💕CHAPTER 04💕

Magsimula sa umpisa
                                        

- අහ්.. දැන් ඔයා රෙස්ට් කරන්න, මම බේත් ටිකත් අරන් එන්නම්..

මම එයා කියන්න ගිය දේට බාධා කරමින් කිව්වේ, එයා අහන්න ගිය දේට මට දෙන්න උත්තරයක් හරියටම නැති නිසයි.

මම එයාව දිගා කරවලා එතනින් යන්න හදද්දි, එයා මගේ අතින් අල්ලගත්තා.

- මොනව හරි ඕනද මගේ ආච්චි අම්මට??

- දරුවෝ.. මට කියන්න දෙයක් තියෙනවා..

- කියන්නකෝ.. දැන් නම් ඔයාට කලින්ට වඩා හොඳයි වගේ.. හොඳට කතා කරනවත් එක්කනේ..

- දරුවෝ.. ඔයා දන්නවද දන්නේ නෑ ඒත්.. මගේ.. ඔයා එයාට කතා කරන්න කියන එක නවත්තන්න..

- කාටද??

- යුන්ගිට..

- ඒත් ඇයි ආච්චි අම්මේ?
මම කිව්වේ මගේ හිතේ ඇතිවුණු කලබල ගතිය පෙන්නුම් කරන්නේ නැතිව පුළුවන් තරම් යටපත් කරගන්න ගමන්.

- මේ.. මො.. මොකද කිව්වොත් එයාට කතා කරන්න බෑ ඔයත් එක්ක..

- ඒ කිව්වේ එයා??

- න.. නෑ.. එයා ගොළු කෙනෙක් නෙවෙයි, ඒත්.. එයා ගොඩක් පොඩි කාලෙදි අම්මයි තාත්තයි එක්ක ඇක්සිඩන්ට් එකකට මූණ දුන්නා, එදායින් පස්සේ ඒ ෂොක් එක නිසා එයා අවුරුදු ගාණක් යනකම් කතා කළේ නෑ, ඒත් එයාව කතා කරවන්න මම එයාට ගොඩක් උදව් කළා, ඉතින් ටික ටික එයා ලාවට ලාවට කතා කළා, ඒත් ඊට පස්සේ එයාට ඉස්කෝලේදි ළමයි විහිළු කළා, ගොළු කෙනෙක් කියලා. ඉතින් එදා ඉඳන් එයා දිගටම කතා කරන්න උත්සාහ කළා, කොච්චර උත්සහ කළාද කිව්වොත් දවසක් එයා හොඳටම අසනීප වුණා. එදායින් පස්සේ මමවත් එයාට කතා කරන්න කියලා කිව්වේ නෑ, එයා තාමත් නින්දෙන් බය වෙලා කෑ ගහනවා. එයාට කතා කරන්න පුලුවන් ඒත් එයාට ඒ ෂොක් එක නිසා දැනට කතා කරගන්න බෑ.. ඒක කවදාහරි නැති වෙනකම් මම බලන් ඉන්නවා. මම මේ ලෝකෙන් යන්න කලින් එයාට කතා කරගන්න පුළුවන් වුණොත් මට ඒක හොඳටම ඇති..

- අ.. අහ්.. අනේ.. මම ඒ බවක් දැනන් හිටියේ නෑ.. අනේ. මට සමාවෙන්න...

- ඔව් ඔයා කොහොම දැනගෙන ඉන්නද??ඒකට කමක් නෑ, දැන් ඔයා දන්නවනේ.. ඔයා හොඳ කෙනෙක් බව මට තේරුණු නිසයි මම මේ දේවල් ඔයාට කිව්වේ.. එයා කැමති නෑ කවුරුත් එයාගේ අතීතයේ දැනගන්නවට, ඒත් මම ඔයාට ඒ දේවල් කියන්නේ නැතිව ඔයාට නිකන්ම එයා එක්ක කතා කරන්න එපා කියන්න බෑනේ.. ඒ නිසයි මම ඔයාට කිව්වේ..

💕PROMISE 💕 (  Completed ) Tahanan ng mga kuwento. Tumuklas ngayon