💕CHAPTER 03💕

Start from the beginning
                                        

එයා තව ටික වෙලාවක් එහෙම හිටියේ ගොඩක් දේවල් මාත් එක්ක කියන ගමන්, මමත් එයාත් එක්ක පහුගිය දවස් ටිකේ වුණු ගොඩක් දේවල් කියෙව්වා. අපි ටික වෙලාවක් කතා කර කර හිටියට පස්සේ එයාට වතුර බොන්න ඕන නිසා එයා එළියට යන්න හදද්දි මම එයාගේ අතින් අල්ලලා එයාව ටිකකට නැවැත්තුවා.

- මට සමාවෙන්න කුකී. මට ඔයාට කතා කරන්න බැරි වුණා. ඒකට ඇත්තටම ගොඩක් සමාවෙන්න.. මගේ මල්ලියෝ..

- අයියෝ ඕවා ගණන් ගන්න මම පොඩි එකෙක් නෙවෙයිනේ..

මෙන්න ඒ පාර මෙයා ආයෙත් අර කලින් හිටිය ආඩම්බරකාරයාම වෙලා. අනේ ඉතින්.

- ඔව් නේ.. එහෙනම් දැන් ටිකකට කලින් කවුද දන්නේ නෑ මගේ ළඟට ඇවිත් තුරුලු වෙලා ඇඬුවේ..

- ඇත්තට කවුද??

- අනේ මේ..

- නෑ.. මම අහන්නේ ඇත්තටම කවුද එහෙම කළේ??

- හරි හරි.. ඔය මට විහිළු කළා ඇති, ගිහින් මටත් එක්ක කන්න දෙයක් ගේන්න. අපි කන ගමන් Movie එකක් බලමු.. හා ද??

- අන්න ඒක නම් නියමයි.

- හරි හරි.. ඉක්මනට ගිහින් ගේන්නකො. මේ Taehyungieට වැඩ නැත්නම් එයාටත් එන්න කියාගෙනම යන්න.

- හරි.. මම කියාගෙන යන්නම්..

මම ආයෙත් ඇඳේ දිගා වුණේ ෆෝන් එක අතට ගන්න ගමන්, ආ.. මේ කුකීගේ ෆෝන් එක නේද??බලමුකෝ ටිකක්.

මම ෆෝන් එක ඔන් කරහම Lock Screen එකේ තිබ්බේ කලින් වතාවක Taehyungie අපේ ගෙදර ආපු වෙලාවක අපි තුන්දෙනා ගත්ත ෆොටෝ එකක්. ඒකේ අපි දෙන්නා කරට අත දාගෙන ගොඩක් සැහැල්ලුවෙන් හිටියේ.. ඇත්තටම අපි දෙන්නා එකට ෆොටෝ ගත්තා නිතරම ඉස්සර නම්, ඒත් දැන් මම එහේ නෑනේ.. ඉස්සර මම නිතරම කොහේ ගියත් සෙල්ෆියක් ගහලා එයාට යවනවා. දැන් ඒකත් නෑ.. මම හිතුවත් Password මොනවා හරි තියෙයි කියලා, ඒවා මුකුත් නෑනේ මේකේ.. Home Screen එකේ තිබ්බෙත් අපි දෙන්නා ගත්ත ෆොටෝ එකක්. එයාට මාව ගොඩක් මතක් වෙනවා ඇති. මම Msgs බලන්න හදද්දිම එයා ඇවිත් මගෙන් ෆෝන් එක උදුර ගත්තා. එයාගේ මූණේ අමුතු කලබල ගතියකුත් තිබ්බා.

- කෝ මොනාද ගෙනාවේ??

- Taehyungie Hyungට කිව්වම එයා කිව්වා ස්නැක්ස් ටිකක් අරගෙන එයා එන්නම් කියලා, මට යන්න කිව්වාඋඩට.

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now