......

- දැන්වත් කතා කරන්නකෝ??ගොළුවෙලා වගේනේ..

මම එහෙම කියනවත් එක්කම එයා මාව තල්ලු කරගෙන වගේ කේන්තියෙන් එතනින් යන්න ගියේ මම නොවැටී යන්තමින් බේරෙද්දියි. මම ආයේ එයා යන දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ.

- ඇත්තටම එයාට මම මොනවාහරි කේන්ති යන දෙයක් කිව්වද??

මම ආයෙම ඇතුළට ගිහින් මම අඳුරන Patientsල ගැන බලන්න ගියා, මම ආච්චි අම්මාව බලන්න යන්නත් අමතක කළේ නෑ, එයා දවල් සාමාන්‍ය වෝඩ් එකකට දාල තිබ්බේ එයාගේ රිපෝට්ස් හොඳ තත්වයක තිබ්බ නිසා, ඒත් ඉතින් එයාට ටික දවසක් යනකම් හොස්පිට්ල් එකේම ඉන්න වෙනවා කියලයි ඩොක්ටර් කිව්වේ.

මම එයා හිටපු කාමරයට යද්දි එයා මාත් එක්ක දුර්වල ඒත් ලස්සන හිනාවකින් සංග්‍රහ කළා, මමත් එයා එක්ක හිනාවෙලා ඇතුළට ආවා.

- කොහොමද දැන් ආච්චි අම්මේ ඔයාට??

- ම..මට දැන් හොඳ.. යි. ඔය දරුවට ගොඩක්.. ස්.. ස්තූතියි.

එයා ටිකක් තාම දුර්වලයි, ඒ නිසාමද කොහෙද එයාට ටිකක් විතර කැස්සත් තියෙනවා.

- හරි.. හරි, ආච්චි අම්මේ.. ඔයා දැන් රෙස්ට් කරන්න, වැඩිය කතා කරන්න එපා, ඒ වගේම හොඳ ළමයෙක් වගේ බේත් ටිකත් ගන්න ඕන. තේරුණා ද ආච්චි අම්මට??

- අ.. අනේ.. ඩොක්ටර්.. ගොඩක්.. ස්.. ස්තූතියි.. ම.. මගේ.. යුන්ගි කෝ.. ඩොක්ටර්...

- එයා ආවේ නැද්ද??එයා Hospital Garden එකෙන් මෙහාට ආවනේ..

- අ.. අනේ.. එ.. එයාට අසනීප.. වෙලා.. හිටියේ.. එ.. එයා හොඳින්ද??...

- එයා ගැන මම බලන්නම්කෝ.. ආච්චි අම්මා කලබල වෙන්නේ නැතිව රෙස්ට් කරන්නකෝ..

එයාව මම ඇඳෙන් හාන්සි කරවලා, කාමරෙන් එළියට යන්න හදද්දිම යුන්ගි ඇතුළට ආවා. එයාගේ අතේ ගිටාර් එක තාමත් තිබුණා.

- මිස්ට යුන්ගි, ඔයාව ආච්චි අම්මා හෙව්වා.

එයා මට ආචාර කරලා එහෙම්මම ආච්චි අම්මා ගාවට ගිහින් එයාගේ අතින් අල්ලගත්තේ, ඇඳින් ඉඳ ගන්න ගමන්.

- කොහොමද.. පුතේ.. ඔ.. ඔයාට දැන්.. හොඳයි ද??... ම.. මම.. ඔ.. ඔයා..ට.. බේත්.. ගන්න ගියාට.. අන්තිමට.. ඔයාටනේ... ම..මට බේත් ගන්න.. වුණේ...

💕PROMISE 💕 (  Completed ) Donde viven las historias. Descúbrelo ahora