💕CHAPTER 02💕

Start from the beginning
                                    

- මට ඔයාගේ ආච්චි අම්මට වුණු දේ ගැන ඇත්තටම දුකයි.

.........

- ඇත්තටම මමයි එයාව මෙහාට එක්කගෙන ආවේ.. ඒත් ඉතින් ඒ වෙද්දිත් තිබ්බ තත්වය එක්ක එයාට සර්ජරි එකක් කරන්නම වුණා. ඩොක්ටර් නම් කිව්වේ තව ටික වෙලාවකින් රිපෝට්ස් ආවොත් ඒවා අනුව එයාව සාමාන්‍ය වෝඩ් එකකට දාන්න බලනවා කියලා.

..........

- ඒත් ඇයි ඔයා එයාව රෑ තනියම යැව්වේ.. එයා ගොඩක් දුර්වල කෙනෙක්නේ??එළියට යන්නම ඕන කිව්ව නම් ඔයාටත් යන්න තිබ්බනේ එයා එක්ක. ඔයා ඉතින් තරුණ කෙනෙක් නිසා එයාගේ ආරක්ෂාවට හොඳයිනේ ඔයා ඉන්න එක??

..........

වචනයක්වත් නෑ. අඩුම තරමේ ඔව් නෑ කියලවත් කියන්නේ නෑ!?මම කතා කරනවා වැඩි නිසාද??මට ස්තූතියි කියන එකවත් කියන්නේ නෑනේ!?ඒකට කමක් නෑ, ඒත් එයාගේ ආච්චි අම්මගේ තත්වය ගැනවත් අහන්න එපායැ??මොන විදියේ කෙනෙක්ද මන්දා. පේන විදියට මට වඩා අවුරුදු දෙකක් තුනක් වගේ වැඩිමල්. එතකොට මෙයාටද මම ඉස්සෙල්ලා කතා කරලා තිබ්බේ??ඒ වෙලාවෙත් වචනයක්වත් කතා කළේ නෑනේ..

මම තව ටික වෙලාවක් හිටියත්, එයා වචනයක්වත් කිව්වේ නෑ.. කලබලයෙන් කාමරයේ දොර දිහා බලාගෙන ඉන්නවා විතරමයි. හරියට පිළිමයකුත් වගේ..

මම තව ටික වෙලාවක් ඉඳලා ඉඳලා බැරිම තැන ආයේ කතා කළේ, රෑ නිසා හොස්පිට්ල් එකේ තිබ්බ ලොකු නිහඬතාවය වගේම මගේ වටපිටාවේ තිබ්බ ඒ නිහඬතාවය මට පුරුදු නැති නිසාමයි.

- ඔයාගේ නම මොකක්ද??පේන විදියට ඔයා මට වඩා වැඩිමල්!?මම හරි නේද??

මම ඇහුවේ ටිකක් ළංවෙන ගමන්. එයා නෙවෙයි වචනයක්වත් කිව්වේ..

- ඔයාද ඉස්සෙල්ලා මම කෝල් කරපු වෙලාවේ ෆෝන් එක ආන්ස්වර් කළේ??

ඒත් නෑ කිසිම සද්දයක්!!

- ඔයා ඔහොම කතා නොකර ඉන්නේ ඇයි??ඔයාට කතා කරන්නවත් කවුරුත් නැති නිසයි මම ඔයා එක්ක කතා කරන්න හැදුවේ.. ඔයා ඉතින් ගොළු වෙලා වගේ මාත් එක්ක කතා කරන්නේ නෑනේ..

මම කිව්වේ නුරුස්සන විදියකටයි. ඇත්තටම මම කැමතියි කතා කරන්න, මේ වගේ පේෂන්ට්ලගේ පවුල්වල මගේ සම වයසේ වගේ අය ආවම එයාල එක්ක කතා කර කර ඉන්නේ මගේ කම්මැලිකම නැති කර ගන්නමත් නෙවෙයි, සමහරවිට මම කියන දේවල් එයාලගේ මානසික තත්වය හදන්නත් උදව් වෙයි කියලා හිතලයි. ඒත් මෙයා නම් ලේසියෙන් කතා කරන්නේ නෑ වගේ.. සමහරවිට එයාට හිතෙනවා ඇති මම කියවනවා වැඩි කියලා.. එහෙනම් ඉතින් මම කට පියාගෙන ඉන්නම්කෝ.. මම එහෙම හිතුවත් ආයේ ටිකකින් මම කතා කරන්න එයාගේ දිහාවට හැරෙද්දි එයා එහෙම්මම පුටුවට හේත්තු වෙලා නිදි.

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now