💕CHAPTER 03💕

Start from the beginning
                                        

- ඒකටද මෙච්චර වෙලා ගියේ??

- ඔව්.. ඔයා මොකද්ද කරන්න ගියේ??

- නිකන්.. ඔයාගේ ෆෝන් එක අතට ආව නිසා කොල්ලා කාත් එක්කද චැට් කරන්නේ කියලා බලන්නයි ගියේ.. මම අයියා හැටියට ඒවා දැනගෙන ඉන්නත් ඕනනේ..

- එතකොට ඔයා...

- ඔව්.. මම දැක්කා Lock Screen,Home Screen Wallpapers ටික. කොල්ලට අයියගේ අගේ දැනිලා වගේ..

- ඒක නෙවෙයි, මේ Taehyungie Hyung මොනවා ගෙනෙයිද දන්නේ නෑ??

- වෙන මොනවද ස්නැක්ස්. ඇයි කතාව වෙනස් කළේ.. මොනවා වුණත් ඒකට නම් ඕනෑවටත් වඩා දක්ෂයි.

- හරි.. හරි.. මම මගේ Laptop එක එළියට ගන්නම්..

- Laptop මොකටද??Taehyungගේ කාමරේ ලොකු TV එකක් තියේ, ඒකෙන් බලමු.

- එතකොට මේ කාමරේ නෙවෙයිද අපි බලන්නේ??

- නෑ.. නෑ.. Taehyungගේ කාමරේ..

- කලින් කියන්න ඕනනේ..

- කලින් කිව්වත් එකයි, දැන් කිව්වත් එකයි නේ, එන්න අපි යමු.

මම එයාවත් ඇදගෙන Taehyungගේ කාමරයට යද්දිත්, එයා ෆෝන් එකේ කාත් එක්ක හරි ලොකු කෝල් එකක් හිටියේ, අපි ආව ගමන් එයා කෝල් එක කට් කරලා, අපි දිහා ටිකක් පුදුමයෙන් වගේ බැලුවා.

- මොකෝ මේ??

- ඇයි අපි ආවේ Movie එකක් බලන්න ඔයා එක්ක!!ඇයි කුකී ඔයාට කිව්වේ නැද්ද ස්නැක්ස් ටිකක් ගේන්න කියලා.

- ආ??කොයි වෙලේද කුකී ඔයා මට ඒවා කියන්න ආවේ??දැන් නේ, මම ඔයාව මේ දකින්නේ මෙහෙට ආවට පස්සේ..

- ආ???

මම ජන්ග්කුක් දිහා පුදුමෙන් වගේ බැලුවා, එයා යටිතොලත් හපාගෙන මගේ දිහා බැලුවේ අවිනිශ්චිත විදියකට ඔළුවත් අත ගාන ගමන්.. ඊට පස්සේ මගේ දිහා එයාගේ ලොකු Doe ඇස් වලින් බැලුවා.

- මේකනේ Hyung, මේකයි.. ආ.. එන්නකෝ මෙහාට..

එයා මම එයාව ඇදගෙන ආව විදියටම ආයෙත් මාව අපේ කාමරයට ඇදගෙන ගිහින් දොර වැහුවා.

- මොකද මේ??ඔයා එයාට කතා කළා කිව්වා නේද??

- නෑ, මේකයි Hyung, මම එයාගේ කාමරයට ඔයා කියද්දි වගේම ගියා, එතකොට එයා නිදාගෙන හිටියේ.. ඉතින් මම එයාව ඇහැරවන්න ගියේ නෑ, මම පහළට ගියත් ස්නැක්ස් මුකුත් තිබ්බේ නෑ, ඉතින් මම ගෙනාව ඒවා ටිකක් කාමරේ තියෙන නිසා මම Movie එක බලන්න හිතාගෙන ආවා. ඒත් ඉතින් ඊට පස්සේ ඔයා මට වචනයක්වත් කියන්න නොදී මාව ඇදගෙන ගියානේ එයාගේ කාමරයට..

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now