එදා අප්පා කිව්ව වචනේට "බැල්ලි" චුට්ටක් විතර හිත රිදුනා මොනා කරන්නද?මං වැඩිය දේවල් මතකෙ තියා ගන්න කෙනෙක් නෙමේ.exam වලට පාඩම් කලෙත් පට්ට කට්ටක් කාලා.සාමාන්‍ය ජීවිතෙ වෙන දේවලුත් ඒ හැටි මතකෙ තිබ්බෙ නෑ.ඉතින් ඔක්කොම අමතක කරලා පාර්ක් එකට ගියෙ ඊයෙ රැ පැහැර ගත්තා කියන එක ගානකටවත් ගන්නෙ නැතුව.
"සුගි මං මෙහේ.වරෙන්"
හේසන් මට කතා කරනවා මට ඇහුනා.
"අම්මට හේසන් උබ මෙතනද හිටියෙ?"
"යංකෝ බං අයිස් ක්‍රීම් එකක්වත් කන්න"
"යං යං"
මායි හේසන් නුයි අයිස්ක්‍රීම් අරන් ගහක් යට තිබ්බ බෙන්ච් එකක වාඩි උනා.
"මේ සුගි මගෙ ජොබ් එක සෙට් උනා"
"අඩේ ඔය ඇත්තමද මරුනෙ බං.කෙහෙ ඇකඩමියටද යන්නෙ"
"සෝල් වලමයි තියෙන්නෙ මෙහෙන් ටිකක් දුර රෙන්ට් එකටවත් ගෙයක් ගන්නවා."
"එල එල බං"
ඔහොම පැයක් විතර කතා කරලා අපි දෙපැත්තට ගියා.එදා තමා එයාව අන්තිමට මං දැක්කෙ.එයා ඇකඩමිය වැඩ බාර ගන්න එදාම ගියා.
මං headphone දෙක ගහන් ගෙදර ගියෙ සිංදුවකුත් කියාගෙන
🎧🎶🎶🎶Da-na-na-na-na hey //🎶🎶🎶🎶🎶🎶
🎶🎶🎶🎶We need no permission to dance 🎶🎶හැබැයි ඒ ජොලිය තිබ්බෙ ගෙදර යනකම් විතරයි.ඔම්මයි අප්පයි මට මරාලයක් සෙට් කරලා.
"කසාදයක්"
මං පුදුමෙන් වගෙ ඇහුවේ.කියපු දෙය විශ්වාස නැතුව.
"ඔම්මා ඔයා විහිලු නේ කරන්නෙ."
අප්පා අප්පා දන්නවනෙ මට තාම ඒම කැමැත්තක් නෑ කියලා අනේ අප්පා."මේ අතර මගෙ අක්කා මං දිහා බකුසු පාට් එකට හිනා උනා.
"අනික මට කලින් අක්කා ඉන්නවනෙ ඇයි මාවම"
"උබ හිංදා තමා company වගයක් මට නැති උනේ.දැං ඒවා ආයෙ ලබා ගන්න ඕනෙත් උබමයි.ඒ කොල්ල ලොකු සල්ලි කාරයෙක්.උබේ කැමැත්ත අපිට වැඩක් නෑ.නැති කර ගත්තනම් අයෙ හොයලත් දෙනවා."
අප්පා මං දිහා තරහෙන් බලන ගමන් කියද්දි.මට නිකං මාව අපායකට වැටෙනවා වගෙ දැනුනා.මං කාමරේට ගියේ ගස්සන්.ඒකමට හොදට පුරුදු දෙයක්.
YOU ARE READING
SHE CHANGED ME|JJK|✔|
Fanfiction"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු සිදුවීමක, නැති වීම් කිහිපයක් සමග සුන්දර ලැබීමක් වෙන් කිරීමේ පලිගැනීමක් වෙන්වීමේ වේදනාව සහ නැවත එක් වීම Gift cover by @lan_kimra (soso's ran...