මින්සෝ කෙලින්ම ආවේ ශින්ගේ මෙසේ ලගට ටිකවෙලාවක් ශින්ගේ මූන දිහා බලන් ඉදලා ශින්ගේ අතින් අල්ලගෙන එලියට ඇදන් ගියා.

පන්තියේ ඔක්කොම ලමයි කසු කුසු ගාන්න ගත්තා.

" මොකක්ද බන් ඒ උනේ "

" අනේ මන්දා බන් " මං කන්නාඩි දෙක නහයට තද කලා.

" ටිකක් හිතන්න ඕන කාරනයක් "

" හ්ම්......... යමං කැන්ටිමට මොනාහරි කනගමන් හිතමු "
අපි දෙන්නා කැන්ටිම දිහාවට ඇවිදින ගමන් මං හිතුවේ ඒ දෙන්නා එකතු වෙන එක ගැන.

  මේක කියවන පීපල් හිතනවා ඇති මට පිස්සු කියලා, තව මේ අනුන්ගේ ලව් එකකට නහින්නේ මොන අහවල් එකටද කියලා. කතාව අන්තිම වෙනකන් හිටියොත් කියන්නම්.





" ඒයි පිස්සා මාව අතාරිනවා. "

" බෑ "

" ඔයා හරි නරකයි , නපුරුයි "

"............"

" ඔයා මට රිද්දනවා "

".............."

" ඔයාට මොනාද ඕන මගෙන් "

" ශින්හ්වා " මින්සෝ ශින්ව ඇදන් යන එක නතර කරලා බිත්තියට තියලා තද කලා.

" මම ඔයා.......... "

" ආපෝ මේ මුරුක්කු හරිනෑ පොඩ්ඩක්වත් සැර ........... ඕ...............මෙයාලා ඉන්න විදිය "

මින්සෝට මුකුත් කියාගන්න හම්බුනේ නෑ අපි ආවනේ, අපි දෙන්නා කට ඇරන් බලන් හිටියේ මින්සෝ ශින්ව බිත්තියට තද කරගෙන ඉන්න විදිය. මට සැජ්ජයි වගේ අප්පා .

" ඒයි පොලගි මොකද මෙතන කරන්නේ "

" පෙන්නැද්ද අපි මුරුක්කු කනවා. ඔයාලා මොනාද කැන්ටිමේ බිත්තියට හෙත්තුවෙලා කරන්නේ , ඔයාලත් මොනාහරි කන්නද හදන්නේ "
මින්සෝ මට ඔරවන්න ගත්තා.

" මේ ඕවා හැංගිලා කරන්න ඕන. කැන්ටිම පිටිපස්සේ ගබඩා කාමරයක් තියෙනවා කැමතිනම් එතනට යන්න "
එහෙම කියලා මං පාරුව ඇදන් දිව්වා.

මින්සෝ මටත් බැන බැන ආයෙත් ශින් දිහාවට හැරෙන කොට ප්‍රින්සිපල්ගේ සුන්දර ටකරන් වොයිස් එක ඇහුනා. මින්සෝ ශින්වත් ඇදන් කැන්ටිම පිටිපස්සෙ කාමරයට රිංගුවා.

" අනේ අපි එලියට යංකෝ "

" ඇයි කලුවරට බයද "

" නෑ ඔයාට බයයි "

මින්සෝ ශින්ගේ මූනට එබුනා. ශින් ඇස් දෙක වහගත්තා.

" ඒයි පොඩ්ඩො, ඊයේ වෙච්ච දේට සමාවෙන්න. මට එවෙලෙ ටිකක් කේන්ති ගියා. "

" ඔයාට කෙන්ති ගිය නිසා නෙමෙ මං තරහා ඔයා මට සැරෙන් කතාකලා. මාව නොදන්න වාහනේක දාලා එව්වා. ඔව් ඉතින් එක අතකට මං ගැන හොයලා බලන්න මං ඔයාගේ කවුරුත් නෙමෙනේ ඊයේ ෆිල්ම් හෝල් එකට ගියානම් ඔයාට මාත් එක්ක විනෝදවෙන්න තිබ්බා. ඒකත් නැති වුනානේ නේද මින්සෝ "

" තමුසේ මං ගැන එහෙමද හිතන් ඉන්නේ මට ඕන්නම් දැන් වුනත් තමුසෙව මෙතනම විනාස කරන්න පුලුවන් "

මින්සෝ ශින්ගේ කලිසමෙන් ඇදලා තමන් ලගට ලං කරගෙන ශින්ගේ අත් දෙක උඩට කරලා අල්ලගත්තා. ඊටපස්සේ හුගක් රලු විදියට ශින්ගේ තොල් සිපගන්න වුනා. ශින්ට හුස්ම ගන්න පවා අමාරු වුනා ඒත් මින්සෝ පොඩ්ඩක්වත් ඒ ගැන හිතුවේ නෑ. මින්සෝට වගේම ශින්ගේ කටටත් ලේ රස දැනෙන්න වුනා. ශින්ගේ ඇස් වලින් කදුලු බේරෙන්න උනා.

අන්තිමේදි මින්සෝ ශින්ගේ තොල් අතාරින කොට ඒවා හුගක් රතු වෙලා තැනින් තැන ලේත් ඇවිත් තිබුනා.

" මං ඔයාට මොනා කරපු නිසාද ඔයා මට මෙහෙම කරන්නේ "

ශින් බිම වාඩිවෙලා හොදටම අඩනවා. මින්සෝ දැන් ඉන්නේ ගොඩක් තරහින් එයා ගබඩා කාමරේ දොරත් ඇරන් එලියට ගියා.

මින්සෝ කියන්නේ හුගක් විනෝදෙන් ඉන්න කෙනෙක් ඒ වුනාට පිටතට පේන එයාගේ විනෝදයට වඩා හිත ඇතුලේ තෙරපෙන දුකක් තියෙනවා. ඒ එයා පන වගේ ආදරය කරපු එයාගේ අම්මගේ මරනය.

මින්සෝ හා යුන්සෝ පොඩි කාලෙ යුන්සෝ කාටත් නොපෙනෙන්න පාර මැද්දට ඇවිදන් ගියා ඒ එයාගේ අතින් පාරට විසික් වුන බෝලේ ගන්න.ඒක හුගක් බර වාහන පවා වේගෙන් යන පාරක් වුනා.

යුන්සෝගේ අම්මා මේක දැකලා දුවගෙන ගිහින් යුන්සෝව පාරෙන් මෑතට වඩාගෙන ආවා ඒවුනාට පුංචි යුන්සොට එයාගේ බෝලේ ගන්න ඕනෙමයි කිව්ව නිසා අම්මා පාර මැද්දට ගිහින් බෝලේ ගන්න කොට වේගයෙන් ආපු කන්ටේනර් එකකට අම්මව යට වුනා. මේ හැමදේම යුන්සොගේ වැඩිමහල් නිවුන් සහෝදරයා එහෙම නැත්තන් මින්සෝ බලන් හිටියා.

එයාගේ හිත ඇතුලේ හරි තදින් මේ සිදුවීම සනිටුහන් වුනා වගේම මේ දෙයට වග කියන්න ඕන යුන්සෝ කියලා හිතලා එයාට වෛර කරන්න ගත්තා.

යුන්සෝ හා මින්සෝගේ පියා මේ සහෝදර ආරවුල විසදන්න අවුරුදු ගානක් උත්සහ කලත් හරි ගියේ නෑ. තාමත් ඒ තරහව ඒ විදියට තියෙනවා.



















Wishes ☑️Where stories live. Discover now