එයා වචනයක්වත් නොකියා ආච්චි අම්මට තවත් තුරුළු වුණා. ආච්චි අම්මා එයාගේ ඔළුව අත ගාලා, එයාව තවත් තුරුළු කර ගත්තා.
- අ.. අනේ.. ම..මගේ.. යුන්ගි.. අ.. අඬනවද.. ඔ.. ඔයා...
එයා ආයෙත් කෙලින් වෙලා, ඇස්වල කඳුළු පිහදගත්තේ මගේ දිහා බලන ගමන්.
- ඔ.. ඔයා..මෙයාට.. ස්තූතියි කළාද??... මේ දරුවා තමයි මාව බේරගත්තේ...
එයා නැගිටලා මගේ දිහාවට ආචාර කළේ ලාවට හිනාවෙන ගමන්. මම එයාගේ ගාවට ගිහින් හිනා වුණා.
- ආච්චි අම්මේ.. ඔයාගේ යුන්ගි මාත් එක්ක කතා කරන්නේ නෑනේ.. මෙයා මට Hyungද කියලවත් මම දන්නේ නෑ..
- ආ.. මේ.. මෙයා.. මම.. හිතන්නේ.. ඔයාට.. වඩා වැඩිමල්...
- මටත් හිතුණා.. මේ ඔයා කතා නොකර ඉන්න එපා, කතා කරන්නකෝ ආච්චි අම්මා වගේ..
- ආ.. දරුවො.. මේ...
ආච්චි අම්මා මොනවද කියන්න ගියත් ඊට කලින්, එයා ආයෙත් කේන්තියෙන් වගේ එළියට ගියේ මගේ ඇඟෙත් හැප්පීගෙනයි..
- ආයෙත් ඉස්සෙල්ලා වගේමයි.. මාව තල්ලු කරගෙන ගියානේ.. මම හිතුවේ දැන් එයා මාත් එක්ක හොඳයි කියලා, ඒත් නෑනේ..
ආච්චි අම්මට ඉන්න දීලා, මම ආයෙත් Hospital Staff Room එකට ගිහින් හිටියේ මට හවස ඉඳන් පොඩි ඔළුව කැක්කුමක් තිබුණු නිසයි, ටික වෙලාවක් යද්දි අඩුවෙයි කියලා හිතුවත් එන්න එන්නම වැඩි වුණු නිසා, ටිකක් ඉඳගෙන ඉන්න කියලා මම Staff Room එකට වෙලා ඉන්න හිතුවා.
- අ.. ඔළුව...
මම ඔළුව අල්ලගෙන ඉඳලා, බැරිම තැන වතුර එකක් එක්ක Painkiller එකක් බිව්වා. ආයෙත් පුටුවකට හේත්තු වෙලා ඉද්දි, ඩොක්ටර් හෝසෝක් ආව නිසා මම එයත් එක්ක එයාගේ කැබින් එකට ගියා. ඩොක්ටර්ට මේ දවස්වල ගොඩක් Patientsල හිටිය නිසා, එයා ගොඩක්ම හිටියේ හොස්පිට්ල් එකේ.. මම එයාට එයාගේ වැඩවලට උදව් කරන නිසා, මට හිතුණෙම මම මේ ලෙඩ ගැන නොකියා ඉන්න ගමන් එයාට වැඩවලට උදව් කරන්න ඕනේ කියලයි.
- ඩොක්ටර් මොකද වුණේ??
- මේකයි, මිස්ට යුන්ගි මම එද්දි Hospital Garden එකේ සිහි නැතිව හිටියා. ඉතින් මම එයාව ආයෙත් Treatments වලට ගත්තා. එයාට ටිකක් අසනීපයි.
- ඒ කිව්වේ ඩොක්ටර්??
- ඒ කිව්වේ මේකයි, එයා අසනීපෙන් ඉන්නවා කියන එක එයාගේ ආච්චි අම්මට දැනගන්න තියන්න එපා, මොකද එතකොට එයත් කලබල වෙයි. මේ වතාවේ එයා ටිකක් විතර කම්පනයකින් ඉන්න බවකුත් පේනවා. හරියට නිකන් පරණ මතකයක් වගේ දෙයක් නිසා..
- හරි මට තේරුණා ඩොක්ටර්.
ඩොක්ටර් එයාගේ කාමරයට ගියා, එයා ඔළුවත් අල්ලගෙන වේදනාවෙන් ඉන්න බව මට පෙනුණා. එයා මාව දැකලා වෙව්ලන්න පටන් ගත්තා.. ඒක මට තේරුණු නිසා මම එතනින් හැංගුණා.
ඩොක්ටර් හෝසෝක් එයාට කතා කළා.
- මිස්ට යුන්ගි, කලබල වෙන්න එපා. කවුරුත් ඔයාට මුකුත් කියන්නේ නෑ. ඒ වගේම මෙතන ඔයාගේ ආච්චි අම්මත් හොඳින් ඉන්නවා.
එයා වචනයක්වත් නොකියා තවත් තදින් එයාගේ ඔළුව අල්ලගත්තා. මට මොහොතකට මේ හැමදේම වෙන්නේ මම හින්දද කියලයි. ඒ සිතුවිල්ල නිසා මට ඇස්වලට කඳුළු එන්න පටන් ගත්තත් මම ඒවා පිහදගෙන ඩොක්ටර් හෝසෝක් කියන දේට කන් දුන්නා.
TOMORROW NEXT PART 😁💕
STAY SAFE EVERYONE. අද එක ටිකක් දිගයි නේ. කමක් නෑ ඔය මොනාහරි කොටාගෙන යන්නකො 😜.
#KimSeokMin 💜
YOU ARE READING
💕PROMISE 💕 ( Completed )
FanfictionShort Story!! Yoonmin Soft Ship Story 💕 Hope You Will Enjoy Their 💕PROMISE💕
💕CHAPTER 03💕
Start from the beginning
