත් අහන එකක් යෑ.. "

" අහ්.. කමක් නෑ සර්... මට ඒවට කැමැත්තක් නෑ... චොසොහම්මිදා ... මම කෙනෙක් එවන්නම් මෙතෙන්ට... "
කෙල්ල අදුරු උන මූණෙන්ම ඔලුව නවලා ඈතින් දොරකට හේත්තු වෙලා බාගෙට ඇදන් හිටිය තමන්ගේ වයසෙම වගේ කෙල්ලෙක්ට අත වනලා අර මිනිස්සු ටික දිහාට ඔලුව දික් කලා.. එහෙම්මම එයා ඉක්මනට Club එකේ ඇතුල් room එකකට දිව්වේ වෙලාව හරි නිසා ඉක්මනට මේ නරකාදියෙන් ගෙදෙට්ට පැනගන්න ...

" සර්... සර්... "
වේටර් දෙතුන් පාරක් අතින් අල්ලලා හොලවද්දි තමා කොල්ලා කල්පනා ලෝකෙන් එලියට ආවේ...
මෙච්චර වෙලා ඒ කෙනා දිහා බලාගන කල්පනාවකම ඉදලා කොල්ලා එකපාරට විදුලිය වගේ නැගිටලා වටපිට බලන්න ගත්තේ එයා හොයපු කෙනා ව දැන් පේන්න නොතිබ්බ නිසයි...

" අන්ද්වේ ... ආයිශ් කොහෙටද එයා ගියේ... ස්ස්... අදත් මිස් වෙයිද... "
නළලත් අතගගා කොල්ලා එහෙම කියද්දි එහා පැත්තේ දොර ගාවින් එයා දැක්කේ පුංචි බෑග් එකක් එක්ක ඒ කෙනා එලියට යනවා..

කොල්ලාත් ඉක්මනට පර්ස් එකෙන් සල්ලි කොල ටිකක් අරන් Cashier එක උඩට දාලා ඒ පැත්තට දිව්වා...

කෙල්ල Club එකෙන් එලියට බැහැලා ලොකු හුස්මක් ගත්තේ මෙච්චර වෙලා නහයට දැනුන ඒ අරක්කු , සිගරට් ගද නැති වාතය ටිකකින් පෙනහලු පුරව ගන්න ගමන්...

හැමදාමත් වගේ අදත් Club එකෙන් එලියට බහිද්දි කෙල්ලගේ මූණේ තිබුනේ තමන් ගැනම දැනුන හිස් හැගීමක්..... ටිකක් අහස දිහා බලන් ඉදලා කෙල්ල හෙමි හෙමින් පාරට ආවේ රෑ අටත් පහුවෙලා නිසා යන්තමින් වීදි ලාම්පු එලියෙන් පාර හොයාගන...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now