8th Chapter ✌️

Start from the beginning
                                    

යුංගී ටික වෙලාවක් බයේ ඉදලා තඩි කෙල ගුලියකුත් ගිලලා එක පිම්මට දුවලා ගේට් එකෙන් එළියට ඇවිත් එළියේ තිබ්බ කන්ඩියකින් වාඩි වුනා...

" ආහ් දැන් මං මොකද කරන්නෙ.. 😐 මාරයගෙ කටටද මං ඉදලා ඉදලා ආවේ..මෙතන ජිනා හිටියනම් කලන්තෙත් දාලා.. කෝකටත් ජිනාට කෝල් එකක් ගන්න ඕනේ.. "

යුංගී phone එක අතට ගත්තේ කෝල් එකක් ගන්න හිතාගෙනයි... ඒත් ඒ වෙලාවෙම මින්හා ගෙන් යුංගිට කෝල් එකක් ආව නිසා යුංගී ටිකක් කලබල වුනේ මේ වෙලාවේ සාමාන්‍යයෙන් මින්හා යුංගීට කෝල් නොකරන නිසයි..

" යොබොසෙයෝ මින්හා..? "

" යොබොසෙයෝ ...මං මේ කතා කරන්නේ මේ phone එක අයිති කෙනානම් නෙවේ.. මේ කෙනා හොදටම බීලා.. එයාගේ phone එකේ උඩම තිබ්බ නම්බර් එකට මං කෝල් කලේ.. "

" ආයිෂ්.. 😑 මේ කෙල්ල.මං බය වුනා... අහ් දේ... එයා කොහෙද ඉන්නේ? "

" එයා ඉන්නේ ගන්ග්නම් වල සාම්සොන්ග්රෝ වල ස්ට්‍රීට් ෆුඩ් හට් එකක.. "

" අහ් දේ මං දැන්ම එන්නම්.. "

යුංගී කොල් එක කට් කරලා එහෙන්ම දුවගෙනම ගියේ මින්හා ඉන්නවා කීව තැනට එතන ඉදන් වැඩි දුරක් නොතිබුන නිසයි..

විනාඩි 15කින් විතර යුංගී මින්හාව හොයාගෙන කඩේ කෙනාගෙන සමාවත් අරන් මින්හාව කරේ තියාගෙන අරගෙන ගියේ ලග තිබ්බ පාර්ක් එකක් ගාවට.. මින්හාව පාර්ක් එකේ බෙන්ච් එකකින් වාඩි කරවලා යුංගී ලග තිබ්බ ශොප් එකකින් වතුර බොතලයක් අරන් ඇවිත් මින්හාගේ මූණ ටිකක් පිහදලා වතුර ටිකක් බොන්න දුන්නා...

" මින්හායා... ඇයි මේ... ?  ඔයා ඇයි අද බිව්වේ? "

" ම්ම්...අදාඅජ්ස්ජ්ජ්ස් ඔම්බබ්ස්ජ්ස් අඵ්ශ්හ්හ්හ් ගේන්ජ්ස්ජ්ස් මරණ සජ්ජ්ස්ජ්ඩ්ඩ්ස්ජ්..

" ම්වෝ?... "

මින්හා වෙරි මරගාතෙන් කියාගෙන යද්දී යුංගිට ඒ කිසි දෙයක් තේරුනේ නැහෑ...

" මින්හා... නැගිටින්න.. "

"....... "

" මින්හායා... නැගිටිනවකෝ... "

" ම්ම්ම්..... "

යුංගි මින්හාව අත් දෙකෙන් අල්ලලා ටිකක් හොලවලා කෙල්ලව යන්තම් සිහියට ගත්තා...

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now