Chapter 1⚡

519 62 46
                                    

 

   Hey holly... නිවාඩු කාලෙට මොකද මොකද කරන්නේ.

  විශේෂ දෙයක් නෑ.වෙනදා වගේම hostel එකට වෙලා ඉන්නවා.මට කොහෙවත් යන්න බැහැනේ.

  එහෙම කියන්න එපා.මම ඔයාට පොඩි දෙයක් කියන්නද.මොකද කියන්නේ.ඔයා කැමති වෙයි ඒකට.

  හරි කියන්නකෝ බලන්න මොකක් ද කියලා

   අර මම හැම නිවාඩුවකටම යන camp එකට ඔයත් එන්න.එතන හරිම හොද තැනක්.

   මාත් කැමති මේ hostel එකෙ ඉන්නේ නැතුව කොහෙහරි යන්න.ඔයා දන්නවානේ මට කොහෙවත් යන්න permission දෙන්න කවුරුත් නෑ කියලා.

   ඒකට බය වෙන්න එපා.මම අපෙ අම්මට කියලා ඔයාට permission අරන් දෙන්නම්.ඔයා දන්නවනේ එයා ගැන.එයා කියන දේකට කවුරුත් විරුද්ධ වෙන්නේ නෑනේ.

   Thanks මොචියෝ.ඔයා තමා මගෙ හොඳම යාලුවා.🤗

   අයියෝ මෝඩියේ ඔච්චර තද කරලා බදාගන්න එපා.මගේ ඇටකටු ටික කැඩෙයි.

   ඔයා ඉතින් මගෙ love එකනේ.😉

   ඒ..මොනාද ඔය කියනේ 😳 ඔයා දන්නවනේ මට gf කෙනෙක් ඉන්නවා.

   අනේ... මම විහිලුවක් කරේ.බයටම කොල්ලගේ කන් දෙකත් රතු වෙලා😂 .මම දන්නවා ඔයාට බාර්බි බෝනික්කෙක් ඉන්නවා කියලා.😂

  එයාට එහෙම කියන්න එපා.ඔයා එයා ගැන හරියටම දන්නේ නෑනේ 😒

  අම්මෝ තරහ ගියාම ඔයා තවත් cute😁😉

  මෙන්න මෙහෙ එනවා විකාර කියවනේ නැතුව.😑

   😂😂😂

...................................................................

  ඉස්සෙල්ලා ඔයාලට මං ගැන කියන්න බැරි වුනානේ.මගේ නම ඇලීසා .ඒත් මාව ලගින්ම ආස්‍රය කරන අය කියන්නේ.හෝලි කියලා.එහෙම කිව්වට ගොඩක් අය නෙවෙයි .මගෙ අම්මායි ජීමිනුයි ජීමින්ගේ අම්මයි විතරයි .මගෙ අම්මා අවුරුදු 5කට කලින් ඇක්සිඩන්ට් එකකින් මාව දාලා ගියා මගෙ තාත්තා ගැන නම් මම මුකුත් දන්නේ නෑ එයා මම ඉපදෙන්න ඉන්න කාලෙම අතුරුදහන් වෙලා.අම්මා කියන විදිහට නම් එයා ගොඩක් හොඳ කෙනෙක්ලු ඒත් මට නම් එයා ගැන ගානක් නෑ.අම්මා නැතුව මම මගෙ ආච්චි අම්මා එක්ක තම හිටියේ අන්තිමේදී අවුරුද්දකට කලින් එයත් මාව දාලා ගියා.ඒ කාලේ ඉදලම මම නිව්යෝර්ක් වලා බෝඩිං school එකකට ගියේ.ආච්චි අම්මාත් නැති නිසා මම ඒ school එකේම නතර වුනා.school එකේ කවුරුත්ම මාව ගණන් ගන්නේ නෑ.මොකද මම අනාථයෙක් නිසා.මට මුල් කාලේ දුක හිතුනත්.පස්සේ මම මට ඕන විදිහට ඉන්න පුරුදු වුනා.කාගෙවත්  ලොකු කම් බලන්නේ නැතුව.

