ඔමේගා ජීයුන් 🐺

Start from the beginning
                                    

තමන් ආ මොහොතෙ සිට නොනවත්වා අඬමින් කියවමින් සිටි යුන්මිට ජිමින්ගෙ තුරුලේම නින්ද ගිහින් තිබුණු හැටි මින්සු බලන් හිටියෙ ලොකු අනුකම්පාවකින්..

"එයාට මේ දේවල් දරා ගන්න අමාරුයි ජිමිනී.. තමන් ගැනවත් නොදැන ඉන්න යුන්මිට මේ දේවල් කොහොම කියන්නද මන්දා..."

මින්සු ඒ විදිහට කියද්දි තමා නොදන්නා බොහොමයක් දේවල් යුන්මි ගැන මින්සුගෙ හිතේ තියෙන බව ජිමින්ට තේරුම් ගියත් ජිමින් කිසිවක් නොකියාම නිශ්ෂබ්දව හිටියෙ ඒ කිසිවක් තමා දැන ගත යුතු නොමැති බව හිතට කියා ගනිමින්...

.
.
.
.
.

සති දෙකක් ගෙවිලා ගිහින් තිබුණෙ ඇල්ෆා ජොන්ගෙ හිත තරමක් කලබල කරලා.. පැක් එකෙ වැඩත් යුනි එකේ වැඩත් නිසා තමන් තරමක කාර්‍යබහුල උනත් ඇල්ෆාගෙ හිත තාමත් නමක් නොදන්න තරුණිය වෙත බැඳිලා තිබුණෙ ඔහුටත් හොරෙන්.. තමාට කම්මුල් පහරක් එල්ල කරන්නත් ටේහ්යොන්ග්ට අපහාස කරන්න තරම් ධෛර්යයක් තිබුණු ඒ උද්දච්ච කෙල්ලව මේ ගෙවුණු දවස් කීපය තුළ යුනි එකෙ අස්සක් මුල්ලක් නෑර හෙව්වත් තමන්ට හොයා ගන්නට නොහැකි උණු නිසා ඇල්ෆා ජොන් ඒ ගැන හිටියෙ තරමක කේන්තියෙන්..

සැබැවින්ම ඇල්ෆා ජොන් ජන්කුක් එය තමාගෙ කේන්තියක් තරහක් ලෙස අර්ථකථනය කලත් ඊට එහා ගිය හැඟීමක් ඇය ගැන ඇල්ෆට දැනෙන්නට උනේ ඇය හමු උණු මුල්ම දවසෙමයි..

එහෙත්..

ආඩම්බර ඇල්ෆා නම් එය කවදාවත් තේරුම් ගන්නේම නැති හැඩයි...!

"ජන්කුකා.. ජුන් හ්යොන්ග් කතා කලා..."

එකපාරටම ජන්කුක්ගෙ කාමරේට කඩා පැනපු ඇල්ෆා ටේහ්යොන්ග් හති අරිමින් කියනකොට නින්දෙන් නැගිටපු ජන්කුක් නම් හිටියෙ ටේහ්යොන්ග් කියන කිසිවක් හිතා ගන්න බැරුව.. ටේහ්යොන්ග්ගේ දෙවනි සහෝදරයා උණු ඇල්ෆා කිම් නම්ජුන් තමන්ගෙ බිස්නස් වැඩ නිසා ඕස්ට්‍රේලියා ගියේ මීට මාස තුනකට පෙර උනත් නම්ජුන් නැවත පැක් එකට එන දවසක් ගැන මේ කිසි කෙනෙක් නොදැන හිටියා..

ජන්කුක් නිදි අතරෙ නම්ජුන් ඇවිත් තිබුණෙ මුළු පැක් එකම නොහිතූ වෙලාවක ඒ හැමෝම පුදුම කරවමින්..

🐺Fate 🐺 || JJK  (COMPLETED)Where stories live. Discover now