- "ජැක්සන්....... වරෙන් එළියට. වරෙන්......."

මුළු ගොඩනැගිල්ලම දෙදරන්න කෑ ගහපු නම්ජුන්ට ඇහුණේ එකම දෙයයි. ඒ ඔහුගේම දොංකාරය පමණයි. තවත් අඩි කිහිපයක් ඉස්සරහට ඇවිද ගිය නම්ජුන් නැවතත් ගොඩනැගිල්ල දෙදරන්න බෙරිහන් දුන්නා.

- "ජැක්සන්. උඹ කොහෙද? වරෙන් එළියට. මගේ පවුල අත ඇරලා මාව අරගනින්. වරෙන්." 

- "ඕහ්... ඕහ්... මෙන්න කවුද මේ ඇවිත් තියෙන්නේ? හාහ්??" 

නම්ජුන්ගේ උගුර වේලිලා වගේ දැනුණත් ඒ ගැන නොසිතා බිරිඳ ගැන හිතලා හයියෙන් කෑ ගැහුවා. ඒත් එක්කම නම්ජුන් බලාපොරොත්තුවෙන් සිටි කටහඬ, ඒ පුද්ගලයා තමන්ගේ හිසට උඩින් තිබූ තට්ටුවේ handrail එකට හේත්තු වී කට කොනින් සිනා වී නම්ජුන් දෙස බලා සිටියා. නම්ජුන්ගේ සවනට ඒ නපුරු වියරු හඬ ඇසුණු සැනින් නම්ජුන් උඩ බැලුවා. කට කොනින් සිනාසි මුහුණේ කිසිඳු හැඟීමක් නොමැතිව සිටි ඔහු හිමින් හිමින් පඩිපෙලේ handrail එක දිගේ අත හිමීට යවමින් පඩියෙන්, පඩිය හිමීට අඩි තියමින් පහළට බැස්ස ඔහු නම්ජුන් ඉස්සරහ සිට ගත්තා.

- "SJ Mafia Consigliere හි ජොන් නම් ජුන්."

අත් දෙක පිටුපසට බැඳ නම්ජුන්ගේ මුහුණ ඉස්සරහට ඔහුගේ මුහුණ සිටින සේ සිටගෙන එසේ පැවසු ජැක්සන් වියරුවෙන් ඔළුව උඩට කර කරකවා සිනහ වෙන්න පටන් ගත්තා. නම්ජුන් තරහෙන් අත මිට මෙළවුනත් ඔහුගේ බිරිඳ තවමත් සිටින්නේ මේ වියරු මිනිසා ළඟ නිසා නම්ජුන් දත් මිටි කාගෙන ඉවසගෙන සිටියා.

- "ඔහ්... මොකද මේ සද්ද නැත්තේ අද ආ? තමුන් හිතුවද තමුන්ගේ ප්ලෑන් එක අදත් වැඩ කලා කියලා. ආහ්... නෑ. මම මුලින්ම තමුසෙට දිනන්න දුන්නා. පස්සේ තමුසෙගේ අර යාලුවා මොකාද....... මොකාද මේ.... ආ... හොසොක්... හරිනේ... එහෙමත් නැත්නම් හොබි.......?"

ජැක්සන් කියව කියවගෙන සිටිනවා තවත් අහන්න උවමනා නොවුන නම්ජුන් ඇස් රතු කරගෙන තරහෙන් තමන්ගේ බිරිඳ ගැන විමසුවා.

- "කොහෙද ජෙනි කියනවා." 

ඉස්සරහට පැන්න නම්ජුන් ජැක්සන්ගේ කොලර් එකෙන් ඇඳන් අහනවත් එක්කම උඩ තට්ටුවෙන් ඇහුණ කටහඬට එක්වරම උඩ බලපු නම්ජුන් ජැක්සන්ගේ කොලර් එක අත ඇරුණේ තමන්ගේ දෑස් ඉස්සරහ තම බිරිඳගේ නළලට තුවක්කුවක් තියන් හිටපු මනුස්සයා ඔහුගේ නෙත ගැටීමෙන්.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now