20th Chapter ✌️

Start from the beginning
                                    

" මේ රූම් එකේ තමයි ඔයාගේ ඔම්මා හිටියේ... "

ජොන්ග්  එහෙම කියද්දි යුංගී ටිකක් පුදුම වුනත් ආයෙත් හිත සංසුන් කරන් බිම බලන් දෙයක් කල්පනා කලා...

"( ඔහ් හරි එදා වහලා තිබ්බේ මේ රූම් එක.. )"

" මේක මෙච්චර කල් අපි වහලා තිබ්බේ .. හේසූ නැති වුනාට පස්සේ මං මේකට ආපු පළවෙනි පාර.. දොන්ග් මින් මේ රූම් එක අස්කරලා තියා ගන්නවා ... "

ජොන්ග් කීවේ ලොකු හුස්මක් පිට කරන ගමන්...

" හේසූ කියන්නේ මං හිතින්ම ආදරේ කල පළවෙනි කෙනා.. ඒත් අපේ අප්පාගේ බලකිරීමට මට වෙන කෙනෙක් මැරි කරන්න වුනා.. ඒ ගැන මං හේසුට කීවම එයා මාව තේරුම් නොගෙන මාව දාලා ගියා.. ටික දවසකින් හන් ගගෙන් නාදුනන කාන්තා මළසිරුරක් හම්බුනා.. මං පිළිගත්තේ නෑ ඒ හේසූ කියලා.. ඒ නිසා මං හේසුව දිගටම හෙව්වා . මට එයාව හම්බුනේ නෑ...ඒ නිසා මං අන්තිමට හිත හදාගෙන අප්පාගේ යෝජනාවට කැමති වෙලා යේරිව මැරි කලා.. යේරී කියන්නේ හෝසොකගේ වගෙම සූබීගේ ඔම්මා.. එයා ගොඩක් වෙනස් කෙනෙක්.. හේසූ හිත උණුවෙන හරි අහිංසක කෙනෙක් ... ඒත් යේරී කියන්නේ ගොඩක් නපුරු කෙනෙක්.. ගෙදර සේවකයන්ට  උනත් එයා සලකන්නේ ගොඩක් නරක විදිහට.. මං ඒ කාලේ සෙල්ලක්කාර චරිතයක්.. ඒත් මං එහෙම හිතක් පපුවක් නැති කෙනෙක් නෙවේ... ඒ නිසාම මට යේරිගේ ගතිගුණ පෙන්න බැරි වුනා.. අපි අතර නිතරම රණ්ඩු වුනා.. ඒත් හෝසොක්  මගේ පුතාව හම්බුනාට පස්සේ මං යේරිට හොදින් ඉන්න උත්සහා කලා. මං මගෙ පුතාට ගොඩක් ආදරෙයි.. මං ඒ නිසාම යේරි රණ්ඩු වෙන්න එන හැම වෙලේම පුතා නිසා ඉවසන් හිටියා...
ඒත් නොහිතුව විදිහට මට ආයෙත් හේසුව හම්බුනා... එතකොට මගේ පුතාට අවුරුද්දක් වගේ.. එදා මට පළවෙනි පාරට හිතුනා මං ගත්ත තීරණේ වැරදී කියලා.. මං තව ටිකක් හොයලා බැලුවනම් මට හේසුව හොයා ගන්න තිබ්බා.. මොකද හේසූ ඉදලා තියෙන්නේ අපි ලගමයි.... ඒ මගේ නංගිගේ ළමා නිවාසේ.... "

ජොන්ග්  එහෙම කියන ගමන් බැලුවෙ යුංගිගේ මූන දිහා.. යුංගි පුදුම වෙලා බලන් හිටියේ ඊළගට කියන්න යන දේ ගැන අපේක්ෂාවෙන් වගේ...

" ඔව් පුතා හිටිය ළමා නිවාසේ.. ඒකේ මේට්‍රන් ජොන්ග් ජී වොන් කියන්නේ මගේ නංගී.. "

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now