chapter 11

69 21 5
                                    

Tria pov

අදනම් මට ගොඩක් සතුටුයි .පලවෙනි වතාවට මට දැනුනා මන් ජීවත් වෙනව මන් ඒ ජීවිතේ විදිනව කියලා .මට ඕනි උනේ ජීවිත කාලෙටම ඇති වෙන්න මතකයන් ඇති කරගන්න .මේ දැනෙන හැගීම් වලටනම් නන් ගොඩක් ආස කරා.බලන්න පුළුවන් හැම තැනම මන් එයත් එක්ක බලන් ගියා .එයාගෙ අතින් අල්ලන් මේ වගේ යනකොට මට ගොඩක් සතුටුයි.හරියට පොඩි එකෙක්ට එයා ආසම සෙල්ම්බඩුවක් හම්බුනා වගේ.එදා මට ඕන උනා එයාගෙම වෙන්න ඒ හැගීම් විදින්න .එදා රෑ මන් එයාගෙම වුනේ මන් පලවෙනි වතාවට මගේ හැගීමුත් එයාගෙ ඉදිරියෙ දිග අරිද්දි.

Time passed 💫

කාලය ඔය විදියට ලස්සනට ගෙවිල ගියා.ට්‍රියා එයාගෙ job එකෙන් අයින් වෙලා මේ කාලය තමන්ගේ පවුලෙ අය වෙනුවෙන් කැප කරා.එයාට කලින් දෙන්න බැරිවෙච්ච එයාගෙ ආදරේ අද  ඒ දෙන්නටම අසීමාන්තිකව ලබා දෙනවා.ඒ වගේම මේ සතුට තාවකාලිකයි කියල ඔප්පු කරන්න ට්‍රියාගෙ නහයෙන් කටින් නිතරම රුදිරය එන්න ගත්තා.වෙනදටත් වඩා එයා දැන් දුරුවලයි.ඒ වගේම තදබල හිසේකැක්කුම .ඒත් ඒ සේරම අමාරුකම් පසෙක දාල මේ ගෙවෙන හැම තත්පරේම සතුටෙන් හිටියා.

Teran pov

ට්‍රියයි මායි දෙන්නම අද ගියා shopping  කරන්න.අපි හැමෝටම ඇදුම් අරන් අන්තිමේදී තමයි අපේ සූටි princess  ඇදුම් ගන්න ගියේ.

"ටෙරාන් මේ මේක ලස්සනයි නේ අපේ princess  "
"අයියෝ ට්‍රියා අපේ princess  තාම අවුරුදු දෙකහමාරයි.ඕක අවුරුදු පහේ ලමයෙක්ගෙ ප්‍රමානෙනෙ "
"කමක් නෑ මගේ princess  කවදහරි අවුරුදු පහ සම්පුර්ණ වෙයි නෙ ඒත් එදාට මන් එයා ලග නෑනෙ ඒ නිසා මේක ගමු "

--------------------------------------------
ට්‍රියා එන්න එන්නම අසනීප උනා.එයා ඒක නොපෙන්නුවට මන් දන්නව එයාට ගොඩක් අමාරුයි කියලා ඒත් ඒ ගැන කතා කරල කාටවත් හිත් රිදවගන්න ඕනි උනේ නෑ.

--------------------------------------------------------

"මැනික මොනාද ඔය "
"පේන්නැද්ද අනේ තෑගි නෙ "
"ඒත් ඔච්චර ගොඩක් "
"ටෙරාන් මන් ඔයාගෙන් එක දෙයක් ඉල්ලන්නද .මේ තෑගි ඔක්කෝම අපේ princess  වෙනුවෙන් ගත්තෙ.ඔයා දන්නවනේ princess third birthday  එකට වෙනකම් විතරයි මට ඉන්න පුළුවන් සමහරවිට ඊටත් කලින් කොහොම උනත්.මගෙ princess  කියන්න එයාගෙ අම්මා එයාට ගොඩක් ආදරෙයි කියලා .මොනදේ උනත් එයාගෙ ලගින්ම ඉන්නව කියලා .දන්නවද මෙතන තෑගි 25 තියෙනව මන් මැරුනට පස්සෙ එන හැම උපන්දිනේකටම මේ තෑගි නම් කරල තියෙන පිලිවෙලින් දෙන්න කෙල්ල තරුන කාලෙ වෙද්දිනම් මේ තෑගි එච්චර වැදගත් නැතුව ඇති ඒත් මට විශ්වාසයි එයා මේ තෑගි ආදරෙන් බාර ගනී කියලා .කවදහරි එයා කසාද බදින දවසට මෙන්න මේ පෙට්ටියෙ තියෙන මාලෙයි ඒකෙ ඇතුලෙ තියෙන කොලයයි ඉතුරු තෑගි ටිකයි එයාට දෙන්න හරිද .ඔන්න මේ තෑගි ටික පරිස්සම් කරන්න හොදේ

💔FEELING 💔 [Completed ]Where stories live. Discover now