වෙලාව ගිහින් Results කියන වෙලාවත් ආවා. හැම Competitor කෙනෙක් ම Stage එක උඩට ආවා. Results කියද්දි මුලින්ම තේරුණේ Acting කරපු කෙනෙක්, ඊට පස්සේ Dance Performance එකක් කරපු දෙන්නෙක්. අන්තිම Result එක කියද්දි මම ඇස් දෙක තදින් පියා ගනිද්දි Hyung මගේ අත අල්ලගත්තා, මම එයාගේ දිහා බැලුවා, එයා මගේ දිහා බලාගෙන ලාවට හිනාවුණේ එයාගේ හිනාව මට ශක්තියක් කියලා එයා දන්නවා වගේ. ඒත් Result එක කියන්න ඔන්න මෙන්න තියෙද්දි අපි දෙන්නම ඇස් තදින් පියාගත්තේ, අපේ අත්වල සුළැඟිල්ල තවත් තදින් පටලවා ගනිද්දියි.
අවසන් වාසනාවන්ත ජයග්‍රාහකයෝ වන්නේ............
"YoonMin Promise 💕"
ඒක ඇහෙනවත් එක්කම Hyung මාව ඇදලා අරන් තදින් වැළඳ ගත්තා. මමත් Hyungව තදින් වැළඳ ගත්තේ ඇස්වල කඳුළු ගලාගෙන යද්දි, ඒ සතුටු කඳුළු!!Hyung මාව තව තවත් තදින් වැළඳ ගත්තා, මගේ උරහිස ගාවින් දැනුණු තෙත් ගතියෙන් මම දැනගත්තා Hyung අඬන බව. මම එයාට නිදහසේ අඬන්න දීලා එයාව තවත් තදින් වැළඳ ගත්තා. ටිකකින් අපි දෙන්නා මෑත් වුණේ අපේ Trophy එක ගන්න තිබුණු නිසා. Trophy ගත්තට පස්සේ අපි දෙන්නා ආයෙත් දෙන්නගේ අත් අතරට ඒ කියන්නේ තවත් ආදරණීය වැළඳ ගැනීමක් සිදු කළේ වචනවලට හරවගන්න බැරි සතුට නිසා.
එයා මගෙන් කනට මිමිනුවා.
- ජිමිනා.. Thank You ...
මම පුදුමයෙන් එයාව මගෙන් මෑත් කරද්දි එයා ආයෙත් හිනාවෙලා කතා කළා.
- ම.. මට දැන්.. ක.. කතා කරන්න පුලුවන්.. ඒ. ඔයා.. නිසයි.. ඔයයි මගේ ජීවිතේ ලොකුම සතුට ගෙනාව Angel. ඔයාට කොහොම මම ස්තූති කරන්නද??මට ඇත්තටම..
එයා ආයෙත් මාව වැළඳ ගත්තා.🥰
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~ FEW YEARS LATER ~
- Producer Of The Year SUGA !!💕
යුන්ගි Hyung එක දිගට තුන්වෙනි වතාවටත් Producer Of The Year Award එක ගන්නවා. මම TV එක ඉස්සරහා ඉඳන් බලාගෙන හිටියේ ගොඩක් සතුටින් ආච්චි අම්මත් එක්ක කෑම කන ගමන්. එදා අපි දින්නට පස්සේ Hyungට ටික ටික කතා කරන්න පුලුවන් වුණා, මම නිසා ඒ දේවල් ඒ විදියට වුණා කියලා හිතන ආච්චි අම්මා අදටත් මගේ හැම උපන්දිනයකටම එයාගේ අතින් ම හදපු ලස්සන තෑග්ගක් එවනවා. මටත් Artist කෙනෙක් වෙන්න අවස්ථා ලැබුණත් මම ඩොක්ටර් කෙනෙක් වෙන මගේ හීනෙට මුල් තැන දීලා, Singing Dancing වලට දෙවෙනි තැන දුන්නා. කොහොමහරි කාලයත් එක්ක මගේ මල්ලී කුකී Artist කෙනෙක් වුණේ එයාගෙම සින්දුවක් යුන්ගි Hyungගේ උදව් ඇතිවයි. එයත් මේ වතාවේ New Solo Artist Of The Year Award එකට Nominate වෙලා හිටිය නිසා මම ආච්චි අම්මවත් අපේ ගෙදර එක්කගෙන ඇවිත් එකටම Award Show එක බැලුවා.
එදා අපේ Promise අද මේ වෙද්දි Soundcloud කියන Music Platform එකේ වැඩිම වාරයක් Stream වුණු සින්දුව වෙලා තියෙනවා!!💕
මේක තමයි මගෙයි යුන්ගි Hyungගෙයි Promise 💕ගැන ඔයාලට කිව්ව කතාවේ අවසානය.
________________________
Thank You 💕 කියෙව්වට. අනේ මන්දා ටිකක් අවුල් ගියා කියලා හිතෙනවා..අනේ මන්දා.. 🙃🙃 මේක මට ලියන්න ටිකක් කල් ගියා. මේකෙන් පස්සේ තවත් FF එකකින් හම්බ වෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න!!💞Promise 💕ඔයාලට දැනුණු විදිය ගැනත් කියාගෙන යන්න අමතක කරන්න එපා.😁 ඔන්න අද මෙයා හින්දමයි Update කරන්නේ @miyutitaeyeon
ඔයාලගේ Comments , Vote මට ගොඩක් වටිනවා ඒ හින්දා Vote, COMMENT දාන්න යන්න හොදේ..
ඔයාල හැමෝම පරිස්සමින් ඉන්න!!💞😷
LOVE U❤
#KimSeokMin 💜
YOU ARE READING
💕PROMISE 💕 ( Completed )
FanfictionShort Story!! Yoonmin Soft Ship Story 💕 Hope You Will Enjoy Their 💕PROMISE💕
💕 Final Chapter 💕
Start from the beginning
