කොමෙට් 🐺

Start from the beginning
                                    

"නා අරා...(මන් දන්නවා)"

"මන් දන්නව මන් අර විකාර ෆිල්ම් වලයි ටීවි සීරීස්වලයි ඉන්නව වගෙ නරියෙක් කියලා... ඔව්... මන් නරියෙක්... ආශ්... මේක පිස්සුවක්.."

යුන්මි කලබලෙන් කියමින් තමන්ගෙම කොන්ඩය ඇදිමින් දඟලන්නට වූ මේ තරම් වෙලා කල්පනාවෙන් සිටි මින්සුගේත් ඇල්ෆාගේත් මුහුණට සිනහවක් එක් කරමින්...

"යුන්මියා.. නරියා නෙවෙයි... වුල්ෆ්.. අපි වෙයාවුල්ෆ්ලා.."

යුන්මිගෙ හැටි දන්නා ඇල්ෆා ජිමින් තම සිනහව පාලනේ කර ගනිමින් කියන්නට වූ නමුත් ජිමින්ගෙ කටහඬත් එක්කම තම මුහුණට නුරුස්සනා පෙනුමක් ආරූඪ කරගත් යුන්මි එයට පෙරලා පිලිතුරු දෙන්නට වූයේ මෙ සියල්ලක්ම මින්සු හිත යටින් යම් වේදනාවක් මිශ්‍ර සතුටකින් බලන් හිඳිනා විටයි...

"අර්ර්ර්.. මොකෙක් හරි.. වුල්ෆ්...?? විකාර.. නරියා මොකද.. වුල්ෆ් මොකද... වෙනසක් නැ... දෙගොල්ලන්ටම කකුල් හතරකුයි නැට්ටකුයි තියෙනවා..."

තමන් ඉදිරියේ ඇති හන් ගඟටත් ඒ අවට ඇති සියල්ලටම රවමින් යුන්මි කියන්නට වුයේ තරහින්... ඈ තවමත් ඉන්නේ තමගේම මතයේ ය.. ඉදින් ඈ සමඟ තර්ක කළ හැක්කේ කාටද...? එය තනිකරම කාලය කා දැමීමක් බව දන්නා ඇල්ෆාත් යුන්මිගෙ සහෝදරියත් කිසිවක් නොකියන්නට වූයේ මේ මොහොතේ ඈ සිතන්නෙ ඇයට ඕනෑ දේ පමණක්ම බව දන්නා නිසාවෙන්..

සැබැවින්ම මේ හිතුවක්කාර ඔමේගාව නම්...

කිසිදු පැකිලීමකින් තොරව මුළු වෙයාවුල්ෆ් සංහතියටම අවමන් කරනා අපූරුව....!!

මුරණ්ඩු හිතුවක්කාරී.. දිනෙක අමතක නොවෙන පාඩමක් නම් ඉගෙන ගනු නොඅනුමානයි...!

" පබෝයා... තමුසෙ නම් අර නාහෙට අහන්නෙ නැති ඇල්ෆා ජන්කුක්ටම හොදයි..."

යුන්මි අතින් සැරින් සැරේ වෙයාවුල්ෆ්ලාට සිදු වෙන අපහාස උපහාස කිසිවක් ඒ තරම් සැලකිල්ලට නොගෙන ඇල්ෆා ජිමින් සිනහ වෙන්නට වූයේ එසේ කියමින්.. සැබැවින්ම යුන්මිගේ තත්වය පුංචි පප්ස් කෙනෙකුගේ හැසිරීමටත් වඩා අපරික්ෂාකාරී වන්නට උනා..

"ඇල්ෆා ජන්කුක්...?? ඒ කව්ද...?"

යුන්මි මූනත් අමුතු කරමින් අහන්නට ගත්තෙ ජිමින් අතින් වැරදී කිය වුණු දේ දැන ගැනීමේ කුතුහලෙන්..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now