💕CHAPTER 01💕

1.6K 174 3
                                        

අද උදේම හොස්පිට්ල් එකට ගිහින් මුළු දවසෙම එක දිගට වැඩ කරපු නිසාම, මම ගෙදර ආවේ ගොඩක් මහන්සියෙන්. කලින් දවසේ රෑ වැඩ කරන්න හිටියනම් මීටත් වඩා අමාරු වෙන්න තිබ්බා. වෙලාවට මම ඒ වෙනුවට උදේට වැඩ කරන්න ගියේ. අද අනිත් කට්ටිය ටිකක් විතර අඩු වුණු නිසා ,මට වැඩ වැඩි වුණා. ඒක තමයි මේ මහන්සිය. මම හිත හිතා ඉද්දි බස් එක නැවැත්තුවා. මම එකපාරට මේ ලෝකයට ආවේ බස් එක බ්‍රේක් කරනවත් එක්ක මාව ඉස්සරහට විසි වුණු ගතිය නිසාමයි. මම කලබලයෙන් බස් එකෙන් බැස්සේ මගේ බෑග් එකත් එල්ලගන්න ගමන්.

මම බස් එකෙන් බැහැලා බස් හෝල්ට් එකෙන් වාඩි වුණා. හරියටම ඊළඟ බස් එකේ මගේ යාලුවා එනවා, ඉතින් වෙනදා විදියටම මම එයා එනකම් බලාගෙන හිටියා. මම මගේ ෆෝන් එක ඔන් කළා, වෙලාව රෑ හත හමාරට විතර ඇති. මම ෆෝන් එක ආයෙමත් බෑග් එක ඇතුළට දාගත්තා. ඊට පස්සේ ආයෙත් නැගිටලා පාර දිහා බැලුවා. තාම නෑනේ 🙄 මම පාර එහා පැත්ත බැලුවා. වයසක ආච්චි අම්මා කෙනෙක්. මේ රෑ එයා තනියම එළියේ මොනවා කරනවාද දන්නේ නෑ. එයා ඇවිදින්නෙත් ටිකක් අමාරුවෙන්, කවුරුත් එයාගේ ගාව ඇත්තෙත් නෑ. අනේ මන්දා.. ආයිෂ්.. මටත් ඕන්නැති දෙයක් නෑනේ.

මම මගේම ඔළුවට තට්ටුවක් දාගත්තේ ආයෙත් පාර දිහා බලන ගමන්. යන්තම් ඇති, එයාගේ බස් එක එනවා. එයා බස් එකෙන් බැස්සේ ෆෝන් එකත් කනේ තියාගෙනමයි. මම කතා නොකර එයා ෆෝන් එක තියනකම් බලාගෙන හිටියා. ටිකකින් එයා ෆෝන් එක තියලා මගේ දිහා බලලා ටිකක් කපටි විදියට හිනා වුණා.

- සොරි ජිමිනි, අද ටිකක් විතර පරක්කු වුණානේ..

- හ්ම්.. මට පේනවා. කවුද කෝල් කළේ?

- ආ.. දැන්ද?ජන්ග්කුක්!!ජන්ග්කුක් තමයි කෝල් කළේ..

- ආ.. ඒකත් එහෙමද??එයාට අපිට කෝල් කරන්න එහෙම හිතෙන්නේ නැතිද දන්නේ නෑනේ!?

- එයා ඒක කියන්න තමයි මට කෝල් කළේ!!ඔයාට එහේ එන්නලු. පාළුයි කිව්වා ඔයා නැතිව.

- ඉතින් ඒක ඔයාට කියන්නේ?මට කිව්වා නම් මම යනවනේ..

- ඔන්න ඉතින්. ඔයාගේ මල්ලි මට ඒක කිව්වේ ඇයි කියලා ඔයාට තේරුණේ නෑනේ.. එයා ඒක ඔයාට මූණට කියන්න ලැජ්ජයි. එයා ඔයත් එක්ක ඉද්දි රණ්ඩු වෙන එකමනේ වැඩේ, ඉතින් එහෙම කරන එයාටම ඔයාට ආයේ එහේ එන්න කියන්න ලැජ්ජයි වගේ ඇති. ඒකනේ මට කිව්වේ.. මට කිව්වා ඔයාට කෙලින්ම එහෙම කියන්න එපා කියලත්..

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now