💕CHAPTER 03💕

Start from the beginning
                                        

මම එතනින් නැගිට්ටේ කාමරයට ගිහින් නිදාගන්න හිතාගෙනයි. මම ගිහින් ටික වෙලාවකින් ජන්ග්කුක්ත් ආවා. එයා එද්දි මම කාමරයේ ඇඳේ දිගා වෙලා හිටියේ එයා ඇවිත් ටික වෙලාවක් මගේ දිහා ඔහේ බලාගෙන හිටියා. මමත් එයා දිහා බලන් හිටියා. එයා ඊට පස්සේ එකපාරට දුවගෙන ඇවිත් ඇඳට පැන්නා. ඊට පස්සේ තදින් මාව වැළඳ ගත්තා. මම ටිකක් වෙලා පුදුමෙන් හිටියත් ඊට පස්සේ එයාව ආපස්සට වැළඳ ගත්තේ තවත් එයාව මට ළංකරගන්න ගමන්.

- Hyung.....

- කුකී??මොකෝ මේ??

- Hyung....

එයා මගෙන් ඈත් වුණා, එයාගේ ඇස්වල කඳුළු තිබුණා.

- මොකෝ මේ??

- මට ඇත්තටම ඔයා නැතිව එහේ හරි පාළුයි.

- ඇයි ඉතින් අම්මයි තාත්තයි ඉන්නවනේ!?

- ඒත් ඉතින්.. ඔයා දන්නවනේ මම පොඩි කාලේ ඉඳන් ඔයත් එක්ක කොච්චර රණ්ඩු වුණත්, ඔයාටනේ හැමදේම කියන්නේ.. දැන් මට කියන්න කොච්චර දේවල් තිබ්බත් ඔයාට ඒවා අහන්න වෙලාවක් නෑ, මට ඇත්තටම හිතෙනවා ඔයා මාත් එක්ක තරහා වෙලා වගේ..

- අනේ.. අනේ... මගේ මෝඩ මල්ලි.. මොකෝ මේ??ඔයා මාත් එක්ක රණ්ඩු වුණාට මම ඔයත් එක්ක කොච්චර තරහා වුණත් මම ඔයත් එක්ක කවදාවත් දිගටම තරහා වෙලා ඉඳලා තියේද??ආහ්??මොකෝ මේ අඬන්නේ??

- මට ඇත්තටම සමාවෙන්න, මම ඒ දවස්වල ඔයාට කරපු පුංචි පුංචි නපුරු වැඩවලට. ඇත්තටම ඔයාටත් මාව අමතක වුණේ Taehyungie Hyungට වගේ වෙන කෙනෙක් ඉන්න නිසාද??

- අයියෝ එහෙම දෙයක් තිබුණොත් මම ඔයාට කියනවනේ??

මම කාලෙකින් මගේ පුංචි මල්ලිව දැක්කා ආයෙත් එයාගෙන්. එයා ගොඩක් පොඩි කාලෙදි මම එයත් එක්ක දිගටම තරහා වෙලා හිටපු දවසකත් එයා මෙහෙමමයි හැසිරුණේ.. අදත් එයා ඒ විදියටමයි මාව වැළඳ ගත්තේ, මට එයා ගැන දුක හිතුණා, පහුගිය දවස් ටිකේම මට එයාට Msg එකක්වත් දාන්න බැරි වුණා. වැඩවලටත් වඩා මට එයාව අමතක වුණ එක නේද මෙතන සිද්ධ වුණේ කියලා මට දැනෙන්න පටන් ගත්තේ, මගේ කම්මුල් දිගටත් කඳුළු ගලාගෙන යද්දියි. මම එයාව තදින් වැළඳ ගෙන එයාගේ ඔළුව අත ගෑවා.

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now