12th Chapter ✌️

428 144 86
                                    

හෝබී කාර් එකේ දොර ඇරලා මින්හාව ඇතුලෙන් වාඩි කරවලා ඇවිත් වාහනේ අරන් ගියේ මින්හා කීයටවත් නොහිතුව තැනකට...

" මෙහේ?... 😲 සොම්බේ ... "

" ඇයි ඔයා කැමති නැත්ද මෙහෙට? "

" මොනාද අහන්නේ.. 😭 මං මෙහෙට ගොඩක් ආසයි.. මං කවදාවත් මෙහෙට ඇවිත් නෑ... "

හෝබි මින්හාව එක්ක ඇවිත් තිබ්බෙ Seoul Lotte World එකට..

හෝබි මින්හාව එක්ක ඇවිත් තිබ්බෙ Seoul Lotte World එකට

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


(ඔයාලා මේ තැන ඩ්‍රාම වල එහෙම දැකලා ඇතිනේ.. 😭 හෑ... යන්න ඕනේ.. )

මින්හා පොඩි කාලෙම එයාගේ ඔම්මා අප්පා නැති වුන නිසා  මේ වගේ තැනකට කවදාවත් කවුරුවත් එක්ක ඇවිත් තිබ්බේ නැහෑ.. ඒ වගේම ලොකු වෙලත් මේ වගේ තැනකට ඇවිත් වියදම් කරන්න සල්ලී මින්හාට තිබුනෙත් නැහෑ.. ඒ නිසාම කෙල්ලට එතනට ආව ගමන් ඇස් වලට කදුලු පිරුණා...

" සොම්බේ .. 😭 "

" හේ.. මේ මොකද?.. අඩන්නද දැන් හදන්නේ?  එන්න යන්. "

හෝබී මින්හාගේ ඇස් වලින් බේරුන කදුලු ඇගිල්ලකින් ආදරෙන් පිහිදලා මින්හාගේ අතින් අල්ලන් පාර්ක් එක ඇතුලට එක්ක ගියේ හරියට පොඩි ළමයෙක්ව එයාගේ අප්පා පරිස්සම් කරනවා වගේ ...හෝබී මින්හාව දැක්කේ එයාගේ නංගී වගේ.. මොකද සූබීට පස්සේ හෝබීගේ හිතට ළං වුනෙ එකම කෙල්ල මින්හා නිසයි....

" ම්ම්.. ඔයාට මොකද්ද මුලින් කරන්න ඕනේ?"

" අපි අරකේ යන්.. 🙂 "

" ම්වෝ?.. අර..අරකේ?.. යා අපි මෙතනට ආව විතරනේ.. ආව ගමන් ඒකේ යන්න ඕනේද? "

" දේ 🙂 "

මින්හා පෙන්නුවේ ඒ වෙනකොටත් මිනිස්සු මහා හයියෙන් කෑගගහ යන රෝලර් කෝස්ටර් එක...හෝබී ජීවිතේ බයම දේ ඇහුවොත් කියන්නේ රෝලර් කෝස්ටර් එක කියලා.. 😂 කොච්චර චන්ඩියෙක් වුනත් මේ වගේ පොඩි පොඩි දේවල් වලට බය එක සාමාන්‍ය දෙයක්.. හරියට ඉන්ජෙක්ෂන් කට්ටට වගේ..

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Wo Geschichten leben. Entdecke jetzt