ආයෙත් එයාගේ Typing Communication ක්‍රමය.
- එහෙනම්, මට සින්දුවක් කියනවද??ඔයාගේ කටහඬ අහන්න ඕන!?
මම හිනාවෙලා , ඔව් කියන්න ඔළුව වැනුවා මොකද්ද කියන්න ඕනේ කියලා මගේ ඔළුවේ නෑ. එතකොට මට මතක් වුණේ එයා Hospital Garden එකේ ගිටාර් එකෙන් ගැහුව Melody එක. මමත් එයාගේ ක්‍රමයටම Type කළා.
- ඔයාට පුළුවන් නම් අර කලින් ඔයා Garden එකේ ගැහුව Melody එක Play කරන්න. මම humming කරන්නම්.
එයා ඔළුව වනලා ඒක අනුමත කළා, ඊට කලින් මම එයාගේ බේත් ටික එයාට දුන්නා. ඊට පස්සේ කාමරයේ කෙලවරක තිබ්බ ගිටාර් එක එයාට ගෙනත් දුන්නා. එයා ඒක Play කරන්න පටන් ගත්තා, හරිම Simple ඒත් Comforting Melody එකක් ඒක. මම ඒකේ තාලයට Humming කළා. මම ඒක කළාට පස්සේ, එයා මගේ අතට කොළයක් දුන්නා, ඒක ටිකක් විතර පොඩි වෙලා. ඒ විතරක් නෙවෙයි ඒකේ ලියලා තිබ්බ වචනත් ඒ හැටි පැහැදිලි නෑ. ඒත් කියවගන්න නම් පුළුවන්.
ඒකේ තිබ්බේ නිකන් සින්දුවක Lyrics වගේ.. මම එයාගේ දිහා ආයෙත් බැලුවා, එයා මට ඊළඟට Type කරලා ඇහුවේ ඒ වචන ටික කලින් Melody එකක් අනුව කියන්න පුළුවන් ද කියලා. මම අවිනිශ්චිතව ඔළුව වැනුවේ බෑ කියන්න වගේ, මම මීට කලින් මෙහෙම Lyrics තියෙන සින්දුවක් අහලා නෑ,
- මම මේ සින්දුව අහලා නෑනේ.. ඔයා Musicවලට ගොඩක් ආසයි වගේ. මමත් ආසයි ඒත් මේක අහලා නෑ.
එයා ඒක අහලා හිනාවුණා, එයාගේ හිනාව හරි Sweet. Gummy Smile !! ඒක දැක්කම මමත් එයාත් එක්ක හිනා වුණා.
- මේක ඔයා කලින් අහලා තියෙන්න විදියක් නෑ ජිමින්. මේක මම තනියම හදපු සින්දුවක්. ආච්චි අම්මාගෙන් පස්සේ ඔයා තමයි මේක දෙවෙනියට දකින්නේ.
ඒක දැක්කම මට පුදුම හිතුණා. මම ආයෙත් ඒ වචන ටික කියවලා බැලුවා. හරිම ලස්සනයි. හරිම Sweet වචන වුණත් ඒකේ හරිම ලස්සන තේරුමක් තිබුණා. ඒ වචන ටික අර ලස්සන Melody එකත් එක්ක එකට ගැයෙද්දි කොච්චර ලස්සන වෙයිද??ඒත් මට ඒ ලස්සන ගේන්න පුළුවන් වෙයිද??මම එයා දිහා ආයෙත් අවිනිශ්චිත බැල්මකින් බැලුවම, එයා මට ලිව්වේ
-"ඔයාට ඒක කරන්න පුලුවන්, මම මේ සින්දුවට හෙව්වේ ඔයාගේ වගේ Sweet කටහඬක්. ඔයා Staff Room එකේ ඉද්දි මට ඔයා සින්දු කියනවා ඇහුණා, ඒ වෙලාවෙම මම හිතාගත්තා, මේ සින්දුව කියන්න හොඳම කෙනා ඔයා කියලා. ඔයා කැමතිද??ගොළු කෙනෙක් එක්ක සින්දුවක් කරන එක අමාරුයි, ඒත් ඔයා කැමතිනම් අපිට පුළුවන් මේ වතාවේ New Artist Competition එකට යන්න. මේක එතනදි කිව්වොත් මගේ හීනේ ඉෂ්ට කරගන්න වැඩේට මම තවත් ළංවෙනවා, එතකොට තවත් ආච්චි අම්මටවත් මටවත් දුක් විඳින්න ඕන නෑ, ඔයාට පුළුවන් ද මේකට අපිට උදව් කරන්න!?ඔයා අකැමැති නම් කියන්න, මම බල කරන්නේ නෑ.."
