- අනේ.. ම..

මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන එන්න පටන් ගත්තා, මම එයාට කී වතාවක් එක එක ඒවා කිව්වද??එයාට ඒ හින්දද අර විදියට අසනීප වුණේ??මම මොන විදියේ ඩොක්ටර් කෙනෙක් වෙයිද??මේ විදියට කොහොමද මම හොඳ ඩොක්ටර් කෙනෙක් වෙන්නේ??මම මගේ පේෂන්ට්ලව තේරුම් ගන්නේ නැතිව කොහොමද මම ඩොක්ටර් කෙනෙක් වෙන්නේ??මට ගොඩක් දුක හිතුණා, මම ගැන වගේම යුන්ගි ගැනත්. මම එළියට ගිහින් එයාගේ කාමරය ගාවට ආවේ එක දිගට ගලන මගේ කඳුළු නවත්තගන්න හදන ගමන්.

මම කාමරයේ දොර ගාව නැවතිලා, ඇතුළේ සිහි නැතිව හරි නිදාගෙන හරි ඉන්න එයා දිහා බලාගෙන ඉද්දි නර්ස් කෙනෙක් එයාගේ බේත් අරන් එතනට ආවා. මම ඒ නර්ස්ගෙන් ඒ බේත් ටික ඉල්ලගත්තේ ඇතුළට ගිහින් මට එයාගෙන් සමාව ගන්න ඕන වුණු නිසා. මම බේත් ටිකත් අරන් ඇතුළට ගියාමයි දැක්කේ, එයා ලාවට ඇස් ඇරලා ඉන්න බවක්. ඒ කියන්නේ මම එළියේ ඉඳන් එයා දිහා බලන් ඉන්නවත් එයා දකින්න ඇති. කමක් නෑ, මට ඕනේ සමාව ගන්න විතරයි.

මම බේත් ටික එයාගේ ඇඳ ගාවින් තියලා, ඒ ළඟින්ම පුටුවකින් ඉඳ ගත්තා. එයා තාමත් ලාවට ඇරුණු ඇස් වලින් ඉදිරියම බලාගෙන හිටියේ මාව දකින්න අකමැත්තෙන් වගේ. මම බිම බලාගත්තේ මගේ අකීකරු ඇස්වලින් ආයෙත් කඳුළු ගලන්න පටන් ගනිද්දියි.

- ම.. මට..

මගේ කටහඬ ආයෙත් බිඳිලා ගිය නිසා මම ආයෙත් ලොකු හුස්මක් අරන් මාවම සන්සුන් කරගත්තා.

- Hyung, මට.. ම...
අහ්.. බෑනේ.. මම බේත් ගෙනාවා ඔයාගේ.. බොමු නේද??හිමිහිට නැගිටින්නකෝ.

මම එයාව නැගිට්ටවන්න අතින් අල්ලන්න හදද්දි එයා අත ගසලා ගනීවි කියලා මම හිතුවත් එයා මම අත අල්ලන්නත් කලින් තනියමම කෙලින් වුණා. ඒ එක්කම එයාට පොඩි කැස්සක් ආව නිසා මම එයාට වතුර වීදුරුවක් දුන්නා. එයා ඒක ගන්නවා තියා මගේ දිහා හැරෙන්නවත් වෙහෙසුණේ නෑ. ඒ වෙනුවට එයාගේ ෆෝන් එක අරන් මොනවද Type කරන්න පටන් ගත්තා.

ඊට පස්සේ ඒක මගේ දිහාවට පෙන්නුවා.
එයා නම් හැරුණේ නෑ.

- මම ඔයාට Hyung තමයි. බේත් ටික ගෙනාවනම් දැන් යන්න.

💕PROMISE 💕 (  Completed ) Donde viven las historias. Descúbrelo ahora