- ඇත්තටමද??අපේ අගය තේරෙන්න ළඟ නැති වෙන්නම ඕනනේ..
- එයාට විතරක් නෙවෙයි අම්මත් ඔයාට එහෙ එන්න කියනවලු කියලා එයා කිව්වා.
- ඉතින් මට කෝල් එකක් දෙන්න තිබ්බනේ එයාට??
- එයා දවල් ඔයාට ගත්තලු. ඒත් ඔයා ආන්ස්වර් කරලා නෑ..
- ආ.. මගේ ෆෝන් එක බැටරි බැහැලා තිබ්බේ.. හවස තමයි චාර්ජ් කළේ.. මම තාම කෝල්ස් චෙක් කළේ නෑනේ..
- ඒකනේ.. අනික මමයි එයාට කෝල් කළේ හවස.
- ඒ මොකටද??
- මම එයාත් එක්ක නිතර චැට් කරනවනේ.. එයා කිව්වා කෝල් එකක් ගන්න කියලා අද හවස. ඒකයි ගත්තේ.. එයාට ඔයා නැතිව පාළු ඇති. මම ගත්ත ගමන් ඇහුවේ ඔයා ඉන්නවද කියලා..
- අනේ මගේ කුකී.. මම අද ගෙදර ගිහින් Msg එකක් දාන්න ඕන.. එහෙනම් යමුද??
- ඔව්.. අම්මා බලාගෙන ඇති.. කියන්න දෙයකුත් තියෙනවා යන ගමන් කියන්නම්කෝ..
- ඔයාට ඉතින් යන ගමන් කියන්න මොනවාහරිම දෙයක් හැමදාම තියෙනවනේ..
- යමුකෝ..
මමයි Taehyungයි ගෙදර පැත්තට ඇවිදගෙන ගියා.. බස් හෝල්ට් එකේ ඉඳන් ටික දුරකින් තමයි Taehyungගේ ගෙදර තියෙන්නේ.. මම ඉන්නෙත් එයාලගේ ගෙදරමයි. ඒ කියන්නේ Daeguවල. මම Medical Student කෙනෙක්. මම දැනට මගේ Training එකේ කොටසක් විදියට Daegu Hospital එකක වැඩ කරනවා. මම බුසාන්වල කෙනෙක් නිසා මෙහෙ ඉන්න මගේ යාලුවගේ ගෙදර නැවතිලා තමයි මම වැඩට යන්නේ, එයා තමයි මගේ හොඳම යාළුවා. එයාගේ ගෙදර ඉන්නේ එයාගේ අම්මයි එයායි එයාගේ අයියලා දෙන්නයි මමයි තමයි. එයාගේ තාත්තා ඉන්නේ බුසාන්වල, එයා නිවාඩු දවස්වලට තමයි මෙහෙ එන්නේ..
- මොනාද දැන් කියන්න තියෙනවා කිව්වේ??
- මේකනේ වැඩේ.. අපේ අම්මා හිතාගෙන ඉන්නේ මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා කියලා, එයා ඒ ගැන ඔයාගෙන් එහෙම මුකුත් ඇහුවද??
- ආ.. ඒකද මේ??ආන්ටි කිව්වා මට පුතාගෙන් දෙයක් අහන්න තියෙනවා කියලනම්, හවසට අහන්නම් කිව්වා. එහෙනම් ඕක ගැන වෙන්න ඇති.. දැන් ඇත්තටම ඔයා එහෙමද??
- පිස්සුද අනේ.. මම එහෙම නෑ, එහෙම දෙයක් තිබ්බොත් මම කාටද මුලින්ම කියන්නේ! ඔයාටනේ..
YOU ARE READING
💕PROMISE 💕 ( Completed )
FanfictionShort Story!! Yoonmin Soft Ship Story 💕 Hope You Will Enjoy Their 💕PROMISE💕
💕CHAPTER 01💕
Start from the beginning