New Artist Competition!?මේකෙන් නේද අර දක්ෂ තරුණ Producersල Singersල Dancersල තේරෙන්නේ.. ඒ කියන්නේ මෙයාගේ හීනේ Producer කෙනෙක් වෙන එක!?ඒත් එයාට කතා කරන්න බැරිව ඒ දේවල් කොහොම කරන්නද එයා!?ඒත් මට ඒ දේවල් ගැන එයාගෙන් ප්‍රශ්න කරන්න ඕන නෑ, මම එයාට මට පුළුවන් විදියට උදව් කරනවා, මම හිතන්නේ මෙයා එක්ක මට වැඩ කරන්න ලැබෙනවා කියන්නේ, මට හොඳ දෙයක්!! මොකද කවුද දන්නේ අනාගතයේදි මෙයා ගොඩක් ප්‍රසිද්ධ Producer කෙනෙක් වෙයිද කියලා!?එතකොට එයාගේ දිනුමට මමත් හේතුවක් වෙයි, සමහර විට මටත් Artist කෙනෙක් වෙන්න පුළුවන් වෙයි!?ඒත් මට නම් මේ ඉන්න විදිය හොඳයි වගේ. ඩොක්ටර් කෙනෙක් වෙන එකනේ මගේ හීනෙ!!මම මෙයාට උදව් කරනවා!!ඔව් මට පුළුවන්!!
මම එයාගේ දිහා බැලුවා, ඊට පස්සේ මම එයාට උදව් කරනවා කියලා මම එයාට කිව්වා. එයාට ගොඩක් සතුටු හිතුණා. එයා සතුටට මාව තදින් වැළඳ ගත්තා.. මමත් හිනාවෙලා එයාව වැළඳ ගත්තා. එයාට ඕන එයාගේ හීනෙට යන්න, ඒ ගමන්ම එයාගේ ආච්චි අම්මව පරිස්සමින් බලාගන්න, එයාගෙම දක්ෂකම් වලින්. ඒකේ කිසිම වැරැද්දක් නෑ!?මමත් එයාට උදව් කරනවා!එතකොට මට සතුටක් දැනෙයි, මම කලින් කිව්ව වචනයකින් හරි එයාගේ හිත රිදුණානම් ඒක දැන් නැති වුණා කියලා.
ඊට පස්සේ එයාට ටික ටික හොඳ වෙනවත් එක්කම මම හොස්පිට්ල් එකේ වැඩත් කරන ගමන්ම එයත් එක Practising පටන් ගත්තා.
මුලදි ඒක ගොඩක් අමාරුයි, මොකද පටන් ගන්න ඕන තැන්, ඉවර වෙන්න ඕන තැන් ගැන වගේම පුංචි පුංචි වෙනස්කම් කරන්න ඕන තැන් ගැන අපිට කතා කරගන්න ගොඩක් අමාරු වුණා, ඒත් මම මගේ උපරිමයෙන් එයාගේ ලස්සන සින්දුවට සාධාරණයක් කරන්න එයාගේ උදව් එක්ක Practising දිගටම කළා. වෙලාවකට ඒ සින්දුව Practice කරන එක මට ලොකු සහනයක් වුණා. කාලයත් එක්කම ඒ සින්දුව මම මුමුණන්නත් පටන් ගත්තා, තරඟයට සති දෙකක් තියෙද්දි මට සින්දුව සම්පූර්ණයෙන්ම කිසිම තැනක් වරද්දගන්නේ නැතිව කියන්න පුළුවන් තරමට මම දියුණු වුණා. අපි ආච්චි අම්මටත් අපේ Practising ගැන කිව්වා, එයත් අපිට එක සිතින් සුබ පැතුවා.
සින්දුව Live කියන නිසා මම ගොඩක් හොඳට පුරුදු වුණා, එදාට ගොඩක් අය ඉස්සරහා කියන්න වෙන නිසා පොඩ්ඩක්වත් වරද්දගන්න මට උවමනා වුණේ නෑ, අපි Practising කරන අතරෙම අපි දෙන්නා අතර ලස්සන යාළුකමක් ගොඩ නැගෙමින් තිබුණා.
TOMORROW THE LAST PART 💕
අදත් ටිකක් දිග චැප්ටර් එකක්නේ, අදහස් කියන් යන්න 🤗
#KimSeokMin 💜
YOU ARE READING
💕PROMISE 💕 ( Completed )
FanfictionShort Story!! Yoonmin Soft Ship Story 💕 Hope You Will Enjoy Their 💕PROMISE💕
💕CHAPTER 04💕
Start from the beginning
