💕CHAPTER 03💕

Start from the beginning
                                        

- හලෝ.. මින් යුන්ගි නේද ඔයා??

........

- අර එදා ඇක්සිඩන්ට් වෙලා මම එක්කගෙන ආව ආච්චි අම්මගේ කෙනෙක් නේද ඔයා??

එයා ඔව් කියන්න ඔළුව වැනුවා විතරයි. ඊට පස්සේ මාව මග ඇරලා යන්න හදද්දි මම ආයෙත් එයාගේ ඉස්සරහට ආවා. එයා මගේ දිහා බැලුවේ මූණේ කිසිම හැඟීමක් නැතුව වගේ වුණත් එයාගේ මූණේ තිබ්බ පෙනුම නිසා මට හිතුණේ එයාට මාව වදයක් වගේ දැනෙනවදෝ කියලා, එහෙමනම් එයාට මට කතා කරලා කියන්න පුළුවන් නේ, "ඔයා මට වදයක් වෙන්නේ නැතිව ඉන්න" කියලා.. එහෙම නොකියන තාක් කල් ඉතින් මට හරියටම නිගමනයකට එන්න බෑනේ..

- මම හිතන්නේ ඔයා අපේ ඩොක්ටර් හෝසෝක්ගේ යාලුවෙක්... එහෙමද??

එයා නෑ කියන්න ඔළුව වැනුවා විතරමයි.

- ම්.. එතකොට.. ඔයා එයාගේ වයසේ නෙවෙයිද??

නෑ කියන්න එයා ආයෙත් ඔළුව වැනුවා.

- හරි, අපි ඒක පැත්තකට දාමුකෝ.. ඔයා ගිටාර් Play කර කර නේද හිටියේ??ඇයි හදිස්සියෙම යන්න හදන්නේ??මම ආව නිසාද??

එයා ඒකට නම් කිසිම ප්‍රතිචාරයක් දුන්නේ නෑ, මම ආයෙත් එයාගේ ගිටාර් එක දිහා බැලුවා, ඒක කළු පාට ගිටාර් එකක්. මම ආයේ එයාගේ දිහා බලද්දි එයා මගේ දිහා එක දිගට බලාගෙන හිටියේ හරියට මගේ ගාව එයාට අයිති දෙයක් තියෙනවා වගේ, ඇත්තටම කිව්වොත් ඒ බැල්මට මම ටිකක් කලබල වුණා කිව්වොත් මම හරි.. ඒක බයක් නෙවෙයි, ඒත් ටිකක් විතර තිගැස්මක් වගේ..

මම අවට තිබ්බ ලොකු නිශ්ශබ්දතාවයට එච්චර කැමති වුණේ නෑ, ඒ නිසාම මමම ආයේ කතාව පටන් ගත්තා.

- මම ඔයාට Hyung කියන්නම්.. කමක් නෑනේ..

.......

- කියන්නකෝ.. මම කැමතියි අලුත් යාලුවෝ හදාගන්න, මම මෙහෙට ඇවිත් තාම මාස දෙකක් විතර නිසා, මම වැඩිය මෙහෙ අය දන්නේ නෑ, ඒ හින්දා අපිට පුළුවන් නේ යාලුවෝ වෙන්න??නේද??

.......

- ඇත්තටම ඔයාට කතා කරන්න බැරිද??නැත්නම් ඔයා මාව මග අරින්න හදනවද??ඔයා මම මෙහෙම ගොඩක් කියවනවට කැමති නෑනේ.. ඉතින් මට ඒකවත් කටක් ඇරලා කියන්නකෝ. මම ආයේ කතා කරනකොට මීට වඩා අඩුවෙන් කතා කරන්නම්.. හරිද??

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now