- ඔයා මොනවද මෙහෙ කරන්නේ?

- මම ආවා ඔයාව බලන්න.

- අම්මත් ආවාද??

- අම්මත් එන්න ඕනෙයි කිව්වා, මම තමයි එයාට ඉන්න කිව්වේ..

- ඒ මොකද??ආ.. මට තේරුණා. ඊරිසියාකාරයා...

- ඒ මොකද මට ඊරිසියාකාරයා කියන්නේ??

- නෑ. ඉතින් අම්මා මෙහෙ ආවොත් ඔයාට වඩා මගේ ගැන හොයලා බලන නිසා ඊරිසියාවට එයාව එක්කගෙන ආවේ නෑනේ.. ඒක නේද හේතුව??

- ඔයා ඕන එකක් හිතාගන්න.. ඒක නෙවෙයි ඇයි තාම මෙහෙ??Taehyung hyung මට කිව්වනේ ඔයා අද නයිට් නෙවෙයි කියලා!?

- මේකයි. ඒක ටිකක් දිග කතාවක්!!ඔයා කෙලින්ම මෙහාටද ආවේ නැත්නම්..

- නෑ නෑ.. මම Taehyung hyungගේ ගෙදර ගියා, එතකොට එයා කිව්වා ඔයා තාම ආවේ නෑ කියලා රෑ ගිය ගමන්.. ඉතින් මමම ආවා.. මම මගේ බඩු ටික නම් ඔයාගේ කාමරේ තිබ්බා.

- බඩු??ඒ කියන්නේ ඔයා ආවේ නවතින්නද??

- ඔව් ටික කාලෙකට.

- ටික කාලයක් කිව්වේ??

- ටික කාලයක් කිව්වේ ටික කාලයකට.

- එහෙමද??එතකොට දැන් ඔයාගේ වැඩ??

- ටික දවසයිනේ.. අනික මම නිවාඩුව දැනුම් දුන්නා, අම්මටවත් නැති ප්‍රශ්නනේ ඔයාට තියෙන්නේ..

- එහෙම තමයි. කවුද දන්නේ මගේ පිටින් දාල එක්සෑම් එකක්වත් කට් කරන්න හදනවද කියලා!?

- මම එහෙම කරනවද??

- ඒක තමයි මට ෂුවර් නැත්තේ..

- යමුකෝ.. දැන්.. මට බඩු ටික අස් කරගන්නත් ඕන!!

- මම එන්නම්. ඔයා යන්න.

- ඉතින් මම ආවේ ඔයාවත් එක්කගෙන යන්න. ඉතින් යමුකෝ Hyung!!

- හරි එහෙනම්.. මම එන්නම්..

මම එතනින් එළියට ඇවිත් වොෂ් රූම් එකට ගිහින් මූණ හෝදගත්තා, ඊට පස්සේ කොණ්ඩේ ටිකක් විතර පිළිවෙල කරගෙන මම එළියට ආවේ ඩොක්ටර් හෝසෝක්ට කියලම යන්න හිතාගෙනයි, ඒ ගමන් අර ආච්චි අම්මවත් බලන්න මම හිතා ගත්තා.

මම ඩොක්ටර් හෝසෝක් හම්බ වෙන්න හිතාගෙන කැබින් එකට ගියත්, නර්ස් කිව්වේ එයා පේෂන්ට් කෙනෙක් හම්බ වෙන්න ගිහින් කියලා. ඉතින් මම කුකීට එළියෙන් ඉන්න කියලා, ඩොක්ටර් හෝසෝක් හම්බ වෙන්න ගියා, එයා හිටියේ අර ආච්චි අම්මා ගාව. එයා දැන් සාමාන්‍ය වෝඩ් එකක ඉන්නේ. මමත් ඇතුළට ගියා.

- ඇහැරුණාද ජිමිනි?කෝ ඔයාගේ මල්ලි?

- ඩොක්ටර්ට එයාවත් හම්බ වුණාද??

- ඔව්, මමයි එයාට කිව්වේ ඔයා ස්ටාෆ් රූම් එකේ ඉන්නවා කියලා.

- ආ.. එහෙමද??දැන් කොහොමද ඩොක්ටර් මෙයාට??

- දැන් නම් ටිකක් විතර හොඳයි. එයාට සිහිය ආවම බේත් ටික දුන්නම තව ටිකක් හොඳ වෙයි.

- එහෙනම් හොඳයි. මම යන්නම් ඩොක්ටර්, ආයේ හවසට එන්නම්කෝ.

- හරි හොඳයි ජිමින්-ශි. හදිස්සියක් නෑ ඔයා ගෙදර ගිහින් රෙස්ට් කරලා එන්න, ඔයා හරි නම් අද නයිට් ඩියුටි ඉන්න කෙනෙක් නෙවෙයිනේ. දැනටමත් ඔයා ඕනතරම් වැඩ කළානේ.

- ඩොක්ටර්, එතකොට අර අනිත් පේෂන්ට්ට කොහොමද?

- කවුද යුන්ගි ගැනද අහන්නේ?

- ආ.. එයාගේ නම යුන්ගිද??

- ඔව්.. එයාගේ නම මින් යුන්ගි. එයාටත් දැන් හොඳයි. කෑම ටිකක් කාලා බීලා බේත් ගත්තම එයාට නම් හොඳටම හොඳ වෙයි.

- හරි එහෙනම් ඩොක්ටර් මම ගිහින් එන්නම්.

මම එතනින් ඇවිත් කුකී එක්ක වාහනේම ගෙදර ආවා. ඔව් ඔව් කුකීට ඩ්‍රයිවින් පුළුවන්, මටත් පුළුවන් ඒත් එයාටම මම ඩ්‍රයිව් කරන්න දුන්නා. මම ඉතින් මහන්සියෙන් ඉන්න නිසා ඩ්‍රයිව් කරන්නත් බෑනේ.. මම එනකොටත් ටිකක් විතර නිදාගත්තා.

TOMORROW NEXT PART 😜💞
VOTE & COMMENT
කමෙන්ටුවක් කොටාගෙන යන්න හොඳේ.. සද්ද නැතිව හොරෙන් යන්න එපා ඉතින්. තාම හරියටම ලොකු දෙයක් නෑ ඉතින් 🙈💕

💕PROMISE 💕 (  Completed ) Donde viven las historias. Descúbrelo ahora