🐨 ඔයා හරියට එයා වගේමයි.
.
.
.
.
.
.
- Kim's house -

තාලෙට විසිල් කරමින් ටවල් එකෙන් කොණ්ඩේ පිහිද පිහිද පිරිසිදු වී බාත්රූම් එකෙන් පිටතට පැමිණි ජන්කුක් දුටුවේ කිසිදා නොදකින දර්ශනයක්. ඇස් දෙකත් හීනි කරන් කට කොනින් හිනා වී බිත්තියට හේත්තු වී අත් දෙක බැඳන් ඉන්න ඔහුගේ පුංචි මල්ලිව දැක්ක ජන්කුක් පුදුමයෙන් ඇස් දෙකත් ලොකු කරමින් ඔහු දෙස බලන් හිටියා.

- "ථේ?"

- "හ්ම්... ථේ තමයි."

එසේ පැවසු ථේ හිමින් හිමින් එක අතක නියපොත්තක් සපා කමින් පිඹ පිඹ නියපොත්ත බිමට විසි කල කට කොනින් සිනා වී අමුතු සරාගි බැල්මක් දමා ජන්කුක් ළඟට පිය මැන්නා. කුමක් දෝ හේතුවකට ජන්කුක්ගේ සිත එවෙලේ වේගයෙන් ගැහෙන්න ගත්තා. ථේ තමන් දෙසට එන විදිහෙන් හිත හිරි වට්ටන අමුත්තක් දැනුනයින් ජන්කුක් පිටිපස්සෙන් පිටිපස්සට ගියේ වේගයෙන් ගැහෙන හදවතත් සමඟ දැනුණු අමුතු බයක් සමඟින්.

- "ථේ... මොකද මේ?"

කින්ඩියට හිනා වුණු ථේ ජන්කුක් ඉස්සරහට හිමින් ඇවිද ගොස් ජන්කුක්ව බිත්තියටත් තමන්ටත් මැදි කරමින් ජන්කුක්ව හිර කර ගත්තා.

- "හ්ම්.... සුවඳයි."

ථේ ජන්කුක්ගේ මුහුණ ළඟටම ගොස් ඇස් පියන් ජන්කුක්ගේ සුවඳ විඳිමින් එසේ පැවසු විට ජන්කුක්ගේ කම්මුල් තක්කාලි ගෙඩි වගේ රතු වුණා. බිම බලාගත් ජන්කුක් දිහා බලමින් කට කොනින් සිනහ වුනු ථේ ජන්කුක්ගේ කනට රහසින් මිමිණුවා.

- "කෝ... අප්පායි ඔම්මයි?"

එකවරම ථේ අහපු දෙයින් ඇස් ලොකු කරන් ථේ දෙස බලපු ජන්කුක් තමන් හැසිරුණු විදිහ ගැන ලැජ්ජාවක් ඇති වී එක්වරම ථේව පස්සට තල්ලු කලා.

- "ආහ්... ෂිට්... ථේ..."

රවමින් ථේ දෙස බැලූ ජන්කුක් ඉක්මනට closet එක ළඟට ගියේ දැනුණු අපහසුතාවයටත් කලින් නිකරුණේ මූණ රතු කරගත්ත එකට දැනුණු ලැජ්ජාවටත් එක්ක. ඒත් එක්කම හයියෙන් හිනා වුණු ථේ බිත්තියට හේත්තු වුණා.

- "මොකෝ තමුන් හිතුවේ මං මොනවා කරන්න ආවා කියලද?"

- "ආහ්... යන්න ථේ විහිළු නොකර."

සිනා සී පැවසු ජන්කුක් දෙස බලා සිනාසුනු ථේ එක්වරම යමක් මතක් වී මෙන් ඔළුව දෙපැත්තට වනා එතනින් පිටව යන්න හැදුවා. ඒත් එක්කම ජන්කුක් කතා කලායින් දොර ළඟට ගොස් හැන්ඩ්ල් එකට දික් කරපු තමන්ගේ අත පහළට දමා නැවතත් අනිත් පැත්ත හැරුණු ථේ එක ඇහැක් උස්සලා ප්‍රශ්නාර්ථ බැල්මක් ජන්කුක් දෙස හෙළුවා.

- "ඊයේ රෑ අප්පයි ඔම්මයි ලීසලගේ ගෙදර ගිහින්. ලීසගේ ඔම්මට ටිකක් සනීප නැති වෙලා."

- "හ්ම්"

ථේ ක්ෂණික පිළිතුරක් දී ඉක්මනටම ජන්කුක්ගේ කාමරයෙන් පිටතට පැමිණ තමන්ගේ කාමරේ වෙතට දිව්වේ තමන්ට සිදු වුනු දේ සිතා ගන්න බැරුව. කාමරයට ගිය ථේ හයියෙන් දොර වහලා බිම ඉඳගත්තේ තමන් දැන් පැටලුනු නූල් බෝලයක් කියා සිතමින්.

🐯 ආයිෂ්... ඒ හිනාව.... ආහ්... මං මේ මොනවද හිතන්නේ? මං මොනවද ඒ කලේ? එයත් එක්ක එකට හිනා වුණේ. ඇයි? ඇයි? ඒ ඒ.... මදිවට මට හීනෙන් පේනවා එයා මාව යට කරන් මගේ සාමාජිකයව සතුටු කරනවා. මොන මඟුලක් ද මේ වෙන්නේ? 

ටික වෙලාවක් තමන්ගේ අත ඔළුවට ගහන් හිතත් සමඟ වාද කරමින් සිටි ථේ හොඳ හුස්මක් ගනිමින් නැගිට්ටේ තමන්ගේ පලිය ගන්න තියෙන හොඳම ක්‍රමය ගැන හොදටම සිතා එක් අරමුණකින්. අත මිට මොලවන් නැගිට්ට ථේ හොද හුස්මක් අරන් පහලට දාලා ඇස් ඇරියේ ජන්කුක්ගේ රිදවීම ආරම්භ කරන්න හිතාගෙන.

- "ඔව්... මං කරන්න ඕන එකම දේ... මේක තමයි."

●・○・●・○・● - ・○・●・○・●

මගේ කතාව කියවන වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩ ගොඩාරියක් ස්තූතියි.... 🤗🤗😘😘😘😘😘 ආදරෙයි අහස තරම්....

රිප්ලයි ප්‍රමාද විම ගැන සමාවෙන්න. මං පුලුවන් උන ගමන් ඔයාලා හැමෝටම රිප්ලයි කරන්නම්. 😘😘 මං ඔයාලගේ අදහස් ඔක්කොම කියවනවා ලමයි. 🤗 ස්තූතියි හැමෝටම.

එහෙනම් ඊළඟ කොටස අරන් ආයෙත් එන්නම්.
මං මේක දෙන්න නෙමෙයි හිටියේ. ඒත් මගේ විශේෂයෙන් ඉල්ලපු මිතුරියක් නිසා දුන්නේ. 🤭

Sorry it's too late. 😬😬 This chapter is for you my dear friend Najima 🥰 And thanks for reading my story. ❤

Lv u all 💜සරන්හේ ❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lv u all 💜
සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now