❤_𝕮𝖍𝖆𝖕𝖙𝖊𝖗 𝕺𝖓𝖊_❤

438 72 64
                                    

අද රාජකාරි නිවාඩු දවසක් උනාට වෙනද වගේම සුපුරුදු වෙලාවට උදේම මට ඇහැරුනා. ඉතිම් මන් මූණ හෝදගෙන උදේට කෑම කන්න හැදුවේ. ගෙදර වැඩ කරන ඇන්ටි කෑම හදල මේසෙන් තියලා තිබ්බා. කන්න ලෑස්ති වෙනකොට මගෙ bokki නිශී ආව මාව හම්බ වෙන්න(අපි friendship එකට කතා කරන්නෙ bokki කියලා😁)

(මන් - 😌)
(නිශී - ❤️)

😌: අම්මටසිරි නිශියා...ගුඩ් මෝනිම්. උබ මොකෝ අද උදේම මේ පැත්තෙ එන්න හිතුවෙ👋

❤️: මෝනිම් මෝනිම්. ඇයි බන් මන් මේ පැත්තෙ එන්න එපාද. එපා නම් කියපන් මන් ආයි යන්නම්😏

😌: ඔව් ඔව් උබට මන් මේ ආයි යන්න කියන්න තමයි හැදුවෙ. මොකද උබ මෙහෙ එනවට මන් කැමති නෑනෙ. පලෑම් පලෑම් ආයි ගෙදර😂

අපි දෙන්න කොයි වෙලෙත් මේ වගේ ජෝක් කර කර ආතල් එකේ ජීවත් වෙන දෙන්නෙක්😂

❤️: උබ කිවුවත් මන් නම් ආයි යන්නෑ. උබ මගෙ බොක්කිනෙ සුදූ🤗

😌: පලයං යන්න😏ඔයිට වඩා බටර් ලාභයි. හරි හරි දැම් උබ මොකටද ආවෙ කියපන්කො

❤️: අද සෙනසුරාදා මගෙත් නිවාඩු දවසනෙ බන්. ඉතිම් මන් හිතුව අද උබ එක්ක දවසම ඉන්නව කියල. මොකෝ කියන්නෙ අවුලක් නෑ නෙහ්🤪

😌: අඩෝ එලනෙ බන්. අපි දෙන්නට අද දවසම කියව කියව ඉන්න පුලුවන්. ඇවිදින්නත් යමු කොහේ හරි🥳

❤️: එලහ් එලහ්. ඒනම් එහෙම කරමු

😌: උබ උදේට කන්නෙ නැතුව නෙහ් එන්න ඇත්තෙ. ඇවිත් ඉඳගනිම් දෙන්නම එකට කමු

මේ වගේ කියවන ගමන්ම අපි දෙන්න උදේට කාල කාමරේට ගියා පොඩ්ඩක් කියව කියව ඉන්න කියල හිතාගෙන

හොඳම යාලුවො දෙන්නෙක් සෙට් උනාම දන්නවනෙ ඉතිම්. පහුගිය විස්තරයි වෙන්න තියෙන දේවල්නුයි ප්ලෑන්ස්නුයි ගැන කියව කියව හිනා වෙවී කාලෙ ගත කරනවා😂

අපි දෙන්න මේ වගේ පැය දෙකක් විතර කියව කියව හිටියා

කියව කියව ඉන්නකොට මට unknown number එකකින් message එකක් ආවා

ඉතිම් මන් පෝන් එක අරන් message එක නිශීටත් ඇහෙන විදිහට කියෙවුවා

🤫අතුරුදන් වූ සහෝදරිය🤫[𝑪𝑶𝑴𝑷𝑳𝑬𝑻𝑬𝑫✔️]Where stories live. Discover now