9th Chapter ✌️

Start from the beginning
                                    

" එහෙමද?.. මං ආවේ ඔයාගෙන් සමාව ගන්න මින්හා... මට ඕනේ නෑ  ඔයාගේ පෞද්ගලික ජීවිතේට ඇගිලි ගහන්න.. ඒත් ඊයේ ඔයා කීවා දේ නිසයි මං එහෙම හැසිරුනේ... මට සමාවෙන්න ... ආයේ මං ඔයාගේ ජීවිතේට එන්නෑ.. 🙂 ඔයා සතුටෙන් ඉන්න.. "

යුංගී මින්හාව තවත් රිද්දන්න බැරි නිසාම එයාගේ කැමැත්තට ඉඩ දීලා යන්න හදලා ආයෙත් නැවතිලා මින්හා ලගට ආවා...

" මොනා කරත් පරිස්සමෙන් .. 🤨 සමහරු පෙන්වන මූන නෙවේ තියෙන්නේ.. මං ඔයාගේ යාලුවා වගේ ඉන්නම්.. හැමදාම.. ඔයාට ඕන වෙලාවකදි මට කතා කරන්න මින්හා.. ඉස්සර වගේම .. මං කීවේ පොඩි කාලේ වගේ.. මං යන්නම්.. බායි.. "

යුංගී මින්හාගේ ඔලුව අතගාලා එතනින් යන්න යද්දී මින්හා ඇස් දෙකත් ලොකු කරන් යුංගී කියන එක අහන් ඉදියේ කිසි දෙයක් හිතා ගන්න බැරුව.. හොබී ඇස් දෙකත් හීනී කරන් යුංගි දිහා බලන් දත්මිටි කෑවේ ආව කේන්තිය මින්හා ඉස්සරහා පෙන්වන්න බැරි නිසයි...

" මට සමාවෙන්න සොම්බේ ...😔 යුංගී හැම වෙලේම ඔහොමයි.. "

" ම්ම් ක්වෙන්චනා ... මට ප්‍රශ්නයක් නෑ.. ඔයාට එයා එක්ක කතා කරන්න ඕනේනම් කතා කරලා එන්න.. "

" දැන් ඕනේ නැහෑ සොම්බේ .. ඉතින් සොම්බේ මට කියන්න ගිය දේ කියන්නකෝ.. 🙂 "

" අනී.. පස්සේ.. 😊 ඕකේ.. මට දැන් යන්න ඕනේ.. පරිස්සමෙන් ඉන්න.. මං ඔයාව හවසට හම්බෙන්නම්.. "

"දේ... සොම්බේ "

හෝබී මින්හාගේ උරිස්සෙන් අල්ලලා කියලා ලස්සනට හිනා වෙලා යන්න හැරුනේ එ ක්ෂණිකව මූන ආයෙත් තරහෙන් රතු කර ගන්න ගමන්..

-----------------------------------------------------------------

Meanwhile Mr.Jung..

" එයාට තියෙන්නේ එයාගේ හිනාවමයි..ඒත් එහෙම වෙන්නේ කොහොමද දොන්ග් මින්.."

" මහත්තයා ?.. කවුරු ගැනද කියන්නේ "

" අර දොන්ග් මින් එක්ක ආව ළමයා.. එයාට තියෙන්නේ හේසූ ගේ හිනාවමයි.. "

" මටත්  ඒකම හිතුනා මහත්තයා ... "

" ඒ ළමයා දොන්ග් මින් ගේ නංගිගේ පුතා නොවුනනම් මං ඇත්තටම ඒ එයා කියලා හිතයි.. "

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now