💕CHAPTER 03💕

612 141 7
                                    

ගෙදර ආව ගමන් මම කාමරේට ගිහින් වොෂ් එකක් දාගෙන කෑම කන්න ගියා. කුකීට නම් Taehyungගේ අම්මා මාර ආදරෙයි වගේ, එයාගේ හුරතල් පෙනුමට ඕන කෙනෙක් ඉතින් එයාට ඉක්මනටම ආදරේ හිතෙනවනේ.. මම ගිහින් කෑම මේසයෙන් ඉඳගත්තා. ටිකකින් Taehyungගේ Hyungල දෙන්නත් ආවා. නම්ජුන් Hyungනුයි, සොක්ජින් Hyungනුයි. නම්ජුන් Hyung නම් අපාට්මන්ට් එකක අයිති කාරයෙක්. සොක්ජින් Hyung නම් Seoulවල වැඩ කරන්නේ, එයත් එහේ Hospital එකක අයිතිකාරයෙක්, එයත් ඩොක්ටර් කෙනෙක් තමයි. එයා නිවාඩුවට පෙරේදා තමා මෙහෙ ආවේ. එයා මට නිතරම මගේ වැඩවලට ගෙදර ඉන්න වෙලාවට උදව් කරනවා. එයාලා දෙන්නත් කුකීට ගොඩක් කැමතියි වගේ.

- ඉතින් කොහොමද කුකී??කාලෙකින්නේ ඔයාව හම්බ වුණේ..

නම්ජූන් Hyung එහෙම කියද්දි කුකී එයා දිහාවට එයාගේ කියුට් හිනාව දැම්මා.

- හොඳයි Hyung, මට කිව්වා අපේ Hyung දැන් ඔයාගේ දෙවෙනි අපාට්මන්ට් එකෙත් වැඩ පටන් අරන් කියලා. ඒක හැදුවට පස්සේ මුල්ම ගෙදර මටයි අපේ ජිමිනි Hyungටයි ඕන හොඳේ..

- ආ.. ජිමිනි හැමදේම කියලා වගේ.

- මම නෙවෙයි, මට ඕවා කියවන්න වෙලාවක් හම්බ වෙනවයැ.

- ඔව් ඔයාට ඉතින් අපිට කතා කරන්නවත් වෙලාවක් නැති තරම් වැඩනේ.. මට ඉතින් මෙයා ගැනයි මෙහෙ විස්තර ගැනයි අහන්න ඉන්න අනිත් එකම කෙනා ඉතින් Taehyungie Hyung තමයි.

- එතකොට අපේ Taehyungද ඔයාට ඕවා කිව්වේ??

- ඔව් එයා තමා. ඇත්තට කෝ දැන් Taehyungie Hyung??

- එයාට කවුද කෝල් කරලා දැන් පැය කාලක් විතර ඉඳන් කියවනවා..

- පැය කාලක්??ආන්ටිගේ සැකේ හරි ආන්ටි.. මටවත් කිව්වේ නෑනේ..

මම කිව්වේ හිනා වෙලා කෑම කන ගමන්. ජන්ග්කුක් මගේ දිහා බලලා පොඩි කපටි ඒත් අහිංසක හිනාවක් දැම්මා, ඒ ගමන මොකාටද මේ පොඩි හාදයා එන්න හදන්නේ??මම ෆෝන් එක අතට ගත්තේ, මට Msg එකක් ආව නිසා. මම ෆෝන් අරගෙන Msgs චෙක් කළා. මොකක්!?මගේ ඉස්සරහා ඉඳන් මටම Msg කරනවද??ජන්ග්කුක් නම්.. මම Msg එක Open කළා.

"Hyung, Taehyungie Hyungට වගේ ඔයාටත්... "

මම ඒක කියවලා එයාගේ දිහා බැලුවා, එයා මගේ දිහා තාමත් අහිංසක ඒත් ඒ කපටි හිනාවත් එක්ක බලාගෙන ඉන්නවා. එයා ඊළඟ වතාවේ මගේ දිහා බලලා ඇසුත් ලොකු කළේ, මට කැස්සකුත් එද්දියි. මොනවද මෙයාට වෙලා තියෙන්නේ??

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now