💕 Final Chapter 💕

845 167 30
                                        

කොහොම හරි අන්තිමට ඒ දවස ආවා. ආච්චි අම්මට එන්න බැරි වුණාට එයා වෙනුවෙන් ඒක Record කරගන්න එදා ඩොක්ටර් හෝසෝක් ආවේ එයාට එදා නිවාඩු දවසක් වුණු නිසයි. ඒක ගොඩක් ලොකු Hall එකක්. යුන්ගි Hyung වගේම මමත් ගොඩක් කලබලයෙන් හිටියේ, ඒත් අපි දෙන්නම දෙන්නට දෙන්නා සැනසුවේ හැමදේම හොඳින් වෙනවා කියලා කියන ගමන්. දැනටමත් Performances අටක් විතර තිබුණා. අපේ එක තිබුණේ දොළොස්වෙනියට වගේ.

ඒ වෙලාව ආවා, ඊළඟට අපේ Performance එක!!මට දැන් නම් ඇත්තටම ගොඩක් බයයි, බයයි කිව්වට ඒක බයක් නෙවෙයි ඊට වඩා ටිකක් විතර වෙනස් හැඟීමක්. මට ඒක විස්තර කරන්න ඇත්තටම වචන එන්නේ නෑ. කුකී එක්ක Taehyung වගේම තව අපි අඳුනන ගොඩක් අය ඇවිත් හිටියේ අපිට SUPPORT කරන්නයි. මේක මටත් වඩා යුන්ගි Hyungට ලොකු ශක්තියක් වුණා කිව්වොත් මම හරි. කොහොමත් අන්තිමට මේ තරඟයෙන් දිනලා අනාගතය ගොඩනගාගන්න පුළුවන් වෙන්නේ තුන් දෙනෙක්ට විතරයි.

Performance එකට විනාඩි දෙකක් විතර තියෙද්දි Hyung මාව ගොඩක් තදින් වැළඳ ගත්තා, මමත් එයාව ගොඩක් තදින් වැළඳ ගත්තේ එයාව විතරක් නෙවෙයි මාවත් සනසවගන්න ගමන්. මේක TV Channels කීයකින් Live air වෙනවද කියලා මම දැනන් හිටියේ නෑ, කීදෙනෙක් මේක බලනවද කියන්නවත් මම දන්නේ නෑ, මම ලොකු හුස්මක් අරන් මාව සන්සුන් කර ගත්තා. ඊට පස්සේ ඒ රතු පාට Curtains ටික වැහුණාම අපි Stage එක උඩට ගියා. Hyung මගේ අත ගොඩක් තදින් අල්ලා ගත්තා වගේම මමත් එයාගේ දිහා බලලා ගොඩක් ලොකු හුස්මක් ගත්තේ එයාගේ අත තදින් අල්ලගන්න ගමන්.

Curtains ටික ඇරෙද්දී කන් බිහිරි වෙන තරම හයියෙන් මිනිස්සුන්ගේ අත්පොලසන් හඬ වගේම උද්යෝගයෙන් කෑ ගහන සද්දේ මට ඇහුණා. අපි දෙන්නා අපේ INTRODUCTION එක කළා. දැන් මගේ ඔළුව තනිකරම හිස්. කිසිම හැඟීමක් නෑ.

Hyungට කතා කරන්න බැරි නිසා, මම Mic එක අරගෙන මගේ පුටුවේ ඉඳගත්තා, Hyungත් එයාගේ ගිටාර් එක අරගෙන එයාගේ පුටුවෙන් වාඩි වුණා.

- හෙලෝ. අපි දෙන්නා Mini Mini නැත්නම් Yoonmin. මේ ඉන්නේ මගේ Hyung Min Yoongi, මම Park Jimin. හිතනවා ඔයාල හැමෝම මගේ Hyungගේ ලස්සන Melody එකත් එක්ක මගේ හඬින් ගැයෙන එයාගෙයි මගෙයි පද මාලාව රසවිඳීවි කියලා. මේ අපේ Promise 💕

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now