chapter 10

38 15 1
                                    

6 mounth later 💫

එදා ඉදන් ට්‍රියාගෙ ට්‍රීට්මන් කටයුතු එකදිගට කරගෙන ගියා.surgery  දෙකකට පස්සෙ ට්‍රියාට හොද උනා ඔවු දැන් එයාටත් අනිත් මිනිස්සුන්ට වගේම හැගීම් දැනීම් දැනෙනව ඒත් පලවෙනි වතාවට ටෙරාන්ගෙ මූනෙනම් කිසි හැගීමක් පෙනුනෙ නෑ ඒත් එයා සතුටින් ඉන්නව කියලා පෙන්නන්න ඕනි උනා.

Tria pov

මගේ මාස ගානක බලාපොරොත්තුව අද ඉශ්ට උනා .මට දැනුනෙ මන් ආයෙත් ඉපදිලා වගේ මන් නොදැනුවත්වම මගේ මූනෙ හිනාවක් ඇදුනා ඔවු මේ අවුරුදු ගානටම මන් හිතන් නැතුව හිනා වුනා මට ඒක දැනෙනව .මට සතුටුයි ගොඩක් සතුටුයි.ඊට පස්සෙ දොර ඇරගෙන ආවෙ මගේ ආදරේ මොනදේ උනත් මටම විතරක් ආදරේ කරපු එකපු කෙනා.එයා මන් දිහා බලල හිනා වුනා මගෙ ඇස් වලින් කදුලු වැටුනා ඒත්  දුකට නෙමේ සතුටට මන් එයාව හයියෙන් බදා ගත්තා .මට දැනුනෙ ලොකු ආරක්ශාකාරී බවක් .පලවෙනි වතාවට මට මෙහෙම දෙයක් දැනුනෙ ඒත් මන් මේ හැගීමට ආස කලා.මට ගොඩක් වෙලා එයාව බදා ගෙන හිටියෙ .එයා මට ගෙදර යන්න කතා කරත් මන් නෙමේ එයාව අත ඇරියෙ හරියට එයාව කවුරු හරි අරන් යයි වගේ.මන් එයාගෙ මූන දිහ බැලුවෙ හරියට යන්නම ඕනිද වගේ එයා මන් දිහා බලල ලස්සනට හින උනේ ඔවු කියන්න වගේ .ඒ හිනාව දිහා මන් බලන් හිටියෙ වශී වෙලා වගේ ජීවිත කාලෙම උනත් ඒ දිහා බලන් ඉන්න පුළුවන්.

ගෙදර යන අතර තුර අපි දෙන්ගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ .මොකද ඒ වෙලාවෙ අපි දෙන්නම හිතින් ගොඩක් දුර ගිහින් හිටියෙ .ගෙදර ගියපු ගමන් මට ඕනි උනේ මගේ චූටි princess  බලන්න.මන් එද්දි එයා හොදටම නිදි අනේ එයා නින්දෙනුත් හිනා වෙනව හරිම cute .මටනම් ඒ වෙලාවෙ හිතුනෙ මේ ලෝකෙ ඉන්න ලස්සනම බබා කියල .ඒ හැගීම මට වචන වලට පෙරලන්න බෑ .මගෙ මුලු හිතම පිරිල ඒත් එක්කම මට දැනුනෙ මහා ලොකු ලෝබකමක් මන් කෝමද මගෙ මැනිකව දාල යන්න එයාගෙ නින්ද කැඩෙන් නැති වෙන්න මන් එයාව වඩා ගත්තා මගෙ සූටි පුලුන් බෝලෙ එයාව වඩා ගෙන මන් ගේ  වටේම ඇවිද්දා කවදාවත් නැතුව මන් එයාගෙ අනාගතේ ගැන හීන දැක්ක.කොච්චර දුරට මගෙ හිත ගියාද කිවුවොත් එයාගෙ wedding  එක දවස වෙනකම් එදාටනම් මගෙ princess  කොච්චර ලස්සනට ඇත්ද .එයස්ටත් එයාගෙ තාත්තා වගේම හොද කෙනෙක් හම්බවෙන්න ඕනි.අනේ ඒත් ඒ ලස්සන බලන්න එදාට මන් නෑනෙ .කමක් නෑ මන් ඈතින් ඉදන් හරි ඔයා දිහා බලන් ඉන්නම්.මට විශ්වාසයි ඔයාගෙ තාත්තා ඔයාට ගොඩක් ආදරෙන් බලාගනී කියලා .මන් එයාව එයාගෙ සූටි ඇදෙන් තියල wosh එකක් දාගෙන කාමරේට ආව ඒ එද්දි ස්ටාර්ක් ඇදේ ලැප් එක දිග ඇරගෙන වැඩ වගයක් කර කර හිටියා .මාත් ගිහින් එයාව බදා ගත්තා.

💔FEELING 💔 [Completed ]Where stories live. Discover now