💕CHAPTER 03💕

Start from the beginning
                                        

- අයියෝ.. කලින් කිව්වේ නැත්තේ ඇයි??

- කිව්වා නම් ඔයා මොකද කරන්නේ??එයාව ඇහැරවනවද??

- ඔව් ඉතින්, මේ මහ දවල් නිදාගන්නේ කවුද??අනික මේ රස්නේ...

- ඒකනේ Hyung, ඔයා එයාව ඇහැරවන්න යන නිසයි මම කිව්වේ නැත්තේ.. එන්නකෝ අපි දැන් මේක බලමු..

එයා ඒක කියලා ඉවර වෙනවත් එක්කම වගේ දොරටු කවුරුහරි තට්ටු කරපු නිසා එයා ගිහින් දොර ඇරියා.. Taehyung ඇතුළට ආවේ හිනාවෙන ගමන්.

- කෝ.. එන්න අපි බලමු..

- මොකක්ද බලන්නේ??

ජන්ග්කුක් ඇහුවේ දන්නේ නෑ වගේ..

- එහෙනම් එන්නකෝ.. අපි පොඩ්ඩක් කතා කර කර ඉමු. හොඳයි නේද??

- හරි එහෙනම්.. මට කියන්නකෝ කොහොමද කුකී ඔයාගේ එහේ වැඩ??

- වරදක් නෑ Hyung, මටනම් ආරංචි වුණා Hyung නම් දැන් ටිකක් Call, Msgs එක්ක Busy කියලා..

ජන්ග්කුක් කිව්වේ හිනාවෙන ගමන්.. මොනවා වුණත් ඒ විදියට පටන් ගත්ත කතාව ටික ටික ඇදිලා ගිහින් පැය දෙකකට තුනකට හරියන කතාවක් විදියට ඇදුණා.. අපි දෙන්නම කොච්චර Taehyungගෙන් කරකවලා ඇහුවත් එයාගෙන් වචනයක් එළියට ගන්න ගොඩක් අමාරු වුණා. කොහොමහරි වෙලාව ගත වෙලා හවස 7ට විතර ළංවුණේ මම හොස්පිට්ල් එකට යන වෙලාවත් ළංකරන ගමන්. මම කලින්ම ගෙදරින් පිටත් වෙලා, හොස්පිට්ල් එකට ඇවිත් මුලින්ම හොස්පිට්ල් Garden එක ඇතුළට රිංග ගත්තේ, මේ වෙලාවට ගොඩක් වයසක Patientsල මෙතනට එන නිසා, එයාල ගැන හොයලා බලන්න හිතාගෙනයි.

ඒත් මගේ වෙලාව නම් ටිකක් වැරදියි වගේ, අද වැඩිය කවුරුත් හිටියේ නෑ, වයසක අය තුන් හතර දෙනෙක් විතරයි, මම එයාලත් එක්ක ටික වෙලාවක් කතා බහ කරමින් ඉඳලා ඇතුළට යන්න හදද්දි මට ගිටාර් සද්දයක් ආව නිසා මම හොස්පිට්ල් Garden එකේ අයිනකට වෙන්න තියෙන බෙන්ච් එකක කෙනෙක් ඉඳගෙන ගිටාර් Play කරනවා. මම ඒ පැත්තට ගියා.

එළියේ ටිකක් විතර දැන් සීතලයි, රෑ වෙලා නිසා. මම එතනට ළංවුණාමයි දැක්කේ එතන හිටියේ කවුද කියලා, මේ අර.. මොකද්ද එයාගේ නම... ආ.. මට මතක නෑනේ.. ආ.. හරි මින් යුන්ගි. අර ආච්චි අම්මගේ මුණුබුරා. මම එයාගේ ගාවට ගියාම එයා Play කරන එක නවත්තලා, එතනින් නැගිටලා යන්න හදද්දි මම එයාගේ ඉස්සරහට ඇවිත් අත් දෙක දෙපැත්තට විහිදවලා, එයාව නැවැත්තුවා. එයා නැවතිලා, මගේ දිහා කෙලින් බැලුවා. මම එයාත් එක්ක හිනාවුණා, ඒත් එයා නම් මාත් එක්ක හිනාවෙන පාටක් නෑ.

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now