- "මගේ පුතේ... මට ඔයා ගැන හරිම සතුටුයි. ඔයා නම් වාසනාවක් දරුවෝ." 

මිස්ටර් කිම් එසේ කියමින් අත් දෙක දෙපැත්තට විහිදා දුවගෙනවිත් ජන්කුක්ව තදින් බදාගත්තා. ටිකකින් ජන්කුක්ගෙන් ඈත් වුන මිස්ටර් කිම් තවමත් පුදුම වෙලා ඉන්න ජන්කුක් දිහා බැලුවේ ලාවට සිනහවෙමින්.

- "මොකෝ පුතේ මේ පුදුම වෙලා?" 

- "අහ්ම්... අප්පා. මේ......" 

- "මං දන්නවා. අද පරක්කු වුන නිසා හිතුවේ මං දෙහි කපයි කියලානේ." 

එසේ කියු මිස්ටර් කිම් හයියෙන් සිනාසි නැවතත් කතා කලේ ජන්කුක්ගේ උරහිසට අතකුත් තියන්.

- "මං දැක්කා අද ඔයයි ජිමින් පුතයි හොඳ යාළුවෝ වගේ කතා කර කර හිටියා. ඉතින් හෙට වැඩේ successනේ." 

එතකොටයි ජන්කුක්ට වගේම ථේටත් මිස්ටර්ගේ කිම්ගේ අමුතු හැසිරීම වැටුහුණේ. අවුරුදු ගාණක ඉඳන් මිස්ටර් කිම්ගේ තිබූ සිහිනය හැබෑ වෙන බව දැනෙනකොට සතුටු නොවි කොහොමද?

🐯 ආහ්... මේ විකාරත් බලන්න උනානේ මට. විකාර. මේකට පුදුම වාසනාවක්නේ තියෙන්නේ. මං ඔය වාසනාව නැති කරලා දානවා කොහොමහරි. මං තමුන්ගේ ජීවිතේ විනාස කරනවා ජන්කුක්. විනාස කරනවා.

මිස්ටර් කිම් ජන්කුක්ව නැවතත් බදාගෙන ඔහුව අගය කරනකොට ථේට තවත් එතන ඉන්න බැරි වුණා. ඔහු තරහෙන් පොළොවට කකුළකින් ගසා එතනින් දිව ගියේ තමන්ගේ කාමරය වෙතට.
.
.
.
.
.
.
- 3 a.m in the morning -

සතුටින් ගෙවුණ දවස ගැන සිතමින්ම නින්දට වැටුණු ජන්කුක්ට පාන්දර 3 හොරාවට උගුරේ යමක් හිරවෙන බව දැනී ඇහැරුණා. කහිමින් නැගිට්ට ජන්කුක් ඇඳේ පස්සට වී වාඩි වෙලා තම ඇඳ ළඟ තිබුණු මෙසේ උඩට අත යැව්වේ වතුර ජෝග්ගුවෙන් වතුර වීදුරුවට පුරවන්න හිතාගෙන. නමුත් එහි වතුර නොමැති වුනු නිසා ජන්කුක්ට සිදු වුණා පහලට ගොස් වතුර පුරවන් එන්න. ජෝග්ගුව අතට ගත් ජන්කුක් කාමරෙන් පිටතට පැමිණ පහලට ගියා. ඈනුම් අරමින් අනිත් අතෙන් බෙල්ල අල්ලන් ඔළුව දෙපැත්තට වනමින් නිදිමතේම කුස්සියට ඇවිදන් ගිය ජන්කුක් බිත්තිය අතගා ස්විච් එක දැම්මා. අතේ තිබ්බ ජෝග්ගුව පෑන්රි එක උඩ තිබ්බ ජන්කුක් එතන තිබ්බ කොප්පයක් අරගෙන ටැප් එකෙන් වතුර පුරගත්තා. කෝප්පෙ පෑන්රි එක උඩින් තිබ්බ ජන්කුක්ට පොඩි බඩගින්නක් දැනුනයින් ෆ්‍රිජ් එක ළඟට ගොස් ෆ්‍රිජ් එක ඇර ඒ තුල ඇස් වටේ යැව්වේ කන්න යමක් හොයාගන්න. උඩ රාක්කේ දිලිසි දිලිසි ඇපල් ගෙඩියක් තියෙනවා දැක්ක ජන්කුක්ගේ මුවගට ඉබේටම හිනාවක් ඇදුණේ මේ වෙලාවේ හැටියට මේක හොදයි කියලා හිතමින්.
.
.
.
.
.
.
- Tae Room -

පාන්දර 3ට සුන්දර සිහිනයක් බලමින් සිටි ඔහුගේ මුවගට සිහින් හිනාවක් ඇදී ඇඳේ පෙරලුණා. ජනෙල් රෙද්ද අතරින් එන සිසිල් සුළඟ ඇඟේ දැවටෙමින් අත පය හතර පැති හතරකට විදිහන් double bed එකක සැපට නිදන් හිටිය ථේ උඩ ගිහින් ඇහැරුණේ කවුරුන් හෝ යටිගිරියෙන් කෑ ගහන සද්දේ ඇහිලා.

- "ආහ්හ්හ්හ්හ්........................."

●・○・●・○・● - ・○・●・○・●

කොහොමද මගේ අයිස්පලම් ටික. 🍦🤗 (මේ කතාව ලියන ඕතර්ගේ favorite Ice cream හි හි🤭) රාක්ෂ පැටව් කියන්නද අයිස්පලම් කියන්නද? ඔයාලගේ කැමැත්තට ඉඩ දෙනවා. කියන්නකෝ 🙃

මං දැක්කා කතා ඉල්ලලා තියෙනවා. 🥰 මට ගොඩක් සතුටුයි. නමුත් පේන විදිහට මගේ රීඩර්ස්ලා මගේ announcement එක දැකලා නෑ වගේ. මට තව සති කිහිපයකින් Exam එකක් ලමයි. පාඩම් වැඩයි ජොබ් එකයි එක්ක චුට්ටක් විතර බිසී. 🙃 ඒත් මං මේ ආවේ පොඩ්ඩක් අවුස්සන්න කියලා. 🤭 මට ඔයාලා නැතුව පාලුයි අලේ.

ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩාක්. ❤💙 කමෙන්ට් වෝට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි....

මෙන්න මගෙන් අයිස්ක්‍රීම්🍦🍦🍦🍦🍦🍦

Special note 🚫

මෙතනින් එහාට ගොඩාක් දේ සිද්ද වෙනවා. 18ට අඩු අය මේ කතාව කියවන්න එපා කියලා මං මුලදිම කිව්ව නිසා මං හිතනවා නොකියවන්න ඇති කියලා.

මට කියන්න තියෙන්නේ මෙතනින් එහාට සංවේදි තැන් වගේම රේප් සහ රුධිරය වැගිරීම් වගේ ගොඩාක් ශෝකාන්විත තැන් තියෙන්න පුලුවන්. මම ඒ එකින් එක කියන්නේ නෑ. කෙලින්ම දාන නිසා දැන්ම කියන්නේ 🙂

මෙතනින් එහාට Smut, Abuse, Rape, Sad, Pain, Revenge කොටස් අන්තර්ගත වන බව කරුණාවෙන් සලකන්න. 🔞⚠️

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

හැමෝම streaming නේද ලමයි 🙈 මමත් කොච්චර කාර්යබහුල වුනත් streaming අමතක කරන්නේ නෑ. 🙃 දිගටම කරමු....

Fighting Army 💜

Fighting Army 💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now