ඒක දැක්කට පස්සේ මෙච්චර වෙලා අමාරුවෙන් පාලනය කරන් තිබ්බ මගේ කඳුළු ආයෙත් එළියට එන්න පටන් ගත්තේ ඉකියකුත් පිටවෙද්දියි. ඒ වතාවේ එයා මගේ දිහා බලනවා මට ලාවට වගේ පෙනුණේ, කඳුළු නිසා බොඳ වුණු මගේ දර්ශන පථයෙන්.
එයා ඉක්මනට Type කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ ආයෙත් ඉස්සෙල්ලා වගේම මගේ දිහාවට දික් කරා විතරක් නෙවෙයි, එයා මගේ අත අරගෙන එයාගේ ෆෝන් එක මගේ අත උඩින් තිබ්බා.
- ඇයි එකපාරට පොඩි ළමයෙක් වගේ අඬන්නේ??ඩොක්ටර් කෙනෙක් නේද??ඔහොම ඇඬුවම ලෙඩ්ඩුත් බය වෙනවනේ.
මම ඒක කියෙව්වට පස්සේ එයාගේ දිහා බැලුවා, එයත් මගේ දිහා බලාගෙන ඉන්නවා.
- මට.. මට සමාවෙන්න Hyung!!
මම කිව්වේ තවත් වතාවක් මගේ කම්මුල් කඳුලින් තෙත් වෙද්දියි. එයා එයාගේ එක අතකින් මගේ කඳුළු පිහදාලා ආයෙත් ෆෝන් එකේ Type කරන්න පටන් ගත්තා.
- අඬන්න එපා, ඔයා නිසා නෙවෙයි මම අසනීප වුණේ!මම අසනීප වුණේ මගේ විකාර මනස්ගාත නිසා. ඔයා ඒකට සමාව ගන්න ඕන නෑ.
මම ඒක කියෙව්වට පස්සේ මම ආයෙත් එයාගේ දිහා බැලුවා. එයා ආයෙත් මගේ දිහා ඉස්සෙල්ලා වගේම බලාගෙන ඉන්නවා, හැබැයි මේ වතාවේ පුංචි හිනාවකුත් එක්කයි.
- ඒත්.. ඒත්.. මට සමාවෙන්න.. ම.. මම...
එයා මගේ අතින් අල්ලල මම කියන්න ගිය දේ නැවැත්තුවා.
එයා ඊට පස්සේ එකපාරට ෆෝන් එක අරන් වේගෙන් Type කරන්න ගත්තේ යටි තොලත් හපාගෙනමයි. ගොඩක් කලබලයෙන් වගේ. කලින් වගේම ආයෙත් මගේ අතට එයාගේ Phone එක දුන්නා.
- ඔයාට සින්දු කියන්න පුළුවන් ද??
මම ඒක කියවලා එයාගේ දිහාවට ප්‍රශ්නාර්ථ බැල්මක් දැම්මේ, එකපාරට එහෙම දෙයක් අහපු එකෙන් මම පුදුම වුණු නිසා. එයා ආයෙත් ඇහි බැමක් උස්සලා මගේ උත්තරේ බලාපොරොත්තු වුණා. මම ඔව් කියන්න ඔළුව වැනුවා. මම පොඩි කාලේ ඉඳන්ම Dancing කළත්, කුකී එක්ක එයාගේ Competitionsවලට මමත් Practice වුණු නිසා මටත් ටිකක් විතර සින්දු කියන්න පුළුවන් වුණා. කුකී නම් කියන්නෙම මම ගොඩක් හොඳට Sing කරනවා කියලා. ඒත් මට නම් අනේ මන්දා, ඒ ගැන එච්චර අදහසක් නෑ.
YOU ARE READING
💕PROMISE 💕 ( Completed )
FanfictionShort Story!! Yoonmin Soft Ship Story 💕 Hope You Will Enjoy Their 💕PROMISE💕
💕CHAPTER 04💕
Start from the beginning
