19th Chapter ✌️

Start from the beginning
                                    

" 😆 අනාතයෙක් කල අය?.. උබ කොහොමත් අනාතයෙක් තමයි.. අපේ අප්පගේ හොර ගෑනිගේ ළමයා කියන්නේ උබ කොහොමත් අවජාතකයෙක්.. "

" හෝසොක්ක්ක්ක්..!!!! "

හෝබී  අපහාසෙට හිනා වෙනගමන් කියද්දී  ජොන්ග්  හෝබීගේ කම්මුලට පාරක් ගැහුවා.

" 😡 ඇයි අප්පා.. ඔයාට රිදෙනවද ?.. මං කීව දේ වැරදි නෑනේ... ඒකනේ ඔයාට රිදෙන්නේ? "

" හෝසොක් ... කටවහාගන්නවා .... තමුන් ඔච්චර හිතක් පපුවක් නැති එකෙක් වුනේ කොහොමද ?.. මේ ළමයාට එහෙම වුනෙත් තමුන්ගේ ඔම්මා නිසා... ඒක මතක තියා ගන්නවා.. "

ජොන්ග්  හෝබීට කෑගහද්දී යුංගී දෙන්නා දිහාම බලන් හිටියේ කලකිරීමකින්...

" තමුසෙත් ඒ කියන්නේ මේ දේවල් දැනන් හිටියා...?"

යුංගී ඇහුවේ හෝබී දිහා තරහෙන් බලන ගමන්...

" 😆 දේ.. ඇයි උබ හිතුවද මට උබ එක්ක තිබ්බ තරහා නිකන් එකක් කියලා ද.. මං උබ ගැන  හොයා ගත්තේ උබව එදා මට පළවෙනි පාර හම්බුන දවසෙමයි... මගේ දොන්සෙන් ( සහෝදරයා )  "

හෝබී කීවේ  යුංගී දිහා කටකොනකින් හිනා වෙලා අප්‍රසන්න විදිහට බලන ගමන්...

Flashback ....

** සූබීගේ සිද්දිය සම්බන්ධව යුංගිව හෝබීගේ කට්ටිය ගෙනාව දවස **

" ( මූ.. 😐 මූට තියෙන්නෙ එයාගේ මුණමයි... මූ හැදිලා වැඩිලා තියෙන්නෙත් ළමා නිවාසෙක... හරි... බලමුකෝ.) "

හෝබී යුංගීට තර්ජනේ කරල යැව්වට පස්සේ ඒයාගේ ගැන්ග් එකේ කෙනෙක්ව හොබී ලගට ගෙන්න ගත්තා..

" අරූ හිටියා කීව ළමා නිවාසේ මොකද්ද ?. "

* බොස් Ae Hyung Childrens Home * 

" වට්?.. ජි වොන් ඔම්මාගේ ළමා නිවාසේ ?.. ඒක වෙන්නේ කොහොමද .. බැරි වෙලාවත්.. 😖 ඒ කියන්නේ ජි වොන් ඔම්මා අපිට බොරු කලා කියන එකද... "

හෝබී හිතේ ඇති වුන සැකෙත් එක්කම දවස් ගානක් යුංගිව ෆලෝ කරලා යුංගී ගැන හැමදේම හොයා ගත්තා..

ඒ නිසාම හෝබීට යුංගී ගැන තිබ්බ තරහා වෛරයක් වුනේ හෝබීගේ ජීවිතේ මේ වගේ තත්වෙකට වැටෙන්න යුංගිත් හේතුවක් නිසයි...

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now