💕CHAPTER 01💕

Start from the beginning
                                        

ඒත් එහා පැත්තෙන් කිසිම සද්දයක් නෑ, ඊට පස්සේ ඒ පැත්තෙන් කෝල් එක ආන්ස්වර් කරපු කෙනා කට් කළා. මම ආයෙත් කෝල් කරන්න හැදුවත් ,ෆෝන් එක ඕෆ් කරලා ඒ කෙනා. මට ඇත්තටම කේන්ති ගියා, මෙච්චර මෙහෙ එයාගේ කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් ගෙනත් කියලා කිව්වටත් පස්සේ ෆෝන් එක කට් කරන්න??ඊට පස්සේ ඒක ඕෆ් කරලා දාන්න තරම් කෙනෙක් කොහොමද නපුරු වෙන්නේ??මට ඇත්තටම ඒ ආච්චි අම්මා ගැන ගොඩක් දුක හිතුණා, එයාව බලාගන්න ඒ වෙලාවෙත් කවුරුත් හිටියේ නෑ, දැන්වත් එයාගේ අය එයා ගැන බලන්නේ නෑ, එයා කොච්චර අසරණද??මට ඇත්තටම ගොඩක් දුක හිතුණා වගේම කේන්ති ගියා. මම ආයේ හොස්පිට්ල් එක ඇතුළට යද්දි Surgery එක කරලා ඉවර වෙලා තිබුණේ නෑ, මම ගිහින් වාඩි වෙලා බලාගෙන හිටියේ, ඩොක්ටර් හෝසෝක් ආපහු එනකම්. මම ගිහින් ටික වෙලාවකට පස්සේ ඩොක්ටර් හෝසෝක් එළියට ආවා. එයාගේ මූණේ ලාවට හිනාවක් තිබ්බා, එයා මගේ ගාවට ඇවිත් පිටට තට්ටුවක් දාන ගමන් කතා කළා.

- ඔයා වෙලාවට එතන හිටියේ ජිමින්-ශි. නැත්නම් එයාගේ දුර්වලකමත් එක්ක තත්වය නරක වෙන්නත් තිබ්බා. ඔයා නිසයි එයා බේරුණේ..

- ඩොක්ටර්!ඔයා මට දුන්නු නම්බර් එකට මම කෝල් කළා, ඒත් ඒ කෙනා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන විදියේ කෙනෙක් නෙවෙයි වගේ.. මම කිව්වත් ඇක්සිඩන්ට් එකක් වෙලා මේ ආච්චි අම්මව මෙහාට එක්කගෙන ආවා කියලා, ඒ කෙනා වචනයක්වත් කියන්නේ නැතිව කට් කළා. අපි මොකද කරන්නේ??

- ඔයා පණිවිඩය කිව්වනේ, එනවද නැද්ද කියන එක එයාලට භාරයි. ඩොක්ටර්ස්ල විදියට අපි අපේ යුතුකම හරියට කරමු.

- හරි ඩොක්ටර් මට තේරුණා. ඩොක්ටර් එයාව සාමාන්‍ය වෝඩ් එකකට දැම්මද??

- තව ටිකක් ඉමුකෝ.. එයාගේ තත්වය අනුව බලමුකෝ..

- හරි ඩොක්ටර්.

ඩොක්ටර් හෝසෝක් ලාවට හිනාවෙලා එතනින් ගියේ, එයාගේ කැබින් එකට. රිපෝට්ස් එනකම් ඩොක්ටර් වෙන පේෂන්ට් කෙනෙක් බලන්න ගියා.

මම ඒ ආච්චි අම්මා හිටපු කාමරයේ එළියේ ඉඳන් දොරෙන් එයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. එයා ගැන මට ඇත්තටම ගොඩක් දුක හිතුණා, එයා කොච්චර වයසයිද?කොච්චර දුර්වලයිද?ඒත් එයා ගැන බලන්න කවුරුත් නෑ. මම කල්පනා කළේ ඇයි ලෝකය මේ තරම් අසාධාරණ කියලා??ඇත්තටම මම ඉක්මනට දුක් ගන්න කෙනෙක් තමයි, ඒකත් එක හේතුවක් වෙන්න ඇති.

මම හරි සිහියට ආවේ මගේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට.

- හෙලෝ..

- හෙලෝ ජිමිනි.. ඔයා කොහෙද දැන් ඉන්නේ??තාම හොස්පිට්ල් එකේද??

- ඔව්.

- එහෙමද??දැන් කොහොමද ඒ ආච්චි අම්මට??

- එයා තාම ඉන්නේ නම් ICU එකේ, ඩොක්ටර් කිව්වා ඉස්සරහට එයාගේ තත්වයත් එක්ක සාමාන්‍ය වෝඩ් එකකට දාන එක ගැන බලන්න ඕන කියලා.

- ඒකත් එහෙමද??ඔයා අද රෑ ගෙදර එනවද??

- ම්.. අනේ.. ම්.. නෑ.. මට මේ ආච්චි අම්මව මෙහෙ තනියම දාලා එන්න හිත දෙන්නේ නෑ.. අනික අද හරිනම් මට නයිට් ෂිෆ්ට්, ඒ නිසා මම මෙහෙ නවතින්නම්. ආන්ටිට කියන්න සොරි කියලා, එයා අද මම වෙනුවෙන්ම ඩම්ප්ලින්ග් හදනවත් කිව්වා.

- ඒකට කමක් නෑ, අම්මා ඔයාට ඉතින් මටත් වඩා ආදරෙයිනේ..

- ඒක තමා කිව්වේ සොරි කියන්න කියලා, එයාට දුක හිතෙන්නත් ඇති මම එන්නේ නැති එකට.. ඒකයි කිව්වේ පිටසක්වල ටේ ටේ..

- තේරුණා ඩම්ප්ලින්ග් ජිමිනි!!එහෙනම් මම තියන්නම්.. හෙට උදේම එන්න.

- හරි.. ගුඩ් නයිට්!!

- ගුඩ් නයිට්!!ආ.. ඔයාට ගුඩ් නයිට් කිව්වට ඔයා නිදාගන්නේ නෑනේ.. කමක් නෑ.. වැඩිය මහන්සි වෙන්න එපා හරිද??

- හරි හරි.. තියන්නම් බායි!!

- හරි බායි එහෙනම්!!

මම ෆෝන් එක කට් කළා. මම තව ටික වෙලාවක් ඒ ආච්චි අම්මා දිහා බලාගෙන ඉද්දි එකපාරටම කවුරුහරි කෙනෙක් මාව පැත්තට තල්ලු කරනවා මට දැනුණා, මම Balance කරගත්තේ නැත්නම් මාව වැටෙනවා. මාව තල්ලු කරපු ඒ කෙනා දොර ඇරගෙන ඇතුළට ගියේ කලබලයෙන් වගේ..

💕 To Be Continued 💕

Vote & Comment Your Thoughts!!😁❤
Look Forward For the Next Part TOMORROW!!❤

#KimSeokMin

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now