   ජීමින් ගැන කියනව නම් එයා විතරයි මට ඉන්න එකම යාලුවා.මම කවදාවත් හිතුවෙ නෑ එයා වගේ යලුවෙක් මට ඉදීවි කියලා.එයාව මට හම්බුන වුනේ මෙහෙමයි ,මම වෙනදා වගේම පන්තියේ පිටිපස්සෙම පෝලිමේ කොනේම පුටුවේ වාඩිවෙලා පොතක් බලාගෙන හිටියේ.පන්තියේ කෙල්ලෝ හුස්ම ගන්න බෑ වගේ කෙදිරී ගානවා ඇහුන නිසා මම ඔලුව උස්සලා බැලුවාම දැක්කේ අපේ පන්තිභාර මැඩම් රීටා එක්ක ලස්සන කොල්ලෙක් පන්තිය ඉස්සරහ හිටියා."අලුත් ලමයෙක්".මට මොකද කියලා මම ආයෙත් පොත බලන්න ගත්තා.එක පාරටම ආයෙත් කෙල්ලො සූ ගාන නිසා ආයෙත් මම බැලුවා.බලනකොට අර අලුත් කොල්ලා මගෙ ඉස්සරහ හිට ගෙන හිනා වෙවී ඉනවා.ඊට පස්සේ එයා මගෙන් ඇහුවා මගෙ එහා පැත්තෙන් වාඩි වෙන්නද කියලා .මාත් ඔලුව වනලා හා කිව්වා.පන්තියේ කෙල්ලෝ මට දාගෙන රවනවා.මම ඒවා දැක්කේ නෑ වගේ හිටියා.ටිකකින් ආයෙත් අර කොල්ලා කතා කරලා එයාගෙ නම කිව්වා.එයාගෙ නම ජිමින් .මමත් මගේ නම කිව්වා.එයත් මාත් එක්ක හොදට කතා කරා.මෙච්චර දවස් යාලුවෙක් නැතුව හිටිය මට අන්තිමේදී හොඳ යලුවෙක් හම්බුනා.එයාගෙ අම්ම තමා PJ group එකේ owner එයත් මම වගේම තාත්තාව දැකලවත් නෑ.අපි දෙන්නම එක වගේ.එයාගෙ අම්මත් මට මගේම අම්මා වගේ සැලකුවා .college එකේ කෙල්ලෝ නම් මට දැන් ඉස්සරටත් වඩා කැමති නෑ.ජීමින්ගේ gf ගැන කියනව නම් එයා ගොඩක් ලස්සන ගෑනු ලමයෙක් .හරියට නිකන් බාර්බි බොනික්කෙක් වගේ.මම එයාට බාර්බි බොනික්කෙක් වගේ කියනවට ජීමින් කැමති නෑ .මාත් ඉතින් මොචීව අව්ස්සන්නත් එක්ක ඒක කියනවා.

---------------------------------------------------------

---------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Holly 👆

ඔන්න demigods කතාවක් පටන් ගත්තා .පළවැනි chapter එකට මෙච්චරයි .intro කතාව ඇතුලෙන්ම හම්බ වෙයි.

ඔයාලගෙ අදහස් කියාගෙන යන්න.ඔය යටින් තියෙන් තරුවත් ඔබාගෙන යන්න .මේ author ගැන හිතලා.

ඉක්මනින් අනිත් chapter එක දාන්න බලන්නම්.අනිත් කතාවලටත් එහෙම්මම තමා.(මම හරි කම්මැලියි.දන්නෝ දනිත්😴)

Bye චිංගුලා.🤗💜️

Dinu_shooky 🐞

~ ° 𝐃𝐀𝐔𝐆𝐇𝐓𝐄𝐑 𝐎𝐅 𝐓𝐇𝐄 𝐒𝐄𝐀 ° ~ || ᴋᴛʜ [on hold]Where stories live. Discover now