💕CHAPTER 01💕

Start from the beginning
                                        

- ඔව් ඒත් කවුද දන්නේ ඔහොම කිව්වට මට කියන්න බැරිව ඉන්නවද කියලා..

- අනේ එහෙම එකක් නෑ, ඔයත් විකාර කියවනවනේ..

- විකාර නෙ..

මම කියන්න ගිය දෙය මට කියන්න ඉවර කරන්න ලැබුණේ නැත්තේ පිටිපස්සෙන් ඇහුණු වාහනයක් බ්‍රේක් කරන සද්දේ නිසා.. ඒ එක්කම කෑ ගහන සද්දයක් ඇහුණා. මමයි Taehyungයි දෙන්නම නැවතුණා. මට මතක් වුණේ ඉස්සෙල්ලා මම දැක්ක ආච්චි අම්මව, මම ඒ එක්කම කලබලයෙන් ඒ පැත්තට දිව්වා. Taehyungත් මට කතා කර කර මගේ පස්සෙන් ආවා.

මම යද්දිත් ඒ ආච්චි අම්මා බිම වැටිලා ඉන්නවා, එයා හුස්ම ගන්නවා. මම ඉක්මනට එයා ගාවට ගියා.

- ආච්චි අම්මා.. ඔයාට කොහොමද??

මම එයාට කතා කළේ එයාගේ ගාවට පාත් වෙන ගමන්. එයා කෙඳිරි ගෑවා, එයාව ඉක්මනට හොස්පිට්ල් එකට එක්කගෙන යන්න ඕන.. මම එයාව Taehyungගේ උදව් ඇතුව උස්ස ගත්තා. මම එයාව කරට දාගත්තා. ඊට පස්සේ Taehyungට මම වැඩ කරන හොස්පිට්ල් එකේ Ambulance එකකට කතා කරන්න කිව්වා. Taehyung මම කිව්ව විදියට කතා කළා, වෙලාවට අපි කතා කරද්දි Ambulance එක තිබ්බා. එයාල විනාඩි දහයකින් විතර එතනට ආවා. එයාල එනකම් මම ඒ ආච්චි අම්මව බස් හෝල්ට් එකේ දිගා කෙරෙව්වා. ඔළුවෙන් ගොඩක් ලේ ගිහින් නොතිබුණත් මම එයාගේ ඔළුව මගේ බෑග් එකේ තිබ්බ වෙළුම් පටිවලින් එතුවා. එතකොට ලේ ගලන එක නවතින නිසා. Ambulance එක ගාව ගමන් මම එයත් එක්කම නැග්ගේ Taehyungට ගෙදර යන්න කියන ගමන්.

එයා එහෙමම එතන නවතිද්දී මම Ambulance එකේ නැගලා හොස්පිට්ල් එකට ආවේ ඒ ආච්චි අම්මත් එක්කමයි.
අද මම එකට වැඩ කරන ඩොක්ටර් හෝසෝක් හිටපු නිසා එයා ඉක්මනට ආච්චි අම්මව චෙක් කළා, ඊට පස්සේ එයාව Surgery එකකට ගත්තේ කාලය යැව්වොත් එයාගේ තත්වය නරක අතට හැරෙන නිසාමයි. Surgery එකට යන්න කලින් හෝසෝක් Hyung මට කොළ කෑල්ලක් දීලා ගියේ ඒකේ තියෙන නම්බර් එකට කෝල් කරන්න කියලා කියාගෙනමයි.

ඉතින් මම එයා කිව්ව විදියටම කෝල් කළා, කෝල් එක ආන්ස්වර් කළත් එහා පැත්තෙන් කිසිම සද්දයක් නෑ, ඉතින් මමම කතා කළා.

- හෙලෝ , මම මේ කතා කරන්නේ Hospital එකෙන්, Mrs. Min දැන් ටිකකට කලින් හොස්පිට්ල් එකට ගෙනාවා, ඇක්සිඩන්ට් එකක් වුණු නිසා.

💕PROMISE 💕 (  Completed ) Where stories live. Discover